පස් වසරකට පෙර මුලතිව් වෙල්ලිමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදී හමුදා වෙඩි පහරින් මිය ගිය පිරිස් සිහි කිරීමට නොදෙතියි විරෝධය පළ කරමින් නැගෙනහිර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු දස දෙනෙක් අද (27) කළු සාටක පැළද රැස්වීමට සහභාගී වුහ.
විපක්ෂ නායක සිංහාරවේල් තණ්ඩායුදපානී මහතා පැවසුයේ අවසන් සටනේදී මිය ගිය තම ඥාතීන් සිහි කිරීමට ඉඩ නොදීම ගැන ගමන් විරෝධය දක්වන බවයි.
ඔහුට මේ සම්බන්ධයෙන් කතා කිරීමට ඉඩ දිය නොහැකි බවත්,ඊට හේතුව එම කාරණය න්‍යාය පත්‍රයේ සඳහන් නොවීම බවත් සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලුම්බිණිගේ කතාව 100%ක්ම නිවැරදියි (නි)
ඉන්දිකගේ කතාව ඇත්ත. (නි)
මගේ සිතට නැඟෙන අදහස මෙහි ප්‍රකාශ කළ නොහැක. (නි)
තවත් ඉන්නවා කට්ටිය. වෙලාවට එළියට එයි (නි)
අර කවුද වගේ ලුම්බිණිත් ඉඳලා ඉඳලා කට ඇරියොත් බැනුම් අහනවාමයි (නි)
තවම කොටි සෙවණැලි හොල්මන් කරනවා වගෙයි (නි)
මේ මිනිස්සු සමරන්නේ මියගිය අයයි.එතනදී සාමාන්‍ය මිනිස්සුත් මැරුණා කියනවනේ. අපි ඉතින් ඔවුන්ට එය කරන්න දෙමු.අපි මේ දේවල් වලට අකුල් හෙලුවොත් තමයි එයාලට අපිට විරුද්ධව බොරු ප්‍රචාර පතුරවාගන්න හැකිවෙන්නේ (නි)
ලුම්බිණි, රටේ බහුතරය බුද්ධිමතුන් වුණා නම් අද මේ රට මේ තත්ත්වයේ නැහැ. බුදු හාමුදුරුවෝ දේශනා කළා තෑග්ගක් කෙනෙක් බාර නොගත්තොත් ඒක අයිති තෑග්ග දෙන්න උත්සාහ කළ අයටමයි කියලා. සතුටු වෙන්න ඔබේ අදහස් ගැන. ලෝකයේ බහුල දේවල් ලාබයි. අදහසුත් එහෙමයි. බහුතරය ලාබයි (නි)
ලුමිබිණි, ඔබ සුබවාදී අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. සත්‍යය සත්‍යය ලෙස ඔබ දිගටම ලියන්න (නි)
ඇයි අපි සියළු දෙනාටම සහයෝගයෙන් ඉන්න බැරි? (නි)
ලුම්බිණි ,සුසීමා, ත්‍රස්තවාදීන් පරාජය කරපු රටේදී ඔවුන් සමරන්න ඉඩ දෙන්නේ කෙසේද? ත්‍රස්තවාදී යන වචනය අර්ථ දැක්විය යුතු නෑ නේද ? රටේ ලෝකේ ගැන අවබෝධයෙන් සිහිබුද්ධියෙන් අදහස් දක්වන්න. (ස)
ඔතන ඉන්න ඔක්කොම කට්ටිය සාටකේ කරෙන් දාගෙන අවා තියා සාටකෙන් අමුඩේ ගහගෙන ආවත් ඇදුම් නැතිව ඔලුවේ බැදගන ආවත් මල කොටි තියා එන්ඩ හදන කොටියෙක්වත් ලංකා භූමිය තුල අායේ සමරන්න ඉඩ තියන්නේ නැහැ . (ස)
"ඇයි අපි සියළු දෙනාටම සහයෝගයෙන් ඉන්න බැරි? " එකට රටෙන් 2/5 දෙන්න වේවි කැමතිද? (නදී)
.තවම සටන අතහරින්න එපා..(ස)
කළු සාටක නොවෙයි කොහොම ආවත් අපි නම් ඕවා ගණන් ගන්නෙ නැහැ (නි)
වසර 27ක් පුරා පැවතුනු යුද්ධයේ ඔවුන්ට සිහි කරන්න අවශ්‍ය වී තිබෙන්නේ වසර 5 කට කලින් හමුදා වෙඩි පහරින් මිය ගිය පිරිස් පමණයි. ඒ කියන්නේ ඔවුන්ගේ අරමුණ ඉතා පැහැදිලියි. මොවුන්ට වහාම අනතුරු ඇඟවීමක් කල යුතුය. නැත්නම්, ඉදිරි අනාගතයේදී තවත් ප්‍රශ්න ඇතිවනු වැළක්විය නොහැක. (ස)
