දිඹුලාගල පවුල් හතලිස් දාහකට අධික පිරිසකට පානීය ජලය සැපයෙන මාදුරුඔය ඉෂඩ්.ඩී ඇළේ මාළු ලක්ෂ ගණනින් මිය යන බව ප්‍රදේශවාසීහු පවසති.ලොකු කුඩා මාළු මෙලෙස මියගොස් ප්‍රධාන ඇළේ සොරොව් වල සිරවී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමන බවද ප්‍රදේශවාසිහු කියති.දිඹුලාගල ජනතාව නියඟයකටද මැදිවී සිටිති.
දිඹූලාගල ප්‍රාදේශිය ලේකම් එස්.ජලදීපන් මහත්මිය පැවසුවේ එම ඇළේ ජල සාම්පල් හතරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් පරීක්ෂණයක් සදහා කොළඹට යවා ඇති බවයි.එම ඇළ මාර්ගයේ ජලය පරිහරණයෙන් වැලකී සිටින ලෙසට මහජනතාව දැනුවත් කර ඇති බවද ජලදීපන් මහත්මිය පැවසුවාය.
දිඹුලාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරිනියක් පැවසුවේ මෙම මසුන් මිය යෑමට හේතුව මෙතෙක් හදුනාගෙන නොමැති බවයි.මාදුරුඔය සහ ඉෂඩ් ඇළ භාර මහවැලි ප්‍රධාන නිලධාරීන් පැවසුවේ මියගිය මාළු ඉවත්කර ඇළ පිරිසිදු කරන බවයි.ඉෂඩ්.ඩී ප්‍රධාන ඇළේ සොරොව් වල යකඩවල මළකඩ ඉවත් කිරීමට යෙදූ රසායනික දියරයක් නිසා මෙම මාළු මිය යන බව ගැමියන්ගේ අදහසයි.
ඇලේ රස්නයත් සමඟ ඔක්සිජන් අඩුවීම මාළු මැරිමට හේතුවක් යැයි කියති. පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයේ ජේ.එම්.පී.යු ජයසුන්දර මහතා කියනුයේ පෙරදින (28) සෙල්සියස් අංශක 37.2 වු උෂ්ණත්වය අද (29) පස්වරු 2.30 වන විට 35.4 ලෙස සටහන් විය. වැසි අත ළඟ බවට මේ තත්වය සුබ ලකුණක් බවත් ඔහු කියති. සුමානයක් ඉක්මෙන්නට පෙර වැසි ලැබෙනු ඇතැයි ගොවියෝ කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපසිංහ මහත්තයා මේ කියන දේවල් මනුෂ්‍යයෝ පිළිගන්න අකමැතියි , මිනිස්සු කැමති බත් කෑවම බඩ පිරෙනවා වගේ දැනෙන දේ විතරක් පිළිගන්න , නැත්නම් මේ මිනිසුන්ගේ ගුණදහම් පිරිහීම සිදුවෙනකොට සොබාදහම විකෘති ආකාරයට ප්‍රතිචාර දක්වනවා. (ර)
හැම තැනම විපත්. (ර)
මෙ ගැන ඉක්මනටම විධිමත් පරීක්ෂණ කරන්න. නැත්නම් මේ වතුර භාවිතා කරන මිනිසුන්ට තව ලෙඩක් හැදෙයි.
ජලයට විෂක් එක් වීමෙන් මෙය වන්නට පුළුවන. (ර)
රට කරන අය කෝ? මේ මොනවද වෙන්නේ? (නි)
මගේ රටට මෙනවා වෙන්න යනවාද මන්ද. එක කාලයක් පාසල් ළමුන්ගේ අහාර විෂවෙලා ළමුන් දුසිම් ගණනින් රෝහල් ගතවුනා. එක එකදිගටම ආවා දැනට නැහැ. ඊළගට තවකාලයක් ඇගලුම් කම්හල්වල සේවයකළ විශේෂයෙන් අපගේ ගැහැණු තරුණ දරුවෝ කෑම විෂවී රෝහල් ගත වුණා සිය ගණනින්. ඊළගට වකුගඩු අසනීප විස රසායනික ජලයට මිශ්‍ර වෙලා. (බ)
මේක ලෝක අවසානයේ සංකේතයක්.. ලංකාවේ විතරක් නෙමෙයි සත්තු ලක්ෂ ගණන් හේතුවක් නැතිව මේ දවස් වල මැරෙනවා සැප්තැම්බර් 27 , 34,000 කට වඩා කුරුල්ලෝ මැරිලා තියනවා කැමරූන් වල10,000 ක් මාළු තුර්කියේ මැරිලා තියනවා. ඒ හේතුව මොකක්ද කියලා කාටවත් හොයාගන්න තාම බැරිවෙලා. (බ)
රූපසිංහ මහතා, මගේ රටට මොකුත් වෙලා නැහැ. බුදුන් තුන් වරක් වැඩිය රටේ පන්සල් බණ ඉවරයක් නැහැ. මේකත් ඒ වගේ දෙයක්. දැන දැනම වතුරට උග්‍ර විෂ මිශ්‍රවෙලා. මේවා කරන අයට මිනිස් ජිවිත සතා සිව්පාවා වැඩක් නැහැ (නි)
මේ නියඟයක් අස්සේ ඉතුරුවෙලා තියෙන වතුර ටිකත් දූෂණය කරනවා (නි)