දුම්වැටි නිවාරණය පිළිබඳ ජගත් විශිෂ්ටතා සම්මානය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට හිමි විය.
දුම්වැටි හා මධ්‍යසාර භාවිතය අවම කිරීමට සේනාරත්න මහතා කළ කාර්ය භාරය ඇගයීමට ලක්කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සම්මානය පිරිනැමීය.
එම සම්මානය සේනාරත්න මහතාට භාර දීමේ උත්සවය මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනාම් කේත්‍රාපල් සිංගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම් වැටී නිවාරණ සඳහා ජගත් සෞඛ්‍ය සංවිධානය පුදනු ලබන සම්මානය අප සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිඳුන්ට ලැබීම රටටම ආඩම්බරයක් වුවත් දුම් වැටියට වඩා මහා විනයක් කරනු ලබන මත් කුඩු ජාවාරම මැඩලීමට ගනු ලබන රජයේ මන්ද ගාමී ප්‍රතිපත්තිය නම් කිසිසේත් අනුමත කල නොහැක. (ර)
මෙනවද කළේ මෙහෙම සම්මානයක් ගන්න? (ම)
ඔය ගැන ජනාධිපතිතුමාත් ගොඩක් වෙහෙසුණා නේද? (නි)
ඒත් දුම්වැටි මත්ද්‍රව්‍ය වල අඩුවීමක් නම් අපිට පෙනෙන්න නැහැ (නි)
අපේ පොලිසිය කිසිම හෝඩුවාවක් නොතිබූ වාස් ගුණවර්ධන කේස් එකේ ඔක්කොම ඇල්ලුවා. ගමේ හැම එකාම දන්නා කසිප්පු මුදලාලි, කුඩු බිස්නස් කාරය, අල්ලගන්න බැහැ. (බ)
බම්බුවක් කතා කරනවා. ඔච්චර රුදාවනම් මොකද ඕක තහනම් කරන්න බැරි. අඩුගානේ පරදින්න හරි ඔය දේශපාලකයෝ එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට යෝජනාවක් වත් ගෙනාවද? (බ)
මේකනම් මට ලෝක විහිළුවක්. ලංකාවේ අපිනම් මෙයා කරපු ඉටිගෙඩියක් දන්නේ නැහැ. මෙයා ඔය වැඩේ කරලා තියෙන්නේ වෙන රටකද දන්නේ නැහැ. (අ)
මේකනම් ලොකුම විහිළුවක්. ලංකාවේ අපිනම් මෙයා කරපු ඉටිගෙඩියක් දන්නේ නැහැ. මෙයාට ලොකුම බොරු කියන සම්මානයනම් දෙන්න වටිනවා, l (බ)
ලංකාවේ සෞඛ්‍ය සේවයට ලැබුණ සම්මානය රට වෙනුවෙන් ඇමතිවරයා ගත් බවයි නිවැරදි සිදුවීම.(ම)
එතකොට දැන් ලංකාවේ බීඩි, සිගරැට්, සුරුට්ටු ඇත්තෙම නැද්ද? (නි)
මෙය ලබාගන්න ඔහු කළ සේවය ගැන අපිට දැනගන්න පුලුවන්ද? (නි)
අනේ පව්, අපේ ගමේ හිටපු සිගරට් මුදලාලි කන්න නැතුව බඩගින්නේ මලා ඔය වැඩෙන් පස්සේ. (බ)
මම ජනාධිපතිතුමාගේ හැම ක්‍රියාවක්ම අනුමත නොකරමි. නමුත් මේ දුම්වැටි නිවාරණ ක්‍රියාදාමය එතුමාගේ වැඩක් බව මම දනිමි. (නි)
මට නම් මේක හීනයක් වගෙයි (නි)
මතින්තොර රටක් හදන්න ඔයතරම් උවමනාවක් තියෙනවා නම් තහනම්ම කරන්න තිබුණනේ. මේ වෙනකොට ලංකාවේ කී දෙනෙක් මැරෙනවද ඕවා නිසා? පවුල් කීයක් විනාශ වෙනවද? (නි)