තායිලන්තයේ තායිපේ නුවර අගෝස්තු 24 සිට30 දක්වා පැවැත්වුණු 10 වැනි ආසියා පාසල් චෙස් තරගාවලියෙන් වයස 13 න් පහළ බාලක රන් පදක්කම දිනා ගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ එම් සසිත් නිපුන් පියුමන්ත සමත් විය.
මේ රන් පදක්කම දිනා ගැනීමත් සමඟ චෙස් ක්‍රීඩා ෆිඩේ මාස්ටර් (එෆ්.එම්) යන නිල නාමය පියුමන්තට හිමි විය.
ලංකාවේ ලා බාලතම හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයයෙන් බිහිවු පළමු ෆිඩේ මාස්ටර් වමේ ගෞරවය ද ඔහුට හිමි වී ඇත.
දොළොස් හැවිරිදි පියුමන්ත ශ්‍රී ලංකා පාසල් චෙස් සංගමය මේ වසරේ පැවැති වයස අවුරුදු 13 න් පහළ අන්තර් පාසල් චෙස් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් දහවැනි ආසියා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රීඩකයකු වෙමින් එම තරගාවලියේ වයස 13 න් පහළ නියෝජනය කර ඇත්තේ තවත් වසරක් ඉදිරියට ක්‍රිඩා කිරීමට ඉඩ තිබියදී වීම මේ ජයග්‍රහණයේ ඇති විශේෂත්වයයි.
මේ වසරේ දෙසැම්බරයේ බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක පාසල් චෙස් තරගාවලියට ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රිඩකයා ලෙස පියුමන්ත සහභාගී වෙයි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ
කොළඹ වෙසක් සිරි නරඹා ආණමඩුව වෙත ගමන් කරමින් තිබු ලොරි රථයක් මූදුකටුව ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරීන් තුවාල ලැබු දස දෙනකු මාරවිල මූලික
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දම්සෝ චෙස් ශූරයා රන් පදක්කම දිනයි
සේනක ද සොයිසා සිරිවර්ධන Sunday, 31 August 2014 07:52 AM
ඔබ ඔබගේ නමට ඔබින පුණ්‍යවන්ත, ආදර්ශවත් දක්ෂ දරුවෙක් (නි)
එල්.කේ.එස් චන්ද්‍රසිරි Sunday, 31 August 2014 08:06 AM
ජයවේවා පුතා ඔබ මව්බිමට ලොකු ශක්තියක් (නදී)
ධනුකේ Sunday, 31 August 2014 09:35 AM
ආඩම්බරයි පුතේ. (නදී)
නිරාන් සෞදි Sunday, 31 August 2014 09:35 AM
හරිම ආඩම්බරයි ඔයා ගැන (නදී)
මොහමඩ් නස්රී Sunday, 31 August 2014 09:52 AM
සුභ පැතුම් මල්ලියා! ඔබට දෙවියන්ගේම පිහිටයි! (නි)
කමල් Sunday, 31 August 2014 09:56 AM
අපේ සුබ පැතුම් මේ පොඩි පුතාට. හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරමු. (නි)
ද සිල්වා Sunday, 31 August 2014 10:05 AM
පුදුම වෙන්න දෙයක් නැහැ. ඔය ඉස්කෝලේ ඉන්නේ හොඳ වැඩකාරයෝ අපේ මැතිවරණ කොමසාරිස් තුමා වගේම සරත් ෆොන්සේකා මහතාත් ඔය ඉස්කෝලේ ඉගෙනගත්තු දෙන්නෙක්නේ (නදී)
නාමල් Sunday, 31 August 2014 10:15 AM
ජයවේවා ,(අ)
සීල ද සිල්වා Sunday, 31 August 2014 11:23 AM
දම්සෝ දරුවෝ කවදත් හැම අතින්ම දක්ෂයෝ වෙත්. මගේ සුබාශිංසන.(නදී)
අශෝකා Sunday, 31 August 2014 12:01 PM
පුතේ නුඹට ඉහලටම යන්න ලැබේවා! (නදී)
ගාමිණි Sunday, 31 August 2014 12:18 PM
දරුවට අපේ උණුසුම් සුබ පැතුම්.(දිල්)