දඹුල්ලේ පාසලක 10 වැනි ශ්‍රේණියේ සිසුවියක තවත් සිසුවියකගේ අතේ පෑනකින් ඉරක් ඇන්දැයි කියන වරදට දඬුවමක් ලෙස ගුරුවරියක විසින් පන්තියේ සෙසු ළමයින් ලවා ‘මම මෝඩි‘ යැයි ඇගේ සිරුරේ පෑන්වලින් ලියැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේ.
මේ ගැන කළ විමසීමක දී දඹුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් අයි හේරත් මහතා කීවේ එවැනි සිද්ධියක් ගැන දුරකතනයෙන් පැමිණිල්ලක් ලැබුණු බවයි. ඒ ගැන කඩිනමින් විමර්ශන සිදු කරන බව ද ඔහු කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.