දඹුල්ලේ පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුවියක තවත් සිසුවියකගේ අතේ පෑනකින් ඉරක් ඇන්දැයි කියන වරදට දඬුවමක් ලෙස ගුරුවරියක විසින් පන්තියේ සෙසු ළමයින් ලවා ‘මම මෝඩි‘ යැයි ඇගේ සිරුරේ පෑන්වලින් ලියැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.
මේ ගැන කළ විමසීමක දී දඹුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් අයි හේරත් මහතා කීවේ එවැනි සිද්ධියක් ගැන දුරකතනයෙන් පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ ගැන කඩිනමින් විමර්ශන සිදු කරන බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ ගුරු මවුවරු පියවරු අඩුවෙලා වැඩිය ඉන්නේ පැය 6ක වෘත්තිකයෝ විතරයි. (ර)
ළමයින්ට වැරදි කලාම දඬුවම් දෙන්න ඕනෑ. මේක ගණන් ගන්න දෙයක් නොවේ. අපි පොඩි කාලේ මීට වඩා ලොකු දඬුවම් විඳලා තියනවා. වැරදි වලට දඬුවම් ලැබෙන තරමට ළමයි හොඳට හැදෙනවා (ම)
මට නම් හිතෙන්නේ ළමයින්ට කලින් සමහර ගුරුවරුන්ව ඉස්කෝලෙකට යවන්න ඕනා කියලයි. අකුරු සාස්තරේ විතරක් නෙමේ, යහපත් ආකල්ප හා මනා පෞරුෂයකින් හෙබි ගෞරවනීය පුරවැසියන් රටතුල බිහි කරන්න පටන් ගන්න ඕනා පාසල තුළිනුයි. නවීන තාක්ෂණයත් සමග හැදෙන වැඩෙන දරුවන්ව තේරුම් අරගෙන නිවැරදි මාවතට යොමු කරවන්න තරම් ප්‍රඥාවන්ත ගුරුවරු වර්තමානයේ ඉතාම විරලයි කියල තමයි මට නම් හැඟෙන්නේ. (ර)
හැමදෙයකම ගුණාත්මක බව එන්න එන්නම පිරිහෙනවා (හේ)
හොඳ දඬුවමක් ,මෙය ඊට පස්සේ නම් ඔය වගේ වැඩ කරන්න තියා හිතන එකක් වත් නැහැ ,(හේ)
ඉස්සරකලේ ගුරුවරු ළමයින්ට දඩුවම් කරේ මතක හිටින්න. එකයි ළමයි හොදින් හැදිලා අපරාද අඩු වුනේ. අද කලේ දඩුවමක් දුන්නම පොලිසි මානව හිමිකම් කොමිසන් ඉහලට දැනුම් දීලා ගුරුවරුන්ට දඩුවම් දෙනවා. මේකෙන් වෙන්නේ ගුරුවරු පාඩුවේ උගන්වලා පඩිය අරන් ගෙදර යයි. දෙමාපියන් දරුවන් ගෙදරදී හදන්නෙත් නෑ. හදන්න ඉඩදෙන්නෙත් නෑ. ලංකාවේ අනාගතය තමයි වැනසෙන්නේ. (හේ)
මට නම් පේන්නේ ගුරුවරු ජනප්‍රිය වෙන්න ඔය දඩුවම් ක්‍රම විලාසිතාවක් කරගෙන වගේ. (හේ)
ගුරුවරුන්ට පුහුණුවක් දෙන්න වෙයි වගේ ඔක්කොටම ඉස්සරවෙලා. (ර)
ගුරුවරු විසින් ළමයින් ලවා දඩුවම් දීම අනුමත කල නොහැකියි. (ර)
