අද පැවැත්වෙන බස්නාහිර පළාත් වර්ෂ අවසාන වාර විභාගයේ නවය ශ්‍රේණිය දෙමළ මාධ්‍ය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ පස් වැනි ප්‍රශ්නයෙන් පසු ඉතිරි ප්‍රශ්න වෙනුවට පිළිතුරු මුද්‍රණය වී ඇති නිසා සිසුහු අපහසුතාවට පත්ව සිටින බව ලංකා ගුරු සංගමය කියයි.
උත්තර සමග බෙදා දුන් නවය ශේණිය දෙමළ මාධ්‍ය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සිසුන් පිළිතුරු ලියමින් සිටියදී කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයෙන් ලද තොරතුරකට අනුව නැවත එකතු කර සීල් තබූ බව අධ්‍යාපන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න පත්තර පිටකරද්දී ඒවා නොබලාද පිටකරන්නේ? අනික සිසුන්ගේ අතට දෙන්න පෙර ඒ ගුරුවරුත් මේවා නොබලාද දෙන්නේ? මේවා කාටද කියන්නේ? (නි)
විභාගේ විභාගේ එහෙ බැලුවත් විභාගේ මෙහෙ බැලුවත් විභාගේ.... විභාගේ තමයි අපේ අභාගේ ! (නි)
බස්නාහිර ගුරුවරුන්ට මැර බලය පෙන්වන ලොකු ලොක්කෝ මෙවැනි දේවලටත් වගකිව යුතුයි. (නි)
නොදන්නා දෙමළෙට ගිහින් වරිගය නසා ගන්නවා කියන්නේ මේවට වෙන්න ඇති (නි)
හැමදාම මොකද මේ විභාගය අවුල්? (නි)
නොබෝ කලකින් හැම ප්‍රශ්න පත්‍රයක්ම අන්ඩර දෙමළ වෙයි වගේ (නි)
ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු තිබෙනවා නම් ළමුන් අපහසුවට පත් වුණේ කොහොමද? (නි)
බලධාරීන්ට ජයවේවා! (නි)
අදාළ තනතුරු වලට නුසුදුස්සන් පත් වූ විට මෙහෙම වෙනවා. (නි)