බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා ගන්නා භික්ෂූන් සුදුසු සෙනසුන් බලා වැඩම කර ගුණ දහම් පුරන කාලය බිනර පොහොයත් සමග උදා වේ.
ශ්‍රී ලංකාවේ වෙහෙර විහාර රැසකම අද පිංකම් පැවැත්වේ.
ඓතිහාසික දඹුල්ල රජ මහා විහාර මැද පංසලේ ඉපැරණි සෝමාවති චෛත්‍ය ඉදිරිපිට දහසක් උපාසක උපාසිකවෝ පෙහෙවස් සමාදන් වෙති.
පැවිදි ජීවිතයේ තිස් වසර සපිරූ භික්ෂූන් වහන්සේ පනස් නමක් ද මේ පිංකමට සහභාගී වූහ.
අඹගස්වැවේ ශ්‍රී රාහුල හිමියෝ මේ පිංකම සංවිධානය කළහ.
(දඹුල්ල ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)
කැලණිය පුද බිම (ඡායාරූප ලාල් එස් කුමාර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල් සුවඳ පැතිරී සිත් පහන් වේවා! මෙත් සිත් දියුණුවී යහපතම වේවා! මිනිස් සිත් තුල යහගුනම වේවා! සතුට සැනසුම සැමට වේවා!(අ)
සියලු පුරවැසියන්ට "තෙරුවන් සරණයි." සාදු....සාදු ....සාදු...(නදී)
තම සැප ලෙසම අන් සැපටත් තුටු වේවා...අනුන්ගේ දුකට සැම සත හද උණු වේවා...බොදු සිත් මෙන්ම අන් සිත් මෙත් වැඩි වේවා..සාමය සතුට මේ ලොව තුල රජ වේවා.(අ).
කැලණියේ ඡායා රූපත් තියනවනේ. පින්බර බිනර පොහොය දිනක් වේවා !(නදී)
සහභාගී වෙන්න තිබුණා නම් කොතරම් අපූරුද? (නි)
අමා මහ ශාන්ති නායක ලොව්තුරා බුදුරජානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සියලුම ලෝක වාසීන්ට නොඅඩුව ලැබේවා!!!!!! සාදු සාදු සාදු!!!!! (අ)
සද පහන් , ඔයාගේ පදවැල සරලයි,අදහස ගැඹුරුයි. තව තව ලියන්න.ප්‍රණාමය! (නි)
අකුසල් නම් කිසිවක් නොකරන්න. සියලු කුසල් සිත් නිබදව රැස්කර ගන්න. සිත නිබදව පැහැයෙන් සරසා ගන්න. සියලු බුදුහිමි ඔවදන් මෙනෙහි කරන්න. (නි)
සාදු සාදු සාදු සාදු! සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!! සියලු දෙනාටම සම්බුදු සරණයි (නි)
දුර රටවල්වල ඉන්න අපට මේවා දැක්කත් ඇති. සාදු! සාදු! සාදු! (නි)