දඹුල්ලේ ස්ථාන තුනකදී අද (16) අලුයම සිදුවූ අනතුරු තුනකින් සිව් දෙනකු මියගොස් 36 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තිදෙනකු ගමන් ගත යතුරු පැදියක් දඹුල්ල නගරයේ දී වැලි ලොරියක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් තිදෙනාම එම ස්ථානයේදීම මියගොස් ඇත.
දෙහිඅත්තකණ්ඩියේ සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික බසයක් පැල්වෙහෙර ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එක් අයෙක් මියගොස් 28 දෙනෙක් තුවාල ලැබූහ.
කොළඹ සිට මඩකළපුව දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් මිරිස්ගෝනියහන්දියේ දී අඩි 15ක් පමණ පල්ලමකට පෙරළීමෙන් 8 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවලකරුවෝ දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිමත් කම තමයි අනතුරු වලට ප්‍රධානතම හේතුව (දී)
යතුරුපැදියේ ගිය අය ගැන අදහස් දක්වා වැඩක් නැහැ. ඉතිරි අනතුරු ගැන නම් කියන්න ඇත්තේ අපරික්ෂාකාරී ලෙස, මඟ මරුවන් ලෙස රිය පදවන අයට උපරිම දඬුවම් ලබාදීමට නීති පැනවිය යුතුයි .නමුත් එය කවදාවත් සිදුවෙන්නෙත් නැහැ. (ස)
මේ ටිකේ නම් A06 පාරේ යන ප්‍රයිවට් බස් වලට අපල කාලයක් උදා වෙලා වගේ. (ස)
පිට බද්දර අයියේ කෑගහන්න එපා ..? ටිකක් හයියෙන් ගියාට කමක් නැහැ කියලනේ තියෙන්නේ අපේ තාත්ත ..?ඉතින් ඒකයි..ඔය සේරමලා දුවන්නේ ඉක්මනට මැරෙන්න ඕන නිසා ...?අපි හිමින් යමු ...?
මිය ගිය සැමට නිවන්ස් සුව (දී)
මිනිස්සුන්ගේ නොමනා කම් නිසා තමයි මෙහෙම වෙන්නේ (දී)
ටයර් ගණන් කරගත්තද? (ස)
මේකට එක හේතුවක් මත්පැන් බී රිය පදවීමි.පළමුවෙන්ම මත්පැන් තහනම් කිරීමට රජයට බලකරන ලෙස බොදුබලසේනවට දෙනුම්දෙන්න. (දී)
ශ්‍රී-ලන්කන් - බොදු බල සේනවට දැනුම් දෙන්නේ මොකටද? ඔක්කොටොම කලින් එයාලට කියන්න නවත්වන්න කියලා. (ස)
දඹුල්ල මේ දවස්වල පුවත් මවනවා. හැබැයි තල ගොයි ගැනනම් කතාවක් නැහැ.(නදී)
පාරවල් ඉද්ද ගැහුවා වගේ තියෙනවනේ. ඉතින් අරිනවා හයියෙන්. මේ තමයි ප්‍රතිපල. මෝඩ මිනිසුන්න්ට කොච්චර කීවත් වැඩක් නැහැ.(නදී)
මිනිසාගේ අධුරධර්ශි වැඩ නිසා වෙන වැඩ (දී)