දුම් පානයෙන් ලොව පුරා හැට ලක්ෂයකට ආසන්න පිරිසක් සෑම වසරකම මිය යන බවත් ඔවුන්ගෙන් වැඩ් ප්‍රමාණයක් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වැසියන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
මේ තත්ත්වය ඉදිරියේද පැවතුනහොත් 2030 වන විට දුම්පානයෙන් මිය යන සංඛ්‍යාව අසු ලක්ෂය තෙක් ඉහළ යතියි එම සංවිධානය කියයි.
2030 වන විට සිදු වෙතියි අපේක්ෂා කරන මරණ වලින් සියයට අසුවක් සිදුවිය හැක්කේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලින් යැයිද එම වාර්ථාවේ සදහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් මෑන් පැවසුයේ දුම්කොළ නිශ්පාදනය ඒ ආශ්‍රිත ප්‍රචාරක කටයුතු නොකළහොත් තරුණයින් තව තවත් දුම්පානයට නැඹුරු වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනගහනේ කොහොම හරි අඩු වෙන්නත් එපැයි.අනික තමා දුම් නොබිවුවයි කියල වලට යන්නේ නැද්ද.... (නි)
අපේ රටේ නම් එහෙම නැහැ. මතට වගේම දුම් වැටියටත් තිත තියලා ඉවරයි මෙහේ (නි)
මස් මාංශ කාල කව්රුත් මැරෙන්නේ නෑ. ඒවාට විරුද්ධ වෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබය් සැබෑ ප්‍රශ්න ගැන කතා කරන්න කවුරුත් නෑ. (අ)
මම කල්පනා කලේ මේ ගණන පසුගිය අවුරුදු 20 ටම නොමරුණානම් කොහොමද කියල (අ)
අඩු අදායම් ලබන රටවල ඉන්න දුප්පත් අහිංසක මිනිස්සුන්ට මේ දේවල් පුරුදු කළේ කව්ද හැබෑටම? ඔය දියුණු රටවල සුද්ද බුවාලා නේද? මම අහලා තියෙනවා නොමිලේ අහස් යානා වලින් ගෙනත් බිමට දැම්ො කියලත්. ඉතින් අපේ කට්ටියටත් නැතුව බැරි වුනා. ඉතින් මක්කැයි කොරන්නේ? අනික අපේ මහා භාණ්ඩාගාරේ ප්‍රධාන ආදායමක් නේද?ඔහොම යන් .... (නි)
විජේසිංහ කියනවා වගේ ඇයි අර බල සේනාවේ අය මේකට විරුද්ද නොවෙන්නේ. ලංකා දුම්කොළ සමාගමට විරුද්දව කතා කරන්න ඔය අයට කොන්ද පැන නැහැ. රජයට වැඩි බද්දක් ගෙවන නිසා බල සේනාව දන්නවා උඩබුරලා වැඩක් නැහැ කියලා.(නදී)
දුම්කොළ කර්මාන්තකරුවන් ඇතුළු බහුජාතික සමාගම් ලෝක දේශපාලනයේ තීන්දු තීරණ ගන්න අය. ලංකාවෙත් එහෙම තමා. කොච්චර මැරුණත් ඔය ව්‍යාපාරය ඉතාමත් සාර්ථකව ඉදිරියට යනවාමයි. (නි)
පවතින රජයට බැරිද දුම්වැටි තහනම් කරන්න? බොරුවට සිගරට් පැකට් වල අවවාදයි කියලා රැවටිල්ලක් නොකර. අරක්කු සිගරට් වලින් ගන්න බදු වලට වැඩිය යනවා රජයට බෙහෙත් වලට (නි)
ඒ කියන්නේ අවුරුද්දකට මෝඩයෝ ලක්ෂ 60ක් මැරෙනවා කියන එකද? (නි)
ඇයි දෙයියනේ මේ ආන්ඩුවට ලංකාව තුල දුම්වැටි තහනම් තරන්න බැරි? (නි)
කමක් නැහැ මේක ශාකමය දෙයක්නේ. ඔන්න ඔහේ ඉමු (නි)
මේ උපදින හැටියට හොඳටම මදි. (නි)