ඔය දඟලන්නේ පිටරටවල ඉන්න කොටි ටිකට පෙනෙන්න (නි)
ඔච්චරම අමාරුද? (ස)
අපිට මොකද? (ස)
කළු සාටක ඇඳගෙන ආවත් අපිට මොකද. අපිට කියන්න තියෙන්නේ මෙත් මව්බිමට ද්‍රෝහිකම් කරන අය කියල. (ස)
කොටි සමරන්න තමිල්නාඩුවට යන්න
ඔසාමා බින් ලාඩන් සමරන්න ඇමරිකාව ඒ රටේදී ඉඩ දෙනවද ? ලංකාවේදී LTTE සමරන්න නේද මේ ඉල්ලන්නේ ? මිය ගිය තම ඥාතීන් සිහි කිරීම ප්‍රසිද්ධියේ රටටම අඬබෙර ගහල කරන්න ඕනෙද? තම තමන්ගේ නිවෙස් වලම දාන මාන කරලා පින් දෙන්න පුළුවන්නේ. (ස)
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය මුලින් උපුටාදමා තිබෙනවා. එයට ජනාධිපතිතුමාටත් ත්‍රිවිධ හමුදාවටත් ස්තූතිවන්ත විය යුතුයි. (ස)
කළු බැරිනම් ඕන සාටකයක් බැඳන් එන්න. අපිට මොකද? (ස)
ඔය කළු සාටකෙන් කියන්නේ රට බෙදන්න හදපු කොටින්ව සමරනවා කියලනේ. මෙයාලට රට ගියා නම් අපිට ඕව කරන්න ඉඩ දෙයි? අපි මෙයාලට බයේ ගමත් දාල ගියේ. (ස)
මේ අයගෑන මීටවඩා බුද්ධි අංශවල අවධානය යොමුවිය යුතුයි..(ස)
ලෝකයේ කෝහේවත් නෑ තස්තවාදින්ව සමරන්න රජයක් උදවු කරනවාය කියා.මේ අය රජයට ස්තූතිවන්ත විය යුතූයි තමන්ගෙ ජිවිත බේරලා මේ විදිහට පහසුකම් මැද ජීවත් වීමට පරිසරය සකසා දීම සම්බන්ධව. (ස)
කළු සාටක නෙමේ හරිනම් උපන් ඇඳුමෙන් එන්න තිබුණේ. කොටින්ට කිරි පොවන්න එනන එපා. (ස)
මට නම් මෙතන වරදක් කරපු බවක් පෙනෙන්නේ නැහැ. ප්‍රජාතාන්ත්‍රික විදියට තමන්ගේ විරුද්ධත්වය පල කිරීමක් විතරයි. වෙනත් පළාත් සභාවල මන්ත්‍රී වරු කළු පටි බැඳගෙන විරෝධය පල කරපු අවස්ථා තිබුණා. (ස)
කළු පටි ගෙන යන්න අර තමිල් නාඩුවේ විචෝ හම්බ වෙන්න. (ස)
කොටි තාම හොල්මන් කරනවා වගේ. තීරණයක් ගන්න වෙයි වගේ. (ස)
අපේ හමුදාව 27000ක් ජිවිත පුජා කල නිසා තමයි ඔබ අද ඔය විදියට ඉන්නෙ. ඒ බව අමතක කරන්න එපා. (ස)
ලුම්බිනි.ඔලුව තිබුණට මදි, මදේත් තියෙන්න ඕන. මේ අය කවුරු සමරන්නද ඉල්ලන්නෙ? (ස)
අනේ ලුම්බිණි ඔයාල හිටපු රට නේ හමුදාව බේර ගත්තේ. මේ වගේ කතා අහනවට වඩා හොඳයි අපි යුද්දෙන්ම මැරිලා ගියා නම්. කෙලෙහි ගුණ නැති ජාතිය. (ස)
ළිදෙන් වතුර බී මුහුදට ආවඩන කළ ගුණ නොදත් පිරිසක්. එපා නම් අර කුණු ගොඩේ ලගින්න යන එකයි කරන්න තියෙන්නේ, කැමති කෙනෙකුට කරගන්න දීලා. (ස)
ඇත්තටම මේ කට්ටිය අමුතුවෙන් කළු සාටක පලඳින්න අවශ්‍ය නැහැ.මේ ගොල්ලන්ගෙ හැසිරීමෙන්ම ඒ අයගෙ කළු අදහස් ඕනෙම කෙනෙකුට වටහා ගන්න පුළුවන්.කූඩැල්ලන් මෙට්ටයේ තබන්නට නොහැකි සේම බෙදුම්වාදයෙන් කුරුවල් වී එන්.ජී.ඕ.ඩොලරයට කඩේ යන මුන්නැහේලගෙ හැසිරීම නිරීක්‍ෂණය කරගෙන අවදියෙන් සිටීම රටේ පැවැත්මටත් අපේ ශරීර සෞඛ්‍යයටත් හොඳ බව නම් කිව යුතුයි.!! (ස)
