දඹුල්ල වෑවලවැව ප්‍රධාන මාර්ගයේ නිකවටවන දී අද පෞද්ගලික බසයක් පාරේ එරීමෙන් වාහන ගමනාගමනය මුළුමනින්ම අඩාල විය.
පෞද්ගලික හා ලංගම බස් 18ක් පමණ මෙම මාර්ගයේ ධාවනය කැරෙයි.
කාලයක් තිස්සේ මේ පාර අබලන් වී ඇතැයි ද, පැවති කිසිම රජයක් පාර හදාදීමට උනන්දු වී නැතැයි ද ගැමියෝ කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කටුනායක පාරවල් දකිනකොට ලංකාවේ මේ වගේ පාරවල් තියනවද කියල හිතෙනවා. මැති ඇමතිවරු මේවා දකිනවා ඇතිනේ. දැන් බය වෙන්න එපා 2016 වැඩ පටන් ගනීවි. (කෞ)
ඔන්න ලංකාවේ ආණ්ඩුවල තත්ත්වේ. (බ)
ලොකු ලොකු ප්‍රශ්න විසදන්න කලින් රටේ මෙවැනි පොඩි පොඩි දේවල් විසදලා ඉන්න ඕනේ (කෞ)
මේක පාරක්ද ? මටනම් පෙන්නේ කුඹුරක් වගේ කෝ මේ සංවර්ධනය කිවට කරලා ඇති දෙයක් නැහැනේ පහුගිය ආණ්ඩුව මේ ආණ්ඩුවෙන් වත් මොනවහරි කරන්න ඕනේ නේද (බ)
මම 70, 80 දශකවල මේ පාරේ නිතර ගමන් කළා. එකල මේ පාරේ මගී ප්‍රවාහනයට තිබුන හයි ඒස් වෑන් එකක්. ඒක "මහවැලි ඇල" කිට්ටුවදී වලක වැටුනා.පාරේ අනික් පසට වේගයෙන් ගිය බසයේ දුවිලි පහරට රියදුරා වල දැක්කේ නැහැ. වැන් එකේ පිටුපස චැසිය පොලවේ වැදිලා පිටුපස රෝද දෙක වල තුළ එල්ලෙමින් තිබුනා මගීන් ඔක්කොම බැහැලා වැන් ඒක උස්සලා තමයි ගොඩ ගත්තේ .තව වරක් වෑවල ඉඳලා කිඹිස්ස, ලේනව හරහා යන ලංගම බස් එකක ඇක්සල් බෙයාරින් එකක් පැල්වෙහෙර ෆාම් ඒක ළඟදී කඩාගෙන ගියා . මේ පාර කවදාවත්ම හදලා නැහැ . (ර)
පාරට තාර දානවා කියලා තාර කදුළක් දාල නෑ. මට හිතෙන්නෙ එහෙමයි. (ර)
සෑම් කියන විදිහට 70, 80 දශක වල සිට මේ පාර මෙසේම තිබුනා නම්, මෙහි මහජන චන්දයෙන් පත් වෙච්ච වගකිවයුතු අය මොනවාද මේ මිනිසුන්ට කරලා තියෙන්නේ. කාන්තාවන් රට යවන්න එපා කියලා අපි මෙහෙ ඉඳගෙන කෑගැහුවාට දැන් තේරෙනවාද ඇයි දුප්පත් මිනිසුන් මේ වාගේ අපායන්ගෙන් මිදිලා වහල් සේවයට හෝ යන්න හදන්නේ කියලා. තම තමාගේ ගොඩවල් ලොකු කර ගන්නවා මිසක් මෙවැනි මිනිසුන් ගැන බලන්න කව්රුවත් නැහැ. (ර)