ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී මාර්තු මාසයේ ඇරැඹෙන මානව හිමිකම් ප්‍රශ්න ගැන දෙමළ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කළ යුතු කරුණු කවරේදැයි එහි නායකයෝ යාපන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී සාකච්ඡාවක් පැවැත්වූහ.
පක්ෂ නායක ආර් සම්බන්දන් හා මහ ඇමැති සී වී විග්නේෂ්වරන් මහත්වරු ඊට සහභාගී වූහ.
යුද්ධයේ දී උතුරු නැගෙනහිර අතුරුදන් වූවන් ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමට දෙමළ ජාතික සන්ධානය විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ සිට යාපනයට නළ ජලය සැපයීමේ ශ්‍රී ලංකා-ආසියා සංවර්ධන බැංකු සැලැස්මට සංශෝධන ඉදිරිපත් කළ යුතු බව ද එහි දී සාකච්ඡා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටේදී අපේ රටට විරුද්දව මොනවා හෝ කියුවොත් වහාම එය නිවැරදි කරන්න නැගිට සිටින්න (දී)
මේ අයට ඕන ඕන විදියට නටන්න දෙන්න බැහැ. මේක සිංහල රට එයාලට නිදහසේ ඉන්න දීල තියෙනවා ඊට වැඩිය මොනවද ඕන.(අ)
මේ පක්ෂයේ අය කරන වැරදි වලට විරුද්ධව රජය නීත්‍යනුකුල කටයුතු නොකරන්නේ අයි කියන එක අපට ප්‍රස්නයක්. ඒගොල්ලන්ට රජයට විරුද්ධව කේලම් කියන්න ජිනීවා යන්න මුදලුත් අවසරත් දෙන්නේ ඇයි? (අ)
88-90 භීෂණය ගැන කියන්න ජිනීවා ගිහිල්ලා පාර පෙන්නුවේ අපේ අයම තමා.(නදී)
ජිනිවවලම ඉන්න කියන්න (අ)
ජිනීවා වලටම වෙලා හිටියනම් හොඳයි (අ)
දෙමල සංධානය කියන්නේ එක පක්ෂයක් පමණයි. ජයලලිත දමන සෙල්ලම් ලංකාවේ දමන්න ලැස්ති වෙන් නැතිව ගිහින් එයාගෙන් එහෙන් කොටසක් ඉල්ලා ගන්න.යුද්දෙන් පස්සේ ඔය තියන සංවර්දනය දිගටම කරගන ගිහින් දෙමල ජනයාට සේවයක් කරන්න.ලංකාවේ තීන්දු තීරණ ගන්නේ ශ්‍රී ලංකා රජය බව අමතක කරන්න එපා .(අ)
අපේ රටට විරුද්දව වචනයක් කියන්න එපා