ඔය වටින් ගොඩින් අර අදින්නේ මොන යකාටද කියලා දන්නෝ දනිති.කව්රු කොහොම මේ දේ අනුමත කරන්න හැදුවත් එ්ක ඒ හැමෝටම හීනයක් විතරයි. (ස)
පිටරට සිටින දෙමළ ජනතාව ඒ ඒ රටවලට නීති වලට අනුගතවයි ජීවත් වෙන්නේ,කිසිම අමාරුවක් නැතුව. දැන් උතුරේ පළාත් සභාව ද මේ සිද්ධියේදී ආදර්ශමත්ව ක්‍රියාකරන බවකුයි,පෙනෙන්නේ...අරමුණ කෙසේ වෙතත් විරෝධතාවය ප්‍රජාතන්ත්‍රවාදිව කරන බවකුයි මට හැඟෙන්නේ . (ස)
ඔච්චරම අමාරු නම් ඕක ගෙදර ඉඳන් කරන්න බැරිද? අයි මේ ලෝකෙට පේන්න කරන්න හදන්නේ? අපේ ඥාතීනුත් මැරිලා තියෙනවා යුද්දේ නිසා. අපි එ්කට අඬ බෙර ගහන්න යන්නේ නැහැනේ. (ස)
මහ ජනතාවගේ මුදලින් වැටුප් ලබන රාජ්‍ය නිලධාරීන් රජයේ ආයතනයක් තුළ ඉඳගෙන මිය ගිය ත්‍රස්තවාදීන් සමරන්න සුදානම් වීම, ශිෂ්ඨ සම්පන්න පුරවැසියන් ලෙස, අපට කෙසේවත් අනුමත කරන්න බැහැ. යම් කිසිවෙකුට, යුද්ධයේදී මිය ගිය ත්‍රස්තවාදී කණ්ඩායමට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සම්බන්ධවූ මියගිය තම ඥාතීන් සැමරීමට අවශ්‍ය නම්, රාජ්‍ය ආයතනයෙන් එළියට ගොස් පෞද්ගලිකව තම නිවසේ, පල්ලියේ, පන්සලේ, හෝ කෝවිලේ සිවිල් පුරවැසියෙකු ලෙස යම් ආගමික වතාවක් සිදු කල හැකියි.එහි වරදක් නම් මා දකින්නේ නැහැ. නමුත්, මේ රට ශ්‍රී ලංකාව බවත්, රටේ නීතියට මෙන්ම රටේ සදාචාරයටත් ගරුකළ යුතු මෙන්ම එයට අවනත විය යුතු බවත් රටේ පුරවැසියන් සියලු දෙනාම වටහා ගත යුතුයි. (ස)
ලුම්බිණි, පුළුවන් නම් ඇමරිකාවට ගිහිල්ල ඔසාමව සමරන්න පුලුවන්ද කියල බලන්න. (ස)
ලුම්බිණිට නම් ආණ්ඩුවට විරෝධයක් තියෙනව නම් LTTE එකෙන් හරි කමක් නැහැ එක සාධාරණිකරණය කරන්න හේතු තියෙනවා. (ස)
ලුම්බිණි ඔයාල වගේ අය අපි අතර තවත් ඉන්නවා. එදා බෝම්බවලට බයේ වෙව්ල වෙව්ලා ඉදල අද ඔය විදියට කතා කරන්න හයිය අරන් දුන්නේ කවුද. එදා ගුලි වෙලා හිටියේ කවද මේ යුද්දේ ඉවර වෙයිද කියලා. දැන් චන්ඩි වෙලා. (ස)
ඒ පාර කට්ටියම එකතු වෙලා ලුම්බිනිට ගහනවා. ප්‍රභාකරන්ට වඩා හතුරෙක් වෙලා ලුම්බිණි. ඇත්ත තමා, ඇයි දැන් ටික කාලයක් බෝම්බ බිය නැතුව නිදහසේ ඉදල ලුම්බිනිට ඇතිවෙලාද? (ස)
මේ ගොල්ලෝ කියන්නේ එයාල ට අවසන් සටනේදී මියගිය ඇත්තන්ව සිහි කිරීමට ඉඩ නොදෙනවා කියල. කෙනෙක් මොනවා සිහි කරනවද කියල කාටවත් කියන්න බැහැ. සිහි කිරීම හිතෙන්,මනසින් කරන දෙයක්. ඉතින් ඔයාල ඕන කෙනෙක් සිහි කරගන්න. ලෝකෙට බොරු පෙන්වන්නේ නැතිව, (ස)
ඒ කියන්නේ මේ සේරම කොටි කියලද අපිට හිතන්න වෙන්නේ?
මියගිය නිසා සිහි කරනවා ඉතින්... (නි)
අනේ අපි ඔයාලට හරි බයයි. අපි ඉස්සරහට නම් කළු සාටක දාගෙන ආවට කමක් නැහැ. හැබැයි ඕවා හැමෝම ඉවසයි කියලා නම් හිතන්න එපා (නි)
බලනකොට අවදානම තවම පහවෙලා නැහැ වගෙයි (නි)
ලුම්බිණිට දෙන්න ඕනෑ උත්තරය මට මේකේ ලියන්න බැහැ (නි)