දඹුල්ලේ පූජු භූමි සංවර්ධන යෝජනාව පංසලේ වැඩක් නොව රජයේ යෝජනාවක් බව ඉනාමළුවේ සුමංගල සියම් නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක හිමියේ උයන්වත්ත රජ මහතා විහාරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අද පැවසූහ.
මහින්ද රාජපක්ෂ ජනපතිගේ උපදෙස් අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙද්දී ප්‍රදේශයේ දේශපාලනඥයකු ඊට අවහිර කරතියි මහනාමිහියෝ චෝදනා කළහ.
1982දී ඇරැඹි පූජා භූමි වැඩ පිළිවෙල අතරමග නතර වූ බවත්, එය වසරකින් නිම කරන ලෙස ජනපති නාගරික සංවර්ධන අමාත්‍යංශයට හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට නියෝග කර ඇති බවත් කී ඒ හිමියෝ ඇතැම් පිරිස් එම වැඩ පිළිවෙළට එරෙහිව බත් පැකට්ටුවට හා අරක්කු බෝතලයට යටවී උද්ඝෝෂණ කරතියි ද පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ සත්ව ඝාතනයට දඹුල්ලේ ඉඩ නොතබමු.(නදී)
මේ අපේ සිංහල රටේ බෞද්ධ උරුමය රැකගනිමු අපේ හාමුදුරුවනේ.(නදී)
පසුබට වෙන්න එපා අපේ හාමුදුරුවනේ. හැමදාමත් සිංහලයා ඔබ සමගයි (නි)
අපේ දේ අපි රැක ගනිමු
අපේ උරුමය සුරකිමු
ටී.බී. තෙන්නකෝන් ඇමතිතුමා නම් දඹුල්ල ජනතාවට හැබෑ ආදරෙන් වැඩ කලා. ජනතාව අතරේම ජීවත් වුනු නායකයෙක්. දැන් එතුමා නැහැ නොවැ.(නදී)
දඹුලු රජමහ විහාරයේ වැඩකටයුතු ඉතාමත් අගෙයි. රන්ගිරි දඹුලු ගුවන් විදුලය, රූපවාහිනී විකාශනය තියෙනවා වගේම ලොකු අඩු පාඩුවකුත් පෙනෙනවා. බෞද්ධ චිත්‍රපට, ජාතක කතා ඇසුරෙන් වේදිකා නාට්‍ය පෙන්වීමට රඟ හලක් නොමැති කම.(නදී)
බුද්ධ දර්ශනය විකෘති කර තමන්ගේ උදර පෝෂණය කරන මෙවැනි හාමුදුරු වරුන්ට බුදුදහමින් නිසි පිළිතුරු ලැබේවි.(නදී)
රන්ගිරි දඹුලු රජ මහා විහාරයට යන පාර හදන්නේ නැති අය තමයි මේකට විරුද්ධ වෙන්නේ. ඒක අහන්නත් දෙයක්ද? ඡන්ද කාලෙට විතරයි මෙයාලට පන්සල්, හාමුදුරුවරු මතක් වෙන්නේ.(නදී)
මේ සංවර්ධනය ඉක්මන් කරන්න. හාමුදුරුවෝ සමග අපි හැමෝම ඉන්නවා. දඹුලු විහාර සංවර්ධනය කාලෝචිත මෙන්ම ඉතාම වැදගත් දෙයක්. (නි)
කෙලින්ම දේශපාලකයාගේ නම් කියන්න අපේ හාමුදුරුවනේ.(නදී)
චතුල වෙරෝනා, යන පුද්ගලයා කුමන ආගමක්ද කියලා හැමෝම දන්නවා. බැටලු හම් පොරවාගත් වෘකයෙක්. එමනිසා ඔහුගේ මෝඩකතා ගැන බෞද්ධයන් කළබල වියයුතු නැත.(නදී)
කතාව ඇත්ත
මේ පංසලට දානය ලැබෙන්නෙ කන්ඩලම හෝටලයෙන් කියල කතාවක් ගියානේද ? දන්නේ නැති නිසයි ඇහුවේ.(නදී)
චතුල වෙරෝනා, ගොන් කතා කියන්න එපා. බුද්ධාගමට අනුව දානය දුගී පැලකින් ලැබුනත්, ගල්කිස්ස මහා හෝටලයෙන් ලැබුණත් දානය දානයමයි. කරුණාකරලා අනුන්ගේ ආගම් වලට ඉරිසියා නොකර තමන්ගේ ආගම පිළිපදින්න.(නදී)
විදේශ සංචාරකයින් කණ්ඩායම් වශයෙන් පැමිණෙන්නේ සතියක පමණ සුළු කාලයකට. කාලයත් වෙලාවත් ඉතුරු කරගැනීමක් වශයෙන් කඳු උඩ ඇති ඓතිහාසික ස්ථාන නැරඹීමේදී " කේබල් කාර්ස් " හෝ මලුව ළඟටම වාහන යාහැකි ක්‍රම වේදයක් සැක සීම සංචාරක කර්මාන්තයට රුකුලක් .වයසක දේශීය,විදේශිකයන්ට සේවාවක් වන අතර ගණනක් අයකලාට ඔවුන් ගණන් ගන්නේ නැත. පඩිපෙල් නගින්න බැරි අපේ උද වියටද උදව්වක්. රන්ගිරි දඹුලු විහාරයට වෙසක් සමයේ දරුවන් සමග බොහෝ දෙනෙක් පාවිච්චි කලේ උඩට පයින් යාහැකි මාර්ගයි. මේ ගැන නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්.(නදී)