වසර 60 කට අධික කාලයක් තිස්සේ විඳිය නොහැකිව තිබෙන මෙරට ජාතික ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ජාතික ආණ්ඩුව හා එක් වන්නැයි ඉල්ලමින් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන් මහතා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කියක් හරි හොයාගන්නත් එක්ක නේද. (නදී)
දෙමල සංදානය අාවත් නාවත් මෙි කට්ටිය බටහිර රටවලට දුන්නු පොරෙන්දු ටික ඉටු නොකලෙත් රටම ලිබියාවක් වන එක නතර කරන්න බැරි වෙයි (නදී)
කවුරු හරි දන්නවද මොකක්ද ඔය කියන ජාතික ගැටලුව කියලා (නදී)
පෙරේරා මහත්මය ඔබ හරි ! දැන් තියන ප්‍රශ්නය තමයි දේශපාලකයින් ( ද්‍රවිඩ / සිංහල / මුස්ලිම් ) අතරේ තියන ගැටළු සහ පොදු ජනයා අතර තියන බලාපොරුත්තුව අතර දිබෙන්නා වූ වෙනස්කම. හිඟන්නාගේ තුවාලය වගේ. (නදී)
දෙමල ප්‍රශ්නයක් මුස්ලිම් ප්‍රස්නයක් තියෙනවා එ්ක තියෙන්නේ පාලක පන්තියට. නමුත් එක මවා පෑමක් පමණි. එයාල මේ බිල්ල මවලා මිනිසා තුල නිසගයෙන්ම පවතින ජාතියට ඇති ඇල්ම අවුස්සලා බලයට එනවා. අපි පහල මට්ටමේ අය කුලල් කා ගෙන විනාශ විනාස වෙනවා. එයාල සදලුතලවල ඉදන් මදු පානය කරනවා. සිංහල දෙමල මුස්ලිම් අපි හැමදෙනාටම තියෙන පොදු ප්‍රශ්නය ජිවත් වෙන්න විදින දුක නැති කරගන්නේ කොහොමද කියන එකයි. අපි එ්කට විසදුමක් හොයමු (නදී)
කවුරු හරි දන්නවද මොකක්ද ඔය කියන ජාතික ගැටලුව කියලා (නදී)
සාමකාමී ප්‍රවාහයට එන්න එතකොට ප්‍රශ්න නිකම්ම විසදේවි. නැතුව රටට කෙනහිලිකම් කරකර විසදුම් සොයන්න කවදාවත් බැරිබව ඔබතුමන්ලට වැටහෙද්දී පෙරහැර ගිහින්. (නදී)
දෙමල ඔබලාට ඇති අපිට නැති....... අපට ඇති ඔබලාට නැති........ දෙයක් ඇත්නම් ඔබලාට ශ්‍රී ලංකාදීපයේ ඕනෑම තැනකින් ඉඩම් මිලදී ගත හැකි උනත් සිංහලයාට යාපනයේ ඉඩම් මිලදී ගත නොහැක [තේසවලාමේ නිතිය ] මේ අනුව නම් අසාදාරනය සිදු වී ඇත්තේ බහුතර සිංහලයන්ටමය. නමුත් සිංහලයන් කවදාවත් මේ නිතිය වෙනස් කරගැනීමට උද්ගෝසන කර තිබේද ? දෙමල සහෝදරවරුනි පෙඩරල් අපිට නොගැලපෙන සංකල්පයකි. මොකද අපි ඉතාම කුඩා දිවයිනක් වන බැවිනි. පෙඩරල් යනු විසාල රටවල් පාලනයේ පහසුවට සාදා ගත් සංකල්පයකි . එකට සිට ගොඩ නැගෙමුද ? වෙන් වී වැනසෙමුද ? (නදී)
පොලිස්,ඉඩම්,බලයද ? (නදී)
ටී එන් එ එකට ලබුනෙ ඡන්ද ලක්ශ පහයි. රටේ දෙමල ජනතාව ලක්ෂ 15ක් ඉන්නවා. එතකොට මෙ බෙදුම් වාදින්ට දේමල ජනතාවගෙ ඡන්ද ලැබුනෙ 33% යි. මොවුන්ට තනිවම මෙවන් අත්තනෝමතික ප්‍රශ්නයක් මව පා රට අකර්මන්‍ය කිරිමට සිංහල හො දේමල දෙශපාලකයින් උදවු කරනවා නම් ඔවුන්ද රටේ ද්‍රොහීන්ය. (නදී)
ඔය ගැටලුව සිංහල අපට කවදාවත් තේරෙනේනෙත් නැහැ තේරුම් ගන්නත් බැහැ. එ්ක හරියට ඉංගිරිසි ආණ්ඩුව අපි පාලනය කරනකොට අපිට දැනුන ඒ අයට නොදැනුන දේ වගේ දෙයක්. මේක නැති කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ අපි සියලු දෙනාම මේක තේරුම් ගන්න ඕන. තාමත් දෙමල මිනිස්සු ඒ අයගේ මුල් ගම් වල පදිංචි කරනකොට අපි කෑ ගහනවා කොටියට රට දෙනවා කියලා. අපි හැමෝටම ඕන දිගටම ඒ පළාත් වල ආමි කෑම්ප් තියාගෙන ඒ අයව හැමදාම උදේට හවසට චෙක් කරන්න දැන් යුද්ධේ ඉවරයි දැන් ඕන හොඳ බුද්ධි අංශයක් සමග හැමෝටම හොඳ නිදහසක් (නදී)
ඔය කියන ගැටලුව මොකක්ද? (නදී)
සිංහල අපට නැති දෙමල ඔබලාට පමණක් තියන එක ගැටලුවක් කියන්න බලන්න ඔය ප්‍රශ්නය මහා ලොකුවට ඔලුවේ තියාගෙන ඉන්නේ නැතිව. අවස්ථාවාදී සිංහල සහ දෙමල දේශපාලකයින් ගේ "ජනවාර්ගික ගැටලුව" යන වචනයට නොරැවටෙන්න. භූගෝලීය වශයෙන් මිස ජන වාර්ගික වශයෙන් මෙහි කිසිම ප්‍රශ්නයක් අපට නම් නොවැටහේ. (නදී)
අනේ මේ දෙමල ප්‍රශ්නය යනු කුමක්ද කියා පහදා දෙන්න. එතකොට සිංහල ප්‍රශ්නය සහ මුස්ලිම් ප්‍රශ්නය කියා වෙන කිසිවක් නැතිද. (නදී)
පිටබැද්දර ජයා, ඔබ තේසවලාමේ නීතිය හරිහැටි අවබෝධ කරගෙන නැහැ, එම නීතිය අනුව සිංහල මනුස්සයෙකුට යාපනේ ඉඩම් ගන්න බැහැ කියල මොනම සඳහනක් නැහැ හැබැයි යාපනේ කවුරු හරි ඉඩමක් විකුනන්නේ නම් එම ඉඩම මුලින්ම තම ඉඩමට මායිම්වෙන අනිකුත් ඉඩම් හිමියන්ට විකිණීමට බැලිය යුතුයි. ඔවුන් එක්කෙනෙක් වත් එම ඉඩම ගන්නේ නැත්නම් පිට අයෙකුට විකිණිය හැකියි. එසේ අසල ඉඩම් හිමියන්ට ඉඩම නොදී පිට අයට විකිණිය හැකියි. හැබැයි එවිට අසල ඉඩම් හිමියන්ට එම ගනුදෙනුව අධිකරණය මගින් නිෂ්ප්‍රභා කිරීමට පුළුවන්, ඔන්න ඔය විදිහට තමයි යාපනේ තේසවලාමේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. (නදී)
එකතු උනොත් පෙඩරල් ලැබෙයිද අම්මෝ අපි ඉවරයි . බලයේ ඉන්න මේ ගොල්ල එ්කත් දේවි (නදී)
පොලිස්,ඉඩම්,බලයද? නැහැ පෙඩරල් බලය (නදී)
ගැටළු, ගැටළු, ගැටළු නැත්තේ කාටද ? දෙමළ අය මවාගත්ත ගැටළු රට දෙකට කඩන්න එ්ක තමයි මුල ඉදන්ම කිව්වේ මහින්ද මහත්තයව රැකගන්න කියලා. දැන් අඩනවා මේවා හොද පාඩම් ඔක්කෝටම (නදී)
දෙමල ජනතාවට පොදුවේ තිබෙන ගැටළුවක් තමයි ඔවුන්ටම කියල රටක් නැති එක. දෙමල ජනතාව වැඩියෙන්ම ඉන්නේ තමිල් නාඩුවේ. එය ලංකාව මෙන් දෙගුණයක් විශාල වන අතර එහි 93% එනම් මිලියන 60ක පමණ දෙමල ජනතාවක් වාසය කරති. ශ්‍රී ලාංකික දෙමල ජනතාවගේ ප්‍රතිශතය 11% වන අතර එය මිලියන 2 ආසන්න වේ. මෙයින් කොටසක් ඉතා හොදින් ව්‍යාපාර ආදිය කරමින් සිංහල සහ මුස්ලිම් ජනතාව සමග වාසය කරති. දෙමල ජනතාවට වෙනම රටක් ඕනෙනම් එය ගන්න සාධාරණම තැන ඉහත තොරතුරුවලින් තීරණය කරන්න. එසේ නැතිව වෙනත් අවශ්‍යතා ඇත්නම් ඉතා සාදාරණ අයුරින් ඉටුකර දිය යුතුය. (නදී)
ලෝක දෙමල ප්‍රජාවට රටක් නැති ප්‍රශ්නය (අ)
මම කියන්නද, උතුරේ ඉන්න ත්‍රිවිධ හමුදාව අයින් කරලා උදව් කරමුද අළුත් ප්‍රභාකරන් කෙනෙක් හදා ගන්න (නදී)
ජාතික ගැටලුවක් තියෙනවා නම් කොළඹ දෙමළ පවුල් ඉන්න විදිහක් නැහැනේ (නදී)
උදාහරණයකට දෙමල මනුස්සෙයකුට යාපනේ පොලිසියට ගිහින් දෙමළින් පැමිණිල්ලක්වත් දාන්න පුළුවන්කමක් නැහැ. ඔවැනි ගැටළු තමයි දෙමල ජාතික ප්‍රශ්නයට තියෙන්නේ. (නදී)
ඇත්ත වශයෙන්ම දෙමල ජනතාවට ප්‍රස්නයක් නැත. තියෙන්නේ හිතින් මවාගත්ත ප්‍රශ්නය. ඒ වෙනම රාජ්‍යයක් ලබාගැනීමටය.(නදී)
ගැටළුවක් නොමැතිවීම ඡන්දය ඉල්ලීමට බාධාවකි. එම නිසා බාධාවට පිළිතුර ගැටළුවක් ඇතිබව කීමය.(නදී)
සිංහල අපට නැති ද්‍රවිඩ පුරවැසියන්ට පමණක් තිබෙන ප්‍රශ්නය කුමක්ද ? (නදී)