දඹුල්ල රෝහලේ පැතිර ඇති මකුණු උවදුර මර්දනය කරන ආකාරය නිරීක්ෂණය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය එහි ගියාය.
මාධ්‍ය මගින් රෝහලේ තත්ත්වය දැක ඇය එහි පැමිණි බව කීවාය. මකුණු මර්දනය සාර්ථක බව කී ආණ්ඩුකාරවරිය දියුණු තාක්ෂණය යොදාගෙන ජීවානුහරණය කරන ලද දුමක් මගින් රෝහලේ මකුණන් මර්දනය කරන බව කීවාය.
මකුණන් මර්දනය සඳහා රුපියල් හාර ලක්ෂ තිස් දෙදහසක මුදලක් වැය වන බව රෝහලේ අධ්‍යක්ෂකවරයකු කීවේය. දඹුල්ල රෝහලේ ප්‍රසූත වාට්ටුවේ මව්වරුන් හා අලුත උපන් දරුවන්ට ඉඩ කඩ අවමවීම ඇතුළු අපහසුතා රැසක් විඳීමට සිදුවන බව මාධ්‍යවේදීහු ආණ්ඩුකාරවරියට පෙන්වා දුන්හ. ඒ පිළිබඳ සෞඛ්‍ය ඇමැතිවරයාගේ අවධානය යොමු කරවන බව ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන ලොකුම දුර්වලකම තමයි ප්‍රශ්නය උග්‍ර වෙනතුරු කවුරුත් මොකුත් නොකරන එක. මාධ්‍ය මගින් හෝ වෙනත් ආකාරයකින් පෙන්වා දෙන තුරු මේ ආයතන බාර උදවිය මොකුත්ම කරන්නේ නැත්තේ ඇයි? (ර)
උපාලි දන්නේ නැද්ද රෝහල් අධ්‍යක්ෂක තුමා මේකට ෆයිල් එකක් පවත් වගේන යනවා ඒ කලේ ඉදන්ම. උග්‍ර වෙන එක ෆයිල් එකේ වරදක් නෙමෙයි. බොරු නම් අහල බලන්න. (බ)
හැම ඉස්පිරිතාලේකම දොස්තරවරු නෑ. වැඩ කරන අය නැ. හැමෝම පිට වැඩ .ඉස්පිරිතාලේ පඩිය ගන්නවා විතරයි. ලෙඩ්ඩු අසරණයි .පෝලිම් ගණන් ලෙඩ්ඩු එයාල සැප ගන්නවා (බ)
අගය කල යුතු හොද වැඩක්. (ර)
මෙතන වෙන්නේ රසායනික ක්‍රියාවලියක්. රෝහලක් නිසා ගොඩක් පරෙස්සමින් කරන්න වෙනවා. ඉතින් මේ වගේ ගාණක් යන එක පුදුමයක් නෙවෙයි. (ර)