සතියක් දඹදිව ගමන්වලින් වැළකී සිටින ලෙස නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා ඉල්ලා සිටී.
ඉන්දියාවේ බුද්ධගයාවේ මහාබෝධි ප්‍රධාන සිද්ධස්ථානයේ අද පෙරවරුවේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් කිසිදු පූජනීය වස්තුවකට හෝ ශ්‍රී ලංකා වන්දනාකරුවනට හානියක් සිදුවී නැතැයි ද මහකොමසාරිස් කියයි.
මෙය ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ඉලක්ක කොට සිදු කරන ලද්දක් නොවන බව අවධාරණය කළ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා මේ සම්බන්ධව සොයා බලා අවශ්‍ය කටයුතු යොදන ලෙසට ජනපති දැන්වූ බවත් කියයි.
ඉන්දියා බිහාර් ප්‍රාන්ථයේ මහ ඇමැති නිතිස් කුමාර් මහතා සිද්ධිය සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන පරීක්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහත සඳහන් පරිදි කීපදෙනෙක්ම ලියා ඇති පරිදි වන්දනා කිරීම ලංකාවේම කළ හැකියි.මමත් එකගයි.බුදුන් වහන්සේගේ පිරිසිදු බුද්ධ ධර්මය නම් ආමිස පුජාවට වඩා ප්‍රතිපත්ති පුජාව වඩා උතුම්. (නි)
ලොව මුස්ලිම් තුන්වන ජනගහනය වන ඉන්දියාවේ ඉස්ලාම් ජාතියට හින්දුන්ගෙන් චාන්ස් එකක් නොලැබුණි. බොදු ආගමිකයන්ගෙන් තිබුණු අනුකම්පාවද ඔවුන් නැති කරගත්තේය. දැන් ඉන්දියාවේ ඉස්ලාම් විනාශ වීමේ ආරම්බය පටන් ගැනීම සිදු විය. තව වසර දහයක් ඇතුලත ලොකු වෙනසක් දැකිය හැක. ක්‍රිස්තියානි රජයන් ගේ උදහසට ලක්වූ ඉස්ලාම් වර්ගය බුදු රාජ්‍ය වල උදහසට වේගයෙන් ලක්වෙමින් පවතී. (නි)
නැගෙනහිර විහාර හා ඵෙතිහාසික සිද්ධස්ථාන විනාශ වෙනවා. බලන්න අය නැහැ. හාල් වල විසට වෙන්න ඇති මොළ වැඩ නොකරන්නේ? (නි)
ඉන්දියාව සමග ගනුදෙනු බොහොම පරිස්සමෙන්... (නි)
එතකොට ඔබට කවුද කිවුවේ ශ්‍රී ලංකාවේ අය ඉලක්ක කරගෙන නොවේ කියලා? (නි)
මොහොමඩ් , ඒකද ඔයාල අල්ලහුවක්බෙර් කියන්නේ , අනේ ඔයයි මයි දන්නා බුද්ධාගම , බුද්ධාගමේ අන්තවාදීන් නැහැ එයාල ඉන්නේ නැගෙනහිර , කුඋරගල මතක නැද්ද වෙහෙර විහාර කඩා දාල අනවසර ගෙවල් හැදුව, බෞද්දයෝ කරන්නේ බෞද්ද කම රැකගන්න හදන එකේ , නැතුව අර බංග්ලාදෙස් වල වගේ මිනි මරන්න නෙවෙයි තේරුනාද ? (අ)
වාසු සහෝදරයා, තායිලන්තයට නම් යන්න එපා. එහෙ 80% වඩා බෞද්ධයො හිටියට ප්‍රධාන අදායම හොද එකක් නෙමෙයි. එහේ බෞද්ධාගමෙන් ලංකාවේ වගේම මනුෂ්‍යයව පාපයෙන් ගලවලා නැහැ. කොහේ පිළිම වැන්දත් ඇති සුගතියක් නැහැ. (නි)
අයියෝ ජූලි හතයි (අ)
නිහාල් සහෝදරයා, ඔය කියන සිද්ධස්ථාන වැන්දත් නැතත් ඔයාලට ගැලවීමක් නැහැ. අන්තිමට ගිනිවිලේ (නිරයේ) තමයි ඔක්කොම හමුවෙලා දුක් විඳින්න වෙන්නේ. (නි)
