සෞදි අරාබියේ දමාම් නුවර සිට විදේශීය දුම්වැටි හැටදහසක් නිති විරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ‍්‍රී ලාංකිකයෙකුට රුපියල් ලක්ෂ එක හමාරක දඩ නියම කළ රේගුව එම දුම්වැටි තොගය රාජසන්තක කළේය.
මේ පිළිබඳ රේගු පරික්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක චතුර මොහොට්ටිගෙදර මහතා විසින් සිදු කළේය.
මෙසේ දඩ නියම වුයේ කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තිස් හත් හැවිරිදි පුද්ගලයෙකුටය.
ඔහුගේ ගමන් මල්ලේ තිබී මෙම දුම් වැටි තොගය සොයාගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මේ පිළබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක චතුර මොහොට්ටිගෙදර මහතාගේ මෙහෙයවිමෙන් ගුවන්තොටුපොළ රේගු නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd