පොළොන්නරුවේ දෙමළ මහා සෑයේ ප්‍රතිසංස්කරණය මධ්‍යම සංස්කෘතිය අරමුදල අද ඇරැඹීය.
1982 දී ඇරැඹුණු ප්‍රතිසංස්කරණ අතර මග නතර වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනපති අණින් මෙවර ප්‍රතිසංස්කරණය කැරෙන බව අරමුදලේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ඩබ්ලිව් ඒ රණවීර මහතා කියයි.
අඩි 1950ක වට ප්‍රමාණයකින් යුත් සෑයේ උස අඩි 625කි. මුල් අදියරේ දී අඩි 500ක් හෙවත් සෑයෙන් හතරෙන් එකක් සංරක්ෂණය කිරීමට නියමිතය.
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත්, නිමල් ලලිතා ඔයාල නියම ලාංකිකයෝ. අපේ රටේ අපේ ඉතිහාසයට ඕනේ ඔයාල වගේ යුග පුරුෂයෝ. අනේ වාසනාවන් පොතක් පතක් කියවලාවත්, ඉතිහාසය කෙසේ වෙතත් පොඩි පොඩි දේවල් ටිකක් වත් ඉගෙන ගන්න.(නදී)
මන්නාරමේ හමුවූ ඇටකටු වසර 50ක් හෝ 60ක් වන නිසා පුරා විද්‍යාවට බාර කළා වගේම දෙමළ සෑයේ කාල නිර්ණායකය ද නන්දිකඩාල් වල මියගිය වේලුපිල්ලේ ප්‍රභාකරන් නම හා සසඳා තීරණයක් ගනු ඇත.(නදී)
බලාගෙන නිදන් එහෙම ඇති.(නදී)
සුනිමල් ජගත් නිමල් ඇහුවේ නොදන්නා දෙයක්.ඉතින් ඔයා දන්නවා නම් කියන්නකෝ. මම දන්නෙත් නැ.මොකක්ද සිංහල සෑය කියලා දෙයක් නැහැ. ඉතින් දෙමල සෑය උනේ කොහොමද. ඔව් ඔයාම කියන්න එහෙම උනේ කොහොමද කියලා.(නධී)
කෙනත් වැනි දේශප්‍රේමී උගතෙකුගෙන් වැඩක් ගන්න එක දේශපාලඥයෙක් හෝ තානාපති කෙනෙක් මේ වන තුරු උත්සාහයක් ගෙන තිබේද? ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පැන නගින ප්‍රශ්නවලදී "මුදලාලිලාගේ" සහයෝගය ගන්නවා වෙනුවට දැන්වත් රජය කෙනත් වැනි රටින් පිට ජීවත්වන අවංක උගතුන්ගේ සහය ලබා ගත යුතුයි.(නදී)
දෙමහල් සෑය කියන එක තමයි අපේ මිනිස්සු දෙමල මහ සෑය කියා කියන්නේ.(නදී)
දෙමල මහා සෑය යනු කුමක්ක්ද? දන්නා කෙනෙක් තේරුම් කර දෙන්න පුලුවන්ද? (නදී)
අනේ සාදු! (නදී)
මොකක්ද මේ දෙමල මහා සැය කියන්නේ ? (නදී)
මහා පරාක්‍රමබාහු රජතුමා දකුණු ඉන්දියාවේ සෝලි රාජධානිය ආක්‍රමණය කිරීමෙන් පසු එරටින් ගෙන එන ලද දෙමළ සිරකරුවන් ලවා මෙම ස්ථුපය කරවන ලද නිසා මෙයට 'දමිළ මහා සෑය' යනුවෙන් නම ලැබුණු බව ජනප්‍රවාදයේ පවතී. එමෙන්ම, මෙම ස්ථූපය මහල් දෙකකින් ඉදිකල හෙයින් 'දෙමහල් සෑය' ලෙස දක්වා පසුකලෙක එය 'දමිළ මහා සෑය' වූ බවද සඳහන් වේ. (අ)
උස අඩි 625 ක් නෑ. මේක පරාක්‍රමබාහු රජතුමා දකුණු ඉන්දියාවෙන් ගෙනාපු සිරකරුවන් යොදවා හදපු නිසා දෙමළ මහා සෑය කියන්නේ. දැනට මේකේ උස අඩි 60 ක් විතරයි. පේසා වළලු දක්වා විතරයි ඉදිකරලා තියෙන්නේ. රජුට සමකාලීනව තිබුනු දේශපාලන අර්බුද එක්ක මේකේ වැඩ අවසන් කරගන්න බැරි උනා. දැනට මේ සෑය පොළොන්නරු ගල් විහාරය ලග දකින්න ලැබෙනවා.(නදී)
දෙමල මහා සෑයේ ඉතිහාසය මෙසේයි. මෙය ඉදිකළේ පොළොන්නරු යුගයේ මහා පැරකුම්බා රජුයි. (ක්‍රිස්තු වර්ෂ 1153-1186). එකල දකුණු ඉන්දියාවේ සොලී (දෙමල ) බලය වැඩිවීමත් සමග ලංකාවෙන් උදව් ඉල්ලීමට පාණ්ඩය රාජධානියට සිදුවුණා. මහා පැරකුම්බාවන් සිංහල හමුදාව ලංකා දණ්ඩනාතයන් යටතේ දකුණු ඉන්දියාවට යවා පාඩි රට මුදා ගෙන, සොලී රටට පහරදී පරාජය කලා. මේ වනවිට අද තමිල්නාඩු ප්‍රාන්තයම පාහේ සිංහල රටට යටත් ප්‍රදේශයක් වුනා. පෙර කාලවලදී (විජයබාහු කලා ) සොලීන් ලංකාවට කල හානියට දඩුවමක් ලෙස විසාල සොලී සිරකරුවන් පිරිසක් ලංකාවට ගෙනවිත් ඉන්දියාවට පෙනෙන තරම් උසට සෑයක් තනවන්ට රජුට ඕන වුනා. නමුත් පේස වළලු 3න් පසු එය සම්පුර්ණකර ගත නොහැකිව අතහැර දැමුවා පැරකුම්බාවන් බුරුමය යටත් කිරීමට ගිය නිසා. පසුව මෙය මත කුඩා සෑයක් පසුකලෙක ඉදි වුනා. "දෙමහල් සෑය" යන්නම පසුව දෙමල සෑය වුනා. දෙමල අය ලවා ඉදිකළ නිසා මේ නම ලැබුන බව තවත් මතයක්. මෙය සම්පුර්ණ උනානම් අඩි 570ක් උස වෙනවා. රුවන්වැලියත් උස අඩි 300යයි. ලොව විශාලම බෞද්ධ ස්මාරකය මිනිසා විසින් තැනු ලොව විශාලම ගඩොල් ගොඩනැගිල්ල වෙනවා.(නදී)
මේ අනුව පොළොන්නරු යුගයේ වත්මන් තමිල්නාඩුව සිංහල ද්වීපයට යටත් ප්‍රදේශයක් වීම නිසා ජාතිවාදයට විරුද්ධව ප්‍රති තර්කයක් නිර්මාණය කරගත හැක. කාලිංග මාඝ යුගයේ සහ මුල් පෘතුගීසි යුගයේ උතුරේ පැවති දෙමල රජයක් ගැන කියමින් , දෙමල නිජබිමක් ගැන සිහින මවනවා නම්, අපට කියන්න පුළුවන් තමිල්නාඩුව එකල ලංකාවේ කොටසක් බව. සිංහලයන් යටතේ පාලනය වුවක් බව. ඒ නිසා එය ලංකාවට අයත් බව. නමුත් අපි දන්නවා යම් භූමියක අයිතිය ඇදෙන්නේ එහි සිෂ්ඨාචාරය ගොඩනගපු ජන වර්ගයට බව. ඒ නිසා දෙමල සිස්ඨාචාරය වන සොලී රට වරක් අල්ලාගත් පමණින් එය අපේ නිජබිමක් ලෙස දක්වන්න සිංහල අපි මුද්ගයන් නොවෙමු. මෙලෙසින්ම සිංහල සිස්ඨාචාරයේ හදවත බදු උතුරු නැගෙනහිර වරක් අල්ලාගෙන හිටි පලියට එය දෙමල නිජබිමක් නොවන බව දැනගත යුතුයි.(නදී)