වාරයක් නොමැතිව ඵලදාව ලැබිය හැකි හයිබ්‍රිඩ් තුඹ කරවිල ප්‍රභේදයක් අඟුණකොලපැස්ස මාෂ තෙල් භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ගොවින්ට හඳුන්වා දි ඇති බව ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරි ඩී.වීරසේකර මහතා හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී සඳහන් කළේය.
මහ කන්නයේ දී පමණක් හේන් වගාවේ ස්වභාවිකව සෑදෙන තුඹ කරවිල රුපියල් 400 ක් තරම් මිලකට අලෙවි කෙරේ.
දෙමුහුන් තුඹ ප්‍රභේදය හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 25 ත් 30 ත්අතර ප්‍රමාණයක අස්වැන්නක් ලබා ගත හැකි බවත් දළ වශයෙන් රුපියල් ලක්ෂ 40 ත් 50 ත් ආදායමක් ගොවියාට ලබා ගත හැකි බවත් කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශීය වී ටික,දොඩම් ටික, ගස්ලබු ටික, රඹුටන් ටික විනාශ කරලා දැන් ඉතුරු වෙලා තියන සොච්චමත් කාල ඉවර කර පියව්!. (ම)
කසුන් සමග මමත් එකගවේ . මම මේ දෙමුහුන් තුබ කරවිල කාල තියනවා ! ලොකු ගෙඩි ! රසය හරිම අඩුය ! ගුණය ගැන නොදනී . ලෝකය පුරාම ඇති දෙමුහුන් අහාර වල ස්වබාවය මෙය වේ ! නිස්පදකයනට අවශ්‍ය වැඩි ලාභ ලැබීම සදහා විශාල ප්‍රමාණයෙන් නිපද වීම විනා රස ගුණ නොවේ ! (ම)
මම නම් වගා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දේවල් නෙමෙයි. මීටවඩා ඉක්මණින් ලාබ ලබන්න පුළුවන් දෙයක් (නි)
අපේ දේශීය දේ වලින් මොනතරම් නම් ලාබ ලබන්න පුලුවන්ද? (නි)
සේනකගේ අදහස නම් හරියට හරි. (ම)
අඟුණකොලපැස්ස භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබාදෙන්න (නි)
අපිට මේ පැල හරි අැට ලබාගන්න ක්‍රමයක් කියන්න (බ)
මේ වර්ගය සුලභ කරන්න (ම)
මේවා බහුලව වැවෙන ප්‍රදේශ මොනවාද? (නි)
වියළි කලාපයේ වැවෙන තුඹ කරවිල ඉබේ වැවෙන ඖෂධීය භෝගයක්. දෙමුහුන් කිරීමෙන් බිබිලේ දොඩම්, දේශීය ගස්ලබු වලට තිත තබා ඇත (නි)
මේවා වැවෙන්නේ? කොහෙද බීජ ලබාගන්නේ කොහෙන්ද? (බ)
මම හරිම විරුද්දයි. කරුණාකර මේ හයිබ්‍රිඩ් වැඩේ නතරකරන්න...(කෞ)
මම දන්න විදිහට කතරගම පළාතේ මේවා වැවෙනවා (නි)
ජනහිත මහතා, මේවා බහුලව වැවෙන ප්‍රදේශයක මගේ හෙක්ටයාර් 10 ක් තිබේ. ව්‍යාපාරික සහයෝගීතාවයක් මඟින් ෆාර්ම් එකක් කිරීමට කැමැත්තක් ඇත. (නි)
කරුණාකර මේ හයිබ්‍රිඩ් වැඩේ නතරකරන්න. නැත්නම් මිනිස්සුත් හයිබ්‍රිඩ් වෙන දවස දුර නැති බව අවබෝධ කරගන්න. ලංකාවේ දේශීයත්වයට ගැළපෙන ආහාර පරිභෝජනයට හුරුවී නිරෝගිමත් ජාතියක් ලෙස සිටීමට අදිටන් කරගන්න (නි)
වී වගාව විනාශ වුණා. බිබිලෙ දොඩම් විනාශ වුණා. අන්තිමට සියලුම දේශීය දේවල් විනාශවුණාට පස්සෙ පොළොවේ පස් තමයි අපිට කන්න වෙන්නේ (නි)
සම්බන්ද කරගෙනීම සදහා දුරකථන අංකය ලබා දෙන්න (ම)
පුළුවන්නම් බීජ ලබා ගන්න විදියක් කියන්න.මං කැමැතියි වගා කරන්න