IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙමළ දරුවෝ බොදු බැති ගී ගයති

‘යාපා පටුනයි දහම් අමාවයි‘ තේමා කරගනිමින් යාපනය වෙසක් කලාපය සිව්වැනි වරටත් යාපනය මහජන පුස්තකාලය ඉදිරිපිටදී උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි, යාපනය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තුන් දිනක් පැවැත්විණි.

ආගමික සංහිදියාවෙන් ජාතික සමගිය ඇති කිරීම මූලික කරගනිමින් යාපනය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් හතුරුසිංහගේ සංකල්පයක් මත වෙසක් කලාපය සංවිධානය කැරිණි.

දර්ශනීය පහන්කූඩු, දිව්‍යලෝක අනුරූ, බත් දන්සල්, සිසිල් පැන් දන්සල් ඊට ඇතුළත් විය.

භක්ති ගීත සංදර්ශනයක් පැවැත්වූ අතර එහිදී යාපනය මනිප්පායි නාලන්දාරාමයේ දමිළ බෞද්ධ දරුවෝ සිංහල බොදු බැති ගායනා කළහ.

උතුරු නාවික හමාදා ආඥාපති අද්මිරාල් ශිරන්ත උඩවත්ත, යාපනය නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න, උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් ආර් විජයලක්ෂ්මි මහත්මිය, යාපනය රෝහල් අධ්‍යක්ෂ භවානි පසුපතිරාජා මහත්මිය ඇතුළු යාපනය ප්‍රදේශයේ දමිළ ජනයා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

 



අදහස් (0)

දෙමළ දරුවෝ බොදු බැති ගී ගයති

සෑම් Monday, 27 May 2013 03:03 PM

වැඩේ හොදයි දැක්කම කියන්න පුලුවන්.(නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 27 May 2013 03:32 PM

හොද ප්‍රවනතාවයක්. සබෑ ලෙසම ප්‍රතිපලයක් අත් වේවා. සාමාන්‍ය ජන ජීවිතය පටන් ගන්න මිනුස්සුන්ටත් ඉඩ කඩ හැරලා දෙන්න. තාමත් ඔවුන් සබැ නිදහස අත් විදලා නැති බවක් පේනවා. යාපනයේ සංචාරය කර කෙනෙකුට ඒක බලාගන්න පුළුවන්.(නදී)

:       0       0

විජේසිංහ Monday, 27 May 2013 12:34 PM

මෙන්න ජාතිවාදී අදහස් දාන්න හොදම අවස්ථාවක්. (නි)

:       0       0

සේරම් Monday, 27 May 2013 12:51 PM

දෙමල උනත් මුස්ලිම් උනත් සිංහල උනත් අපිට එකට සහයෝගයෙන් ආගම සංස්කෘතිය බෙදා හද ගෙන එකම රටක ඉන්න වාසනාව ලැබේවා! ජාති වාදය ආගම බේදය තුරන් වුන දාට අපි එකී නෙකාට ගරු කරන සමාජයක් බිහි වුන දාට ලංකාව හොඳ කලක් යයි.(නදී)

:       0       0

දමිත්- ඩුබායි Monday, 27 May 2013 12:55 PM

නියමයි, ලංකාවේම වෙසක් තිබුණු එක ගැන ගොඩක් සතුටුයි. ආරක්ෂක අංශයට විශේෂ ස්තුතිය! අපේ වීරෝදාර හමුදාවට බොහොම ස්තුතියි. (නි)

:       0       0

සරත් Monday, 27 May 2013 01:01 PM

මාතෘකාව දෙමළ දරුවෝ බැති ගී කියති. ඒකට දාලා තියෙන පොටෝ එක පැහැදිලි නැහැ. ලොකු අයගේ පොටෝ ටික හොදට තියෙනවා.(නදී)

:       0       0

දිලීප Monday, 27 May 2013 01:11 PM

අහන්නත් සතුටුයි

:       0       0

ලකී Monday, 27 May 2013 01:41 PM

ආදර්ශමත් වැඩක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site