IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුම්වැටි මැෂිමේ හබයෙන් ලංකා පකිස්තාන ගැටුමක්

ඉතාලියේ බෙර්ගමෝ නගරයේ කනොනිකා දි රෝමා මාවතේ රාත්‍රී සල්පිලක දී පකිස්තාන ජාතික තරුණයන් දෙදෙනකු හා ශ්‍රී ලංකාවේ තරුණයන් අතර ගැටුමකින් එම සිව්දෙනාම තුවාල ලදහ.

පකිස්තාන ජාතිකයනට පිහියෙන් ඇන ඇති අතර එක් අයකුට මැහුම් 22ක් දැමීමට සිදු විය.

අවුරුදු 30ක් හා 31 වන සිංහලයෝ දෙදෙනා සුළු තුවාල ලදහ.

කාසි දමා සිගරට් ගැනීමේ යන්ත්‍රයක් අසළ ඇතිවූ ආරවුලක් ගැටුමට හේතු විය.

යන්ත්‍රයෙන් සිගරට් මුලින්ම ගත යුත්තේ කවුද යන ප්‍රශ්නය මත පිහි ඇනුම සිදුව ඇත.

පසුගිය සති අන්තයේ ඉතාලියේ මධ්‍යම නිදහස් චතුරස්‍රයේ ධවල රාත්‍රියේදී මේ සිද්ධිය වාර්තා විය.

ධවල රාත්‍රියයනු එළිවන තුරු කඩ සාප්පු විවෘත කර පවත්නා සල්පිල් ස්වරූපයේ සැණකෙළියකි.

 

 



අදහස් (0)

දුම්වැටි මැෂිමේ හබයෙන් ලංකා පකිස්තාන ගැටුමක්

නුවන් Tuesday, 10 September 2013 07:29 PM

ආසන්නම නගරයේ නම මොකක්ද? (නි)

:       0       0

පිටිගල Tuesday, 10 September 2013 07:28 PM

මෝඩයා අවස්ථාව අනුව අනුන්ට ඉඩ දෙන්න සුදානම් නැහැ. අපේ අය ගැන ඉතින් කියන්න ඕනෑ නැහැ නේ. ඉස්සෙල්ල පකිස්ථානුවට ඉඩ දුන්නා නම් සිංහලයා නුවණක්කරයෙක් වෙන්න තිබුනා. එහෙත් එහෙම වෙලා නැහැ. ඒ මදිවට පිහියෙනුත් ඇනලා.ඕක පිහියෙන් අනින්න තරම් වරදක්ද? (නි)

:       0       0

ජයලත් Tuesday, 10 September 2013 07:29 PM

ලාංකිකයින් දෙදෙනාට ඉක්මන් සුව පතමි (නි)

:       0       0

ලක්මාල් Tuesday, 10 September 2013 07:43 PM

නිහාල්, ඔබ හරි.නුවන් ළගම නගරය මිලානෝ. ඇයි අහන්නේ එන්නද? නැත්නම් පොලිසියට කියන්නද? මෙහෙ ඔහොම තමා. (නි)

:       0       0

නිරෝෂන් Tuesday, 10 September 2013 07:50 PM

මම ඉල්ලන්නේ විශේෂයෙන් පාකිස්ථානය සමග අපි ගනුදෙනු කරන්න ඕනෑ නැහැ කියලයි (නි)

:       0       0

ගුණේ Tuesday, 10 September 2013 07:54 PM

යන විදියට ළගදීම ඉතාලි දොර ශ්‍රී ලාංකිකයන්ට වැසෙයි වගේ. (නි)

:       0       0

මානගේ Tuesday, 10 September 2013 07:56 PM

නරක ඇබ්බැහිවීම් වලට හුරු නොවී හිටියනම් ජීවිතේට කිසිම හානියක් වෙන්නේ නැහැ, ඕනේ නැති දේවල් කරන්න ගියහම ඕවගේ දේවල් වලට මුණ දෙන්න වෙනවා.(නදී)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 10 September 2013 08:14 PM

ඕක ජම්ම ගතිය ඉතාලි යන අයගේ (අ)

:       0       0

නිල්මිණි Tuesday, 10 September 2013 08:46 PM

ඔය යුරෝපයේ ඉන්න පකිතන් අය ඉන්නේ කොහොමත් හරිම ලොකු විදිහට තම,හැමදම කොහේ ගියත් වැලි,(අ)