මෝඩි කවුද කියලා පැහැදිලියි. (ර)
අනේ මන්දා මෙහෙමත් ගුරුවරු? (නි)
සිසුවකුගේ වරදකට දඩුවමක් අවශ්‍යද? එහෙනම් දියයුතු සහ නොදියයුතු දඩුවම් වර්ගකර දුන්නොත් කොයි ගුරුවරයත් බේරෙයි. (ර)
වැරදි කළාම දඩුවම් දෙන්න ඕන තමයි. දෙන ක්‍රමයනේ වැරැද්ද තියෙන්නේ.ඇත්තටම ඕවා දඩුවමක් ලබන්න තරම් වැරද්දක් කියල මම නම් හිතන්නේ නැහැ. දැන් ඉන්න බහුතරයක් ගුරුවරු ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ. (බ)
ගුරුවරියට සහාය පල කරලා කෑගහන අයගෙන් මන් අහන්නේ. මේ දරුවා මිනියක් මරල නැහැනේ. තව ළමයෙක්ගේ අතේ ඉරක් ඇඳීම කොලුකමට කරන දෙයක්නේ.හොරකමක් තක්කඩිකමක් නෙවේ. අැයි ගුරුවරුන්ට මෙතරම් මානසික ආතතිය....(බ)
ඉස්සර කලේ ගුරුවරු ළමයින්ට දඩුවම් කළේ මතක හිටින්න.එකයි ළමයි හොදින් හැදිලා අපරාද අඩු වුනේ. අද කලේ දඩුවමක් දුන්නම පොලිසි මානව හිමිකම් කොමිසන් ඉහලට දැනුම් දීලා ගුරුවරුන්ට දඩුවම් දෙනවා. මේ සිද්ධියත් ඒවගේ ජනප්‍රිය වෙන්න දරුවන් යොදා ගැනිම අනුමත කරන්න බැහැ (හේ)
අපි එකතුවෙලා ගුරුවරියගේ ඇඟේත් මොනවහරි ලියමු. එතකොට තේරෙයි (නි)
මෙයා කොහොම පත්වීම් ගත්ත කෙනෙක්ද දන්නෙ නැහැ. ඉගෙනගත්ත කෙනෙක් නම් මේ වගේ පහත් මෝඩ වැඩ කරන්නේ නැහැ. අපොයි එහෙම ගුරු පත්වීම් ගත් අයත් ඉන්නවානේ ලංකාවේ! (නි)
ගුරුවන්ට චක්‍රලේඛනයක් වහාම යවන්න, දඬුවම් කළ හැකි සහ නොහැකි ක්‍රම දන්වලා. (නි)
මේ විදිහට යනකොට එක්කෙනෙක් ළමයෙකුට පාරක් ගැහුවොත් ඔය ගුරුවරයා පන්තියේ ඔක්කොටම කියලා ගස්සවනවද? (නි)
වර්තමානයේ සිටින්නේ කටපාඩම් කරගත් දැනුම නැවත වමාරන මන්දබුද්ධික ගුරු පරපුරකි. සමාජ අත්දැකීමක් නැති, ක්ෂණික තීරණ තීන්දු ගතනොහැකි වෘත්තීයෙන් හිස උදුම්මවාගත් පිරිසකි. මෙවැනි පොත් ගුල්ලන් අතින් මෙවැනි දේ සිදුවිම අරුමක් නොවේ. (නි)
හොඳ වැඩක් (බ)
මෙහෙම දේවල් නිතර පුවත්පත්වල එහෙම වාර්තා වෙනවා. මේ ගුරුවරු ඒවා දැකලවත් හැදෙන්න්කෝ. දෙන දඬුවමක් පිළිගත් එකක් වෙන්න එපායැ. කෝ, කවදාවත් හැදෙන්නේ නෑ. දැන් ඉතින් පත්තරේ නම ගම එහෙම වැටෙන කොට සන්තෝෂ ඇතිනේ. (ර)
මේ වගේ දඬුවම් දරුවන්ට දරාගන්න අමාරුයි. (ර)
මේ තරම් දඬුවමක් අනුමත කරන්න බැහැ. (ර)