රංගිරි දඹුල්ල සංවර්ධන යෝජනා  ක්‍රමය යටතේ ඉවත් කෙරෙන පවුල්වලට රජයෙන් ඉඩම් ලබා නොදෙන නිසා  හඳුනාගත් පවුල් 33 කට  රංගිරි දඹුලු රජමහා විහාරස්ථානය සතු ඉඩම් සංවර්ධනය කැර බෙදා දීමට තීරණය කළ බව  සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ  මහා නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහ නා හිමියෝ  පවසති.

වසර 30 ක්  මේ ජනතාව රජයෙන් ඉඩම් ලබා දෙන තුරු සිටි බවත් එය නොවු තැනදී ජාති භේදයකින් තොරව ඉඩම් ලබා දීමටත් ඔවුන්ට නිවාස ඉදි කැර දීමටත්  දඹුල්ල සංවර්ධන පදනමේ අවධානය යොමු වු බව  මහනා හිමියෝ කියති.

දඹුල්ල පුජා භූමි සංවර්ධන වැඩසටහන යටතේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීමෙන්  නාගරික සංවර්ධන අධිකාරිය මෙම සියලු ඉඩම් දඹුල්ල නාගරික ප්‍රදේශයෙන් පිරි නමන බව  මහ නා හිමියෝ පවසති.