දෙමළ ජාතික සංවිධානය උතුරේ දිස්ත්‍රික් පහ සදහාම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට අද (21)වව්නියාවේදී පැවති සාකච්ඡාවකදී තීරණය කළේය.
මෙම සාකච්ඡාව දෙමළ ජාතික සංවිධානය සැදුම්ලත් ඉලංගෙයි තමිල් අරසි කච්චි ,ඊ.පී.ආර්.එල් එෆ්,ටෙලෝ ,ප්ලොට් හා ටී යු එල් එෆ් යන පක්ෂ පහේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර ඊට උතුරු පළාත් මහ ඇමැති අපේක්ෂක සී වී විග්වන්ෂ්වරන් මහතාද සහභාගී විය.
යාපනය,කිලිනොච්චි,මුලතිව්,වව්නියා හා මන්නාරම් දිස්ත්‍රික්ක සදහා අපේක්ෂකයන් තිස් තුන්දෙනකුගේ නම් යෝජනා වී ඇතත් ඒ පිළිබදව ලබන 25 වැනි දිනට පෙර අවසන් තීරණයක් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙක් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමළ සන්ධානය අනිවාර්යෙන්ම දිස්ත්‍රික් 5 න්ම දීනයි. නමුත් උතුරේත් දකුණේත් දුප්පත් කම්කරු ගොවි ජනතාව පරාදයි. ජාති වාදයෙන් දනපතියෝ රජකරනවා.(නදී)
"බණ්ඩා" ඔබතුමා කියන්නේ 1983 ජූලි අමතක කරන්න එපා කියලද?(නදී)
වෙල්මුරුගනුයි , බණ්ඩායි දෙන්නා එක්ක වෙන කොහේ හරි ගිහින් රණ්ඩු වෙනවද? අවුරුදු 30 ක අතීතය ඔයාලට අමතකද? (නි)
වෙල්මුරුගන්, අපි දැන් ප්‍රබාකරන්ගේ සිද්ධියි 1983 ජූලියි අමතක කරලා දාමු. ඊට වඩා අපි දෙගොල්ලොම එකතුවෙලා අනාගතයට එකවගේ මුහුන දෙමු.පොන්නම්බලම් රාමනාදන්ලා, අරුනාචලම්ලා අපිට කළ උදව් කවදාවත් අමතක වෙන්නේ නැහැ.ඕගොල්ලෝ තමයි අපේ සැබෑ මිතුරෝ. අපි දැන් තේරුම් අරන් ඉන්නේ. (නි)
වීර, 1983 අපිට සෛවර් හෝටලයක් බොරැල්ල හන්දියේ තිබුණා. මට අවුරුදු 15 යි. කඩේ ගිනි තිබ්බා, ඊට පස්සේ මම පයින් ගීයා. බම්බලපිටියට. දවස් 14 බම්බලපිටිය අනාත කදවුරක හිටියා. ඊට පස්සේ ලංකා මුදිත නැවේ යාපනයට පැටෙව්වා. යුද්දෙන් මට මගේ අම්මා, පොඩි මල්ලි, නංගී අහිමි උනා, ඒත් මම ජාති වාදී නැහැ. අපි දුප්පත් වුනත් ජාතිවාදයට අපි කැමති නැහැ.(නදී)
ප්‍රභාකරන් සමයේ සිදුවූ දේවල් අපි කිසිවෙකුත් අමතක නොකළ යුතුයි (නි)
වීර, ටී.බි.ජයා මැතිතුමා කල මෙහෙවර අමතක උනාද ? අමතක නම් 1948 හැන්සාඩ් එක කියවන්න.(නදී)
ඔන්න ඉගෙන ගන්නවා නම් පාඩම්... අපේ කට්ටියටත් එකමුතුවෙලා වැඩ කරන හැටි (දී)
ඔබ සියලු දෙනාට අපේ සුබ පැතුම්!(නදී)
වීර, ඔයා බහුතර සිංහල ජනතාව කුපිත වෙන ආකාරයට හෝ නොමග යන ආකාරයට වචන යොදන්න එපා. 1915 දී සිදුවූ සිද්ධි පිළිබද ඔබට වැඩිවිස්තර අවශ්‍ය නම් අන්තර්ජාලයෙන් ලබාගන්න පුළුවන්. 1983 ජුලිය සහ 30 වසරක යුද්ධය හෑල්ලුවකට ලක්කරමින් ත්‍රස්තවාදය හොදයි කීම මුසාවක් නොවේද ? අවුරුදු 30 මිලේච්ඡ යුද්ධය අවසන් කිරීම සදහා මුස්ලිම් ජනතාවගේ දායකත්වයද අමතක නොකළ යුතුයි (නි)
පක්ෂ එකකට එකතු වෙලා ඉන්න බැරි කාලේ පහක් ඉන්නවා කියන්නේ ලොකු දෙයක්.(නදී)
දෙමල ජනතාව අපේ සතුරන් නොවෙයි (දී)
මන් එහෙම කියන්නේ 1915 සිංහල මුස්ලිම් අරගලයේදී දී අර හතුරෝ සුද්දන්ට කේලම් අපෙ සිංහල නායකයින්ව හිරේ ඇරියම බේරාගත්තෙත් දෙමල නායකයෝ.අපි දෙගොල්ලෝ කාන්තාර කාරයින්ට වඩා ගොඩක් හොද මනුස්සකම් තියෙන උදවිය. (දී)