දින කිහිපයක සිට දිඹුලාගල ඇල්ලේවැව ගම්මානයේ වැවක කොටුවී සිටින වල් අලියකු බේරා ගැනීමට මෙතෙක් බලධාරීන් කටයුතු නොකිරීම නිසා ධීවර කටයුතු කර ගැනීමට නොහැකි වී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
අලියාගේ පිටේ තුවාල දක්නට ඇති බවත්, අලියා බේරා නොගැනීම නිසා වැවේ මිය ගියහොත් වැවෙන් පානීය ජලය ගන්නා ගම්මාන තුනක ජනතාව අපහසුතාවට පත්වන බවත් ඔවුහු පවසති.
මේ ගැන කළ විමසීමක දී වෙහෙරගල වනජීවී කාර්යාලයයේ අඩවි ආරක්ෂකයකු කීවේ අලියාට ප්‍රතිකාර කර මාදුරුඔය රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කරන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදේශය ආශ්‍රිත යුධ හමුදා කඳවුරකින් හෝ ආධාර ලබාගෙන මේ සතාට ඉක්මනින් ප්‍රතිකාර කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)
අනේ පවු , ඉක්මනින් අලියාව ගොඩට ගැනීමට පියවර ගන්න. (ර)
1978දී මම ඔය ප්‍රදේශයට ගොස් මැනීම සඳහා කූඩාරම් ලා ගත්තා. දැන් බොහොම දියුණු ඇති කියා සිතමි (නි)