:       0       0

ජයාන් Tuesday, 10 September 2013 08:46 PM

පාකිස්තාන කොල්ලෝ හිතන්නේ අපිත් ඉන්දියා කොල්ලෝ වගේ කියල එකයි ගහ ගන්න එන්නේ (අ)

:       0       0

චතුල Tuesday, 10 September 2013 09:20 PM

පිහියක් ඉනේ ගහගෙන අනේ මන්ද , පොල් කඩ කඩ හිටපු ගමන් සිගරට් එකක් ගන්න ඈවිත් වගේ (අ)

:       0       0

අබ්දුල් Wednesday, 11 September 2013 03:35 PM

කන කෑමකට පොර කෑවත් කමක් නැහැ.වැඩකට නැති සිගරට් එකකටද මෙච්චර කොලවෙරි. (ස)

:       0       0

ගුණතිලක Tuesday, 10 September 2013 10:22 PM

ගුනේගේ වචනෙට මාත් එකඟයි.(නදී)

:       0       0

ජෝන් Tuesday, 10 September 2013 10:35 PM

කොල්ලෝ දෙන්නට ඉකමන් සුවය ලැබේවා.(නදී)

:       0       0

හේමන්ත Tuesday, 10 September 2013 05:53 PM

සැණකෙළි අස්සේ ගිනි කෙලි... රට ගියේ මොකටද කියලා මතක නැහැ. (නි)

:       0       0

කුමාර Tuesday, 10 September 2013 05:57 PM

මම නම් ප්‍රාර්ථනා කරන්නේ නුගතුන් ඉන්නා සමාජයක ඉපදෙන්න එපා කියලා.මනුස්සකම හදුනා ගන්න පුළුවන්,හොඳ නරක දෙක තෝරා ගන්න පුළුවන්,ලෝකයට අලුතෙන් යමක් එකතුකරන්න පුළුවන් අය උගතුන් ලෙස මගේ ගොඩට ගන්නවා. (නි)

:       0       0

ධම්ම Tuesday, 10 September 2013 06:17 PM

එහෙත් පිහිය ඉණේ ගහගෙන තමයි වැඩ අපේ අය. (නි)

:       0       0

අජිත් Wednesday, 11 September 2013 03:56 AM

දෙගොල්ලොම නූගත්. ඔහොම ගහගන්නේ රට ලැජ්ජාවට පත්කරනවා කියලා හිතාගෙන. හොඳට බැටේ දුන්නේ නැත්නම් රටට අඩුවක් වුණා කියලා තමයි මේ අය හිතෙන්නේ (නි)

:       0       0

නිහාල් Tuesday, 10 September 2013 06:28 PM

ඉතාලි ජනතාව බොහොම හොදට හික්මීම තිබෙන ජන වර්ගයක් කියලා තමයි අපි අහලා තියෙන්නේ. පෝලිමක් නැතිවුණත් පළමු පැමිනිකෙනාට පළමු තැන දීම සිරිතලු.ඒත් එහෙ ඉන්න පිටරැටියන්ට ඒවා බලලත් හැදෙන්න බැරිනම් ඒක එයාලගෙම කරුමේ. (නි)

:       0       0

සිල්වා Tuesday, 10 September 2013 06:40 PM

හරිම හොද ළමයි දෙන්නෙක් (නි)

:       0       0

වජිර Tuesday, 10 September 2013 06:48 PM

ඉවසීමක් නැති මිනිස්සු! (නි)

:       0       0

ඉසුරු Tuesday, 10 September 2013 06:57 PM

මෝඩ මිනිස්සුන්ගේ වැඩ නිසා බොරුවට රටවල් අතර හොද හිත නැති වෙනවා (නි)

:       0       0

දනු Wednesday, 11 September 2013 06:26 AM

කොහොමත් මේ දකුණු ආසියානු රටවල්වල මිනිස්සු පිටරට ගියාම ඔලුව ඉදිමෙනවා.හිතාගෙන ඉන්නේ ලොකු පොරවල් කියලා. (නි)

:       0       0

සදුනි Tuesday, 10 September 2013 07:03 PM

අපේ කට්ටියටත් ඉතින් කොහේ ගියත් රණ්ඩුවක් ඕනෑනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site