නිදහස ඉල්ලා ආහාර වර්ජනයක නියැලී සිටින දෙමළ දේශපාලන සිරකරුවන් හමුවීමට ගිය විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සමග පැවැති සාකච්ඡාවකින් පසු ආහාරය වර්ජනය අත් හළ බව බන්ධනාගාර ආරංචි කියයි. දේශපාලන සිරකරුවන් පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ලබන නොවැම්බර් 7 වැනි දාට පෙර ගන්නා බවට රජය පොරොන්දු වී ඇති බවත් එසේ නොවුන හොත් තමන්ද බන්ධනාගාරයට පැමිණ උද්ඝෝෂකයන්ට සහාය පළකරන බවත් විපක්ෂ නායක වරයා මෙහිදී මාධ්‍යයට පැවැසීය. වැලිකඩ, මැගසින්, අනුරාධපුර හා යාපනය බන්ධනාගාරවල සිටින දේශපාලන සිරකරුවෝ මෙම උපාවාසයට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ ලියන කොමෙන්ට් කව්රුත් ලොක්කෝ (ඇමැතිල, මන්ත්‍රීලා) බලන්නේ නැහැ. බැලුවත් මොකුත් කරන්නෙත් නැහැ. මේ ලියන දේවල් ගගට කපන ඉනි වගේ. ලියන එක නවත්තල ගිහින් ගහපල්ලකෝ ඕකුන් ඔක්කොටම. හරක්ට ඡන්දෙ දීල බුද්ධිමත්තු ගෙදර යවල අපිත් කරන්නේ ලොකු ගොන් කමක්. එක්කෝ අපි මැරෙමු , නැත්තම් උන් මරමු. (බ)
යහ පාලනයේ රග දැන් තේරෙනවා නේද කට්ටියටම, ජයවේවා.....(බ)
මිනීමරපු එල්ටීටීඊ කාරයෝ නිදහස් කරනවානමම් අනිත් මිනී මරුවොත් නිදහස් කර සිරගෙවලල් වසා දැමිය යුතුයි (බ)
මටත් කියන්න තියෙන්නේ සච්නිත් ඉන්දික කියන දෙයම තමි. දේසපාලන බල පෙරේත කමට ,සිංහලය වනසන හැම එකෙකුටම සාප වේවා.(ම)
ජනවාරි 8 ජනතා තීන්දුවට හිස නමා .නිදහස් කරන්න ! (ම)
මිනීමරපු එල්ටීටීඊ කාරයෝ නිදහස් කරනවා නම් අනිත් මිනී මරුවොත් නිදහස් කර සිරගෙවලල් වසා දැමිය යුතුයි, දේශපාලන බල පෙරේත කමට ,සිංහලය වනසන හැම එකෙකුටම සාප වේවා. (බ)