ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි දෙමළ හා සිංහල කොටි සැකකරුවෝ 27 දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් ජනවාරි 4 වැනිදා තෙක් අද (21) යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
සිංහල සැකකරුවෝ තිදෙනෙක්ද මේ අතර වෙති.
සිංහල සැකකරුවන් තිදෙනාට ඇප ඉල්ලා සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය ත්‍රස්ත විමර්ශන ඒකකයට පැවසූයේ ඔවුන්ගේ කටඋත්තරවල සාරංශයක් ගොනු කරන ලෙසයි.
ප්‍රංශයේ ජීවත්වන රූබන් නම් කොටි සාමාජිකයා සමග ඔවුන් සබඳකම් පැවැත්වීයයි පොලිසිය අධිකරණයට වාර්තා කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදකරු කුමන ජාතිකයෙක් වුවද කම් නැත. ඔවුන් දඬුවම් ලැබිය යුතු බව මගේ අදහසයි (නි)
මේ සිංහල කොටි අතර සිටිය යුතු කෙනෙක් නිසා රණවිරුවන්ට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු දැමීම කෙතරම් අසාධාරණද යන්න මේ යහපාලන රජයෙන් විමසිය යුතුයි.(බ)