‘යාපා පටුනයි දහම් අමාවයි‘ තේමා කරගනිමින් යාපනය වෙසක් කලාපය සිව්වැනි වරටත් යාපනය මහජන පුස්තකාලය ඉදිරිපිටදී උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි, යාපනය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තුන් දිනක් පැවැත්විණි.
ආගමික සංහිදියාවෙන් ජාතික සමගිය ඇති කිරීම මූලික කරගනිමින් යාපනය ආරක්ෂක සේවා ආඥාපති මේජර් ජනරාල් හතුරුසිංහගේ සංකල්පයක් මත වෙසක් කලාපය සංවිධානය කැරිණි.
දර්ශනීය පහන්කූඩු, දිව්‍යලෝක අනුරූ, බත් දන්සල්, සිසිල් පැන් දන්සල් ඊට ඇතුළත් විය.
භක්ති ගීත සංදර්ශනයක් පැවැත්වූ අතර එහිදී යාපනය මනිප්පායි නාලන්දාරාමයේ දමිළ බෞද්ධ දරුවෝ සිංහල බොදු බැති ගායනා කළහ.
උතුරු නාවික හමාදා ආඥාපති අද්මිරාල් ශිරන්ත උඩවත්ත, යාපනය නියෝජ්‍ය පොලිස්පති ඉන්දු කරුණාරත්න, උතුරු පළාත් සභා ප්‍රධාන ලේකම් ආර් විජයලක්ෂ්මි මහත්මිය, යාපනය රෝහල් අධ්‍යක්ෂ භවානි පසුපතිරාජා මහත්මිය ඇතුළු යාපනය ප්‍රදේශයේ දමිළ ජනයා විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හොදයි දැක්කම කියන්න පුලුවන්.(නදී)
හොද ප්‍රවනතාවයක්. සබෑ ලෙසම ප්‍රතිපලයක් අත් වේවා. සාමාන්‍ය ජන ජීවිතය පටන් ගන්න මිනුස්සුන්ටත් ඉඩ කඩ හැරලා දෙන්න. තාමත් ඔවුන් සබැ නිදහස අත් විදලා නැති බවක් පේනවා. යාපනයේ සංචාරය කර කෙනෙකුට ඒක බලාගන්න පුළුවන්.(නදී)
මෙන්න ජාතිවාදී අදහස් දාන්න හොදම අවස්ථාවක්. (නි)
දෙමල උනත් මුස්ලිම් උනත් සිංහල උනත් අපිට එකට සහයෝගයෙන් ආගම සංස්කෘතිය බෙදා හද ගෙන එකම රටක ඉන්න වාසනාව ලැබේවා! ජාති වාදය ආගම බේදය තුරන් වුන දාට අපි එකී නෙකාට ගරු කරන සමාජයක් බිහි වුන දාට ලංකාව හොඳ කලක් යයි.(නදී)
නියමයි, ලංකාවේම වෙසක් තිබුණු එක ගැන ගොඩක් සතුටුයි. ආරක්ෂක අංශයට විශේෂ ස්තුතිය! අපේ වීරෝදාර හමුදාවට බොහොම ස්තුතියි. (නි)
මාතෘකාව දෙමළ දරුවෝ බැති ගී කියති. ඒකට දාලා තියෙන පොටෝ එක පැහැදිලි නැහැ. ලොකු අයගේ පොටෝ ටික හොදට තියෙනවා.(නදී)
අහන්නත් සතුටුයි
ආදර්ශමත් වැඩක්