තායිලන්තයේ තායිපේ නුවර අගෝස්තු 24 සිට30 දක්වා පැවැත්වුණු 10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියෙන් වයස 13 න් පහළ බාලක රන් පදක්කම දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ එම් සසිත් නිපුන් පියුමන්ත සමත් විය.
මේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟ චෙස් ක්‍රීඩා ෆිඩේ මාස්ටර් (එෆ්.එම්) යන නිල නාමය පියුමන්තට හිමි විය.
ලංකාවේ ලා බාලතම හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයයෙන් බිහිවු පළමු ෆිඩේ මාස්ටර් වමේ ගෞරවය ද ඔහුට හිමි වී ඇත.
දොළොස් හැවිරිදි පියුමන්ත ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මේ වසරේ පැවැති වයස අවුරුදු 13 න් පහළ අන්තර් පාසල් චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් දහවැනි ආසියා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රීඩකයකු වෙමින් එම තරගාවලියේ වයස 13 න් පහළ නියෝජනය කර ඇත්තේ තවත් වසරක් ඉදිරියට ක්‍රිඩා කිරීමට ඉඩ තිබියදී වීම මේ ජයග්‍රහණයේ ඇති විශේෂත්වයයි.
මේ වසරේ දෙසැම්බරයේ බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරගාවලියට ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රිඩකයා ලෙස පියුමන්ත සහභාගී වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඔබගේ නමට ඔබින පුණ්‍යවන්ත, ආදර්ශවත් දක්ෂ දරුවෙක් (නි)
ජයවේවා පුතා ඔබ මව්බිමට ලොකු ශක්තියක් (නදී)
ආඩම්බරයි පුතේ. (නදී)
හරිම ආඩම්බරයි ඔයා ගැන (නදී)
සුභ පැතුම් මල්ලියා! ඔබට දෙවියන්ගේම පිහිටයි! (නි)
අපේ සුබ පැතුම් මේ පොඩි පුතාට. හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරමු. (නි)
පුදුම වෙන්න දෙයක් නැහැ. ඔය ඉස්කෝලේ ඉන්නේ හොඳ වැඩකාරයෝ අපේ මැතිවරණ කොමසාරිස් තුමා වගේම සරත් ෆොන්සේකා මහතාත් ඔය ඉස්කෝලේ ඉගෙනගත්තු දෙන්නෙක්නේ (නදී)
ජයවේවා ,(අ)
දම්සෝ දරුවෝ කවදත් හැම අතින්ම දක්ෂයෝ වෙත්. මගේ සුබාශිංසන.(නදී)
පුතේ නුඹට ඉහලටම යන්න ලැබේවා! (නදී)
දරුවට අපේ උණුසුම් සුබ පැතුම්.(දිල්)