බදුරලිය රෝහල දින පහකට පසු විවෘත කැර ඇතැත් වෛද්‍යවරුන් නැතැයි ප්‍රදේශවාසීහු කියති.ප්‍රතිකාර ද නොකෙරේ.
රෝහල විවෘත කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද දෙවැනි දිනටත් පවත්වන උපවාසයට ජාතික නිදහස් පෙරමුණේ පාලින්දනුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රියන්ත බෙල්ලන මහතා ද එක් විය.
දෙදෙනාම ලොරියකට සම්බන්ධ කළ යකඩ දම්වැලකින් අත් බැඳගෙන සිටිති.
උපවාසය කඩා කප්පල් කීරීමට උත්සාහා දරන පිරිසක් ඔවුන් වේදිකාවෙන් ඉවත්කරතියි බියෙන් එසේ බැඳගෙන උපවාස කරති.
පෙර දින තෙවරප්පෙරුම මහතාගේ රියට කිසියම් පිරිසක් පහරදී හානි සිදු කැර තිබිණී.
මේ අතර පළාත් සෞඛ්‍ය ඇමැති ජගත් අංගගේ මහතා පවසනුයේ රෝහලේ ප්‍රතිකාර ඇරැඹිම ගැන සිකුරාදා සාකච්ඡාවක් පවත්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මන්ත්‍රී තුමා බාගෙට ඇඳගෙන ඉන්නේ? ප්‍රශ්න විසඳන්නේ මේ ආකාරයටද? දොස්තරලා යන්න ගියේ මොකටද? හැම කෙනාම තමන්ගේ බලය පෙන්නලා ප්‍රශ්න විසඳන්න හදන යුගයක් මේක. (නදී)
මෙන්න මේ වගේ එකතු වෙනව නම් අද ලොකු උන්දලාගේ පස්සට පත්තු තමයි බදින්න වෙන්නේ. (නදී)
ඔය අය ඉවත් කරන්න හරි ලේසියි. (අ)
බදුරලිය රෝහලේ බෙහෙත් නැති එකට සහ අඩුපහසුකම් ගැන මේ චන්ඩි එකෙක්වත් වචනයක් කතාකලේ නැහැ. (අ)
මල කෝලන්.(නදී)
දම්වැලකින් නෙමේ ලණුවකින් බැඳගත්තත් ඕව වෙන වැඩ නෙමේ. නීතිය ස්ථාපිත කරන්න. නීතිය සැමටම සාධාරණ කරන්න.(නදි)
චේතනා පරිසුද්ද වේනම් ඔය සටන් පරදින්නේ නෑ.(නදී)
ප්‍රශ්නෙට පිළිතුරු පැහැදිලිව පෙනෙද්දී අනවශ්‍ය කරදර ඇතිකර ප්‍රසිද්ද වීමට දරණ උත්සාහයක්ද මේ? (නදී)
දැන් ඉතින් උපවාසය නවත්වන්න. කට්ටිය නත්තලට නිමාඩු ගිහින්. ඉක්මනින් එයි.(නදී)
නව රෝහල් ඇතිකළ යුතුව තිබියදී ,තිබුන ඒවත් වහන්න හදන්නේ මොකද කෝ මේ බලධාරීන් ,(දිල්)
බස්නාහිර, දකුණ පළාත්සභා ඉදිරියේදී විසුරුවා හරිනවා.ඉතිරිටික හිතාගන්න පුළුවන්නේ. (අ)
චේතනාව මොකක්ද කියන්නේ දන්නේ නැහැ හැබැයි අවංකව කරනවානම් හොදයි (දිල්)
මේකේ හේතුව මොකක්ද?පැහැදිලි කරලා දෙන්න (දිල්)
කරන්න දේවල් මෙච්චර තිබියදී ප්‍රචාරය ලබාගන්න කරන වැඩ මේවා. දම්වැල නම් ගැලපෙනවා. (දිල්)
මීට වැඩ හොද නැද්ද වෙන විකල්පයකට ගියා නම් (දිල්)
අනේ මන්දා ඉස්පිරිතාලෙත් වහලා ,කලන්තයක්වත් හැදුනොත්?(දිල්)
මේවගේ උද්ඝෝෂණය නොකර අපි මොනවා කරන්නද අපි සහයෝගය දෙනවා (දිල්)
ඔය කියන පුද්ගලයා කවුදැයි අපිට හොඳට මතකයි.(දිල්)
මේ වගේ උපවාස අපිට හොඳට මතකයි.(නදී)
බලු දම්වැලක්ම තෝරා ගත්තේ ඇයි? තර්ජනය කරන්නේ එක අයෙක්. දුක් විදින්නේ තවත් අය, ලකුනු දාගන්නේ තවත් අය.(නදී)
රෝහලක් පොදු දේපලක් එහි කාර්ය මණ්ඩලයට ඕන ඕන විදියට වහනවානම් ඒ සියලුම දෙනාට ස්ථාන මාරු දී වෙනත් කාර්ය මණ්ඩලයක් පත්කළ යුතු වෙනවා. නමුත් විෂයබාර ඇමති තුමා මේ සම්බන්දව කිසිම ප්‍රකාශයක් හෝ පියවරක් ගෙන නැති බව වැටහෙනවා. මෙම රෝහල ඔය අමාත්‍යංශයට අයිති නැද්ද? (නදී)
බලන්න 'ලෙමන් පෆ්' හෙම ළඟ තියෙනවද කියලා.(නදී)
මේ වගේ දෙයකින් හරි මීළඟ ඡන්දයට මනාප ටිකක් එක්කාසු කරගන්න ඕනේ.(නදී)
වීර ඇයි අපිටත් දැනගන්න මතක් කරලා දෙන්න බැරි.(නදී)
දේශපාලන වාසි ගන්න කරන කුහක උත්සහයක්. එහෙම නොවේ නම නැතුව බැනර් දාන්න ඕනේ.(නදී)