ඇතැම් සංවිධායකයින් විසින් දඹදිව වන්දනාවේ රැගෙන ගොස් අතරමන් කැරුණු වන්දනාකරුවන් රැගෙන ඒම සඳහා මිහින් ලංකා යානයක් අද (06) පෙරවරු 9.40 ට කටුනායක සිට බුද්ධගයාවටද,ශ්‍රීලන්කන් යානයක් දකුණු ඉන්දියාවේ ට්‍රිචි ගුවන්තොටටද ගිය බව නිලධරයෝ කියති.
පස්වරු පහ පමණ වන විට කටුනායකට ළඟා වෙතියිද කියති.
චෙන්නායි ගුවන්තොට ගං වතුරින් යටවීම නිසා සඳුදා දිනය දක්වාම වසා දමා ඇත.
එක් යානයකින් වන්දනාකරුවන් 120 ක්ද ,අනෙක් යානයෙන් 190 ක්ද පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ වැරැද්දෙන් වුණත්, විදේශයකදී අපේ රටේ මිනිසුන් අතරමං වූවා නම් රටට ගෙන්වාගැනීම පවතින රජයේ වගකීමක්..! නමුත් මේ සංචාරක සංවිධායකයින්ට නම් හොඳ දඬුවමක් දියයුතුයි. මෙම ලාභදායී ව්‍යාපාරයක් වන " දඹදිව වන්දනා සංචාරක ව්‍යාපාරය " තදින්ම විනිවිද පෙනෙන ලෙස රාජ්‍ය ආයතනයකින් ලෙස නියාමනය වියයුතුමයි. ක්‍රමවේදය උගත් පරිපාලකයන්ගෙන් සකසාගත හැකියිනේ. මන්ද ..? දඹදිව වන්දනාකරුවන් බහුතරය වැඩිහිටි පුරවැසියන් නිසා.මෙම ව්‍යාපාරය අවභාවිත කරන පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකයෙන්ම අසාධුලේඛන ගතකළ යුතුයි, නැවත එම කර්තව්‍යය නොකළ හැකිවන ලෙස. (නි)