පොතුහැර දුම්රිය අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වු අලාභය රුපියල් දස කෝටිය ඉක්මවතියි දුම්රිය ආරංචි කියයි.
මේ අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමට ද යයි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රියට දස කෝටියක් පාඩුයි
නිහාල් Wednesday, 30 April 2014 05:09 PM
කෝ අර ඇමතිතුමා? (නි)
රෝහණ Thursday, 01 May 2014 05:02 AM
අසරණ මිනිස්සුන්ට නැති වැරදි වලටත් දඩුවම් දෙන රටක් තමාගේ වටේ හෙන්චයියන් බේරගන්න දගලනවා. ජනාධිපතිතුමනි, ඔවැනි පුද්ගලයින් බේරගන්න එපා.(නදී)
ඩෑම් Wednesday, 30 April 2014 05:37 PM
පරීක්ෂණය කරන්නම තව කෝටි 10ක් විතර සහ අවුරුද්දක විතර කාලයක් යයිද දන්නෙ නැහැ. ඒ අතරේ තව කීයක් මේ විදියට හැපෙයිද දන්නෙත් නැහැ. (නි)
ඉසුරන්දි Wednesday, 30 April 2014 05:50 PM
කිවුවත් වගේ පරීක්ෂණ කරන්න තව දුම්රියක් ගන්න මුදල් වැය වෙයිද දන්නේ නැහැ නේද? කොහොම වුණත් මේවා අපේ රටට ඔරොත්තු නොදෙන අතිවිශාල පාඩු ගෙනදෙන සිද්ධි. (නි)
ලක්නාත් Thursday, 01 May 2014 07:05 AM
දස කෝටියක් කියන්නේ සුළු ගණනක්නේ. එන්ජින් දෙක සමග පෙට්ටි ටික රටින් ගෙන්වනකොට සාක්කුවට කොටි දෙක සුරුස් ගාලා හොයාගන්න පුළුවන්. (ස)
රණතුංග Wednesday, 30 April 2014 06:04 PM
ඔය විශේෂ පරීක්ෂණ කණ්ඩායම පත් කරලා,ඊට පස්සේ වැරදිකාරයන් වෙන අයට මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ ? මිටි තැනකින් ජලය බැස යාවිද? (නි)
මධු Friday, 02 May 2014 11:07 PM
මේ වගේ අපරාධ සිදුවෙන එකනම් රටකට දරා ගන්න බැරි පාඩුවක් (දී)
මෙරංචි Wednesday, 30 April 2014 06:31 PM
සුනුවිසුණු වුණාටත් පස්සේ මොන පරීක්ෂණද? (නි)
නිමල් Thursday, 01 May 2014 07:36 AM
මෙයට පෙර මහා අනතුරක් සිදු කරමින් මෙලෙසම නවතා තිබු දුම්රිය ගැටුනෙත් ඉන්දියාවෙන් ගෙන්වූ අලුත් මෙවැනිම දුම්රියක නේද? මට කණගාටු විපතට පත් අසරණයන් සහ දැනට අවුරුදු පනහකට වැඩිය පැරණි ,එහෙත් අදත් ජව සම්පන්න එම් 2 වර්ගයේ දුම්රිය එන්ජිම ගැන. (නි)
නාමල් Wednesday, 30 April 2014 06:40 PM
කලින් අනතුර වෙලා මාස කීයද ගියේ? (නි)
නිශාන්ත Wednesday, 30 April 2014 07:01 PM
දුම්රියට නෙමෙයිනේ ඉතින් මේ දසකෝටිය පාඩු, රටේ අහිංසක ජනතාවටනේ... (නි)
උඩුරාවන Thursday, 01 May 2014 07:23 AM
මොකක්හරි සිදුවෙනකොටම විශේෂ පරීක්ෂණ කමිටු, කණ්ඩායම් පත් කරනවා. (නි)
රවීන් Wednesday, 30 April 2014 07:05 PM
පාඩුව දස කෝටියක්?? ජීපීඑස් සවිකරන්නවත් එතරම් යන්නේ නැහැ නේද? දුම්රිය හා මගීන් රක්ෂණය කරලා නැහැ නේද? (නි)
රසිම් Thursday, 01 May 2014 08:41 AM
අයියෝ! දස කෝටියක් කියන්නේ කොච්චර විශාල ගණනක්ද? (නි)
රේමන්ඩ් Thursday, 01 May 2014 07:55 AM
මෙය තිරිංග ක්‍රියාත්මක නොවූ නිසා සිදුවූ බව අපි දැක්කා.මෙම දුම්රියවල නියාමක සහ රියදුරු අතර අදහස් හුවමාරු කිරීමට සන්නිවේදන උපකරණ නොමැතිද? එසේ නොමැති නම් අනිත් දුම්රිය පිළිබඳවත් සොයාබැලීම හොඳයි. (නි)
චන්දන Thursday, 01 May 2014 08:21 AM
වගකියන්න කවුරුවත් නැද්ද? (නි)
බන්දුල Wednesday, 30 April 2014 07:50 PM
ලංකාවේ මේ වගේ දෙයක් සිදු වුණාම සමහරුන්ට ඇඟ බේරගන්න තියන පහසුම ක්‍රමය තමයි කොමිටියක් පත්කරන එක. ඒ කොමිටිය කරුණු කාරණා හොයාගෙන වාර්තාව ඉදිරිපත් කරනකොට අඩුම තරමේ වසරක්වත් ගතවෙලා. එතකොට සිදු වූ දේ ගැන කාටවත් මතක නැහැ. ඒත් කමක් නැහැ, අඩුම තරමේ නැවත ඒ වගේ දෙයක් සිදු නොවන්නට පිළියම්වත් යොදනවා නම්. එහෙමත් නැහැ. ඔන්න ලංකාවේ තරම. (නි)
බන්දුල පෙරේරා Wednesday, 30 April 2014 09:04 PM
මගීන් කෙසේ වෙතත් දුම්රිය එන්ජින් සහ මැදිරි සදහාවත් රක්ෂණයක් නැද්ද?එහෙම කරලා නැත්නම් රක්ෂණ ආවරණයක් නැතුව වාහනයක් පාරට දාන්න බැහැනේ. දුම්රියට එය අදාල නැද්ද? ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඩී.ඇන්.යෝගානන්ද Thursday, 01 May