බුදු හාමුදුරුවෝ කිව්වේ සිත පහදවා ගත යුතු තැන් හතරක් කියලයි. අපිට සිත පහදවා ගන්න ඔය තැන් හතරට අනිවාර්යයෙන් යන්න කියලා බුදු හාමුදුරුවෝ කියලා නැහැ. අනුරාධපුර යුගයේ දහස් ගණන් රහතන් වහන්සේලා ලංකාවේ හිටිය ලු. ඒ කිසි රහතන් වහන්සේ නමක් දඹදිව වැඩලා සිත පහදවා ගත්තා කියලා සටහන් වෙලා නැහැ. සිත පහදවා ගන්න නම් දළදා මාලිගාව අනුරපුර පොළොන්නරු දඹුල්ල තව කොච්චර බෞද්ධ සිද්ධස්ථාන තියෙනවා ද? (නි)
මට දුක මේ අන්තවාදීන්ට එලව එලවා ගහන ඇමරිකාවට විරුද්ධව ලංකාවේ පෙළපාලි ගිහින් මඩිය තර කරගන්න අය ගැන. (නි)
ගොඩක් කට්ටිය දඹදිව යනවා මෙම ස්ථාන නරඹන්න. ඔවුන් සිතනවා ජීවමාන බුදුරදුන් දැක්කා හා සමානය කියලා. සමහරු ඒ ගමන්ම තමන්ගේ ගමනේ වියදම වසා ගන්න පොඩි වෙළඳ බඩු මුට්ටු ටිකක් අරගෙන ඇවිත් විකුණා ගන්නවා. නියම බෞද්ධ කෙනෙකුට පිනක් දැහැමි ජිවිතයක් ගත කරන්න ඉන්දියාවේම යන්න අවශ්‍ය නැහැ. කොහොම වුනත් මේ සිදුවූ දෙය අන්තවාදීන්ගේ වැඩක් කියා කියන්නේ . මේ නිසා අප අන්තවාදී නොවී අන්තවාදී අදහස් නොදී සිටීම බෞද්ධයන් වශයෙන් වටිනවා (නි)
පැරැනි බෝම්බ වෙන්න ඇති පුපුරන්න ඇත් ? මහා කොමසාරිස්ට වාඩි වෙන්නේ කොහෙද? (අ)
නොගිහින්ම ඉන්න තියෙන්නේ. (නි)
මොහමඩ්ගේ අදහස ඉතා අගේය.එත් ඔබ මුජහිදීන්, ජිහාඩ් වැනි දේවල් ගැනද දන්නා බව තරයේ විශ්වාස කරමි.ඔබගේ අදහස අනුව බාමියන් බුදු පිළිම විනාශ වීම, ලෝකෙයේ ඉපැරණිම විශ්ව විද්‍යාලයක් වූ නාලන්දාව විනාශ වීම වැනි ත්‍රස්ත ක්‍රියා වැළැක්විය හැකිව තිබුණා නේද? කූරගල වැනි සිද්ධස්ථාන තර්ජනයට ලක්වන්නේද නැත. ලංකාවේ අන්තවාදයක් නැත.බුදු දහමින් අන්තවාදයක් උගැන්වීමක් නැත.බලෙන් ආගමට ගැනීමක්ද නැත.නමුත් ඒවා දිහා නිහඩව බලා සිටීමට තරම් බෞද්ධයන් නිවට නැත.ඉහත අන්තවාදී ක්‍රියා මේ පොලොව තුල ඇති වීමට පෙර අප අවදි වී ඇත.එය අන්තවාදය නොවේ.අන්තවාදය ගැන ඔබගේ දැනුම වැඩි කරගන්න ලෙස යෝජනා කරමි. (නි)
බුදුන් වහන්සේ පලිද ලංකාවේ හෝ ඉන්දියාවේ සිදුවෙන දේවල් වලට.මේවට ස්වභාව ධර්මයෙන් පටිසන් ලැබෙනවා. (නි)
ඉස්සෙල්ලා ගමේ පන්සලට යන්න (නි)
වේලක්කන්නි ගමනුත් නවත්වමු (නි)
මට හිතෙන්නේ ඉන්දියාව තවමත් කොටි ක්‍රියාකාරකම් වලට උදව් වෙනවා වගෙයි. එංගලන්තයත් එහෙමයි. නැත්නම් තහනම් ත්‍රස්ත සංවිධානයකට කොහොමද පුළුවන් වෙන්නේ මේ විදිහට ප්‍රසිද්ධියේ වැඩ කරන්න.ලංකාවේ ආණ්ඩුව මීට වඩා තදින් ඉන්න ඕනෑ ඉන්දීය ආණ්ඩුවේ අනවශ්‍ය මැදිහත් වීමට විරුද්ධව. ලංකාවේ දේවල් තීරණය කරන්නේ ලංකාවේ ආණ්ඩුව මිසක් ඉන්දීය ආණ්ඩුව නෙමෙයි.එයාලා දැනටමත් ලංකාවේ දේවල් වලට ඕනෑවට වඩා අත පොවලා තියෙන්නේ. (නි)
ශ්‍රී ලංකා වන්දනාකරුවන්ට එරෙහිව නොවන බව කවුද කිව්වේ? (නි)
මමත් බුද්ධාගමේ රටවල් ගානකට ගිහින් තියෙනවා. අනේ අම්මෝ ඔය තැනට නම් යන්න හීනෙන්වක් හිතන්නෙ නැහැ. පින් කරන්ඩ ඕනෑ නම් ගමේ පන්සලට හරි අනුරාධපුරයට යනවා. කොච්චර සුන්දර තැනක්ද? පිටරකට යන්න ආසා නම් ඔය මලයාසියා, තායිලන්තයට යන්න. (නි)
අමිල කටුනායක, මම " ඉස්සෙල්ලා ගමේ පන්සලට යන්න " කියන ඔබගේ ප්‍රතිචාරය අගය කොට සලකමි. අද බොහෝ විට දඹදිව යන්නේ ව්‍යාපාර වලට. අපේ ගමේ පන්සලේ තියෙන්නෙත් ඒ බුදු රුවම තමා (නි)
ඉන්දියාවේ නොගියට ලංකාවේ වඳින්න පුදබිම් ඕනෑතරම් තියෙනවා (නි)
මේ වගේ පූජනීය දේවල් වලට කරදරයක් වුනොත් කොච්චර අපරාදයක් ද? බුදුන් වහන්සේ ඉපදුන රටේ මේ දේවල් වෙනවා නම් ලංකාවේ මොනවා වෙයිද? (නි)
කළ අයට දඩුවම් ලැබෙයි (නි)
මේක කරපු අයට අනිවාර්යයෙන් දඩුවම් ලැබෙනවා (නි)
මොන වෛරයක් තිබ්බත් මේ වගේ පූජනීය ස්ථානවල බෝම්බ පුපුරවන්නෙ ජාතියක් ජන්මයක් නැති සුනකයන් විතරයි. දැක්කනෙ ලංකාවෙ ජය ශ්‍රී මහ බොධියටයි, දළදා වහන්සෙටයි කරපු දේ වලට කොටි අවසානයෙදි වන්දි ගෙවපු හැටි. මේ ගොල්ලන්ටත් ස්වභාව ධර්මයෙන් ඒ වගේම භයංකාර ඉරණමක් අත් වේවි. ඒකනම් කාටවත් වලක්වන්න හම්බ වෙන්නෙ නැහැ. අපි බෙද්ධයන් වශයෙන් පතන්නෙ හැමොටම සුගතියක් වෙන්න කියලා. ඒ අස්සෙ මේ වගේ පවුකාරයොත් ඉන්නවනෙ. (නි)
ඉන්දියාවේ අය එයාලට ඕනෑ තැනක් පුපුරවා ගත්තදෙන්. ඒත් අපේ රටේ අපේ දේවලට විරුධව ඇඟිල්ලක්වත් උස්සන්න ඉඩ තියන්න එපා කියලා තමයි පාලකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ. (නි)
මෙය ශ්‍රී ලංකාවේ බෞද්ධයන් ඉලක්ක කොට සිදු කරන ලද්දක් නොවන බව අවධාරණය කරන්නේ කොහොමද? ඇයි ත්‍රස්ථවාදියා කිව්වද එහෙම?මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔයිට වැඩිය කොටි ශ්‍රී මහා බෝධිය වටේම මිනීමරුවා. මොනවත් වුනාද? අවුරුදු 30 ක්ම මිනි මැරුවා (නි)
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී බෞද්ධයෙකුට වැඳපුදා ගත යුතු ස්ථාන හතරක් නම් කලා. 1. ලුම්බිණිය 2. බුද්ධගයාව 3. ඉසිපතන මිගදාය 4. කුසිනාරාව. මේක දන්නේ නැති හැඩයි මේකේ අදහස් කරන බොහෝ බෞද්ධ කියන අය. (නි)
මම නම් හිතන්නේ අපේ ලෝතුරා සම්මා සම්බුදු පියානෝ පරිනිර්වාණයට ප්‍රථම අවසන් වතාවට දේශනා කරලා තියෙන්නේ කෙනෙක් සම්බුදු හිමි ජීවමානව වැඩසිටි ඉපදීම, බුදුවීම, පලමු දර්ම දේශනාව පවත්වපු ස්ථානය, සහ පරිනිර්වාණය යන සතර ස්ථානය දැකීමෙන් බුදුහිමි ජීවමානව දැක්ක හා සමානයි කියා. ඒ පින ලබාගන්න හැමෝටම බැහැ. ඒකටත් පින්කරලා තියෙන්න ඕනෑ. ඒක හින්දා වෙන්නැති අපේ රටේ අය ඉන්දියාවේ යන්නේ . (නි)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා. තිරිසන් අධමයින් සල්ලන් වෙත්වා! (නි)
ඇෆ්ගනිස්තාන් වල වූ ලෙසටම ඉන්දියාවටත් සාප වනු ඇත . (නි)
දැන් අරගොල්ලෝ කියයි ද දන්නෙ නැහැ මුස්ලිම් අයගෙ වැඩක් කියලා (නි)
අපේ බෞද්ධ සැදැහැවතුන් මොකටද එහෙ යන්නේ? යන්නකෝ අපේ දළදා මාලිගාවට (නි)
මම හිතනවා මේ ව්යදම් කරන සල්ලි ලංකාවේ බුදුදහම දියුනු කරන්න යෙදුවා නම් ගොඩක් වටිනවා වගේම පින්කමක්. බුදුදහම පිලිපැද්දොත් විතරයි ඒකේ ප්‍රතිපල ලබාගන්න පුළුවන් (නි)
ඉන්දියාවට අපිත් එපා. අපිට ඉන්දියානුවනුත් එපා. ගමන් නවතා නැවත එමු. (නි)
මහි, ඔය ශ්‍රී මහා බෝධියට ගහපු එක් කෙනෙක් තවමත් යෙහෙන් වැජඹෙනවානේ (නි)
බුදු හාමුදුරුවෝ කියපු අනික් හැම දෙයක්ම කරනවා වගේ මේ තැන් 4 බලන්න යන්නේ. අනේ බොරු එපා. මුලින් පන්සිල් පද 5 රකින්න. අඩු ගානේ ගමේ පන්සලට යන්න. ඔය 4 දැක්කේ නැහැ කියලා බුදුන් දකින්න බැරිවෙන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ ඔහොම එකක් කියලා නැහැ මම නම් හිතන්නේ. ඕක කවුරුහරි පස්සේ හදපු සුත්තරයක්. බුදු හාමුදුරුවෝ කිව්වේ සිත දියුණු කරගන්න කියලා. භාවනා කරන්න කියලා.ඕනෑ තැනක ඉඳන් ඒක කරන්න පුළුවන්. හරියට බෞද්ධ දර්ශනය පිළිපදින්න ඉන්දියාවටම යන්න ඕනෑ නැහැ... (නි)
ලංකාවේ සිටින සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් වගේම තමා මේ සිද්ධියත්. කුමන හෝ ආගමික ස්ථාන වලට පහර දීම කුමන ආගමකින් හෝ ජාතියකින් වනවා නම් අපි එය හෙළ දකිමු. කෙනෙකු උපදින විට දෙමව්පියන්ගෙන් උරුම වන ජාතිය සහ ආගම වෙනුවෙන් එකිනෙකා ඇන කොටා ගෙනීම නතර කල යුතුය. එකිනෙකාට අවලාද නැගීම නතර කල යුතුය.සෑම කෙනෙක්ම සිතන්නේ තමන් උපතින් ලද ජාතිය සහ ආගම අනික් ආගම වලට වඩා උතුම් කියාය. එහෙත් මේ නිසා මනුෂ්‍ය ජාතිය වෛරයෙන් ජිවත් විය යුතු නැත (නි)
මම නම් කියන්නේ කිසිවෙකුට එන්න දෙන්නත් එපා, කිසිවෙකුට යන්නත් එපා කියලා ඔය කියන රටට (නි)
අබා, ඉන්දියාවට අපිත් එපා අපිට ඉන්දියාවත් එපා කියන්නේ, ඉන්දියාවෙන් ආපු බුදු දහමත් ඉන්දියන් පුරවැසියෙකු වන බුදුරදුන් එපා කියන එකද? අපි උදේ හවස දණ ගසමින් වඳින්නේ ඉන්දියාවේ උපන් බුදුරජානන් වහන්සේටය. එපමණක් නොවේ අප නටන්නේ කන්නේ බොන්නේ අඳින්නේ ඉන්දියන්කාරයන් අනුකරණය කරමිනි. අපිට ඉන්දියාව නැතුවම බැරි රටකි. අපේ ආර්ථිකයද ඔවුන් අතේය. නමුත් ඉන්දියාවට අප නැතුවට කමක් නැත. ඔවුන් අපව අනුගමනය කරන්නේ නැත. අපේ කිසිවකුට දන ගසන්නේ නැත. එනිසා අපි ඉන්දියාව මිත්‍රශීලි රටක් හැටියට සහෝදර රටක් හැටියට අපිට නැතුවම බැරි රටක් හැටියට පත්වී ඇත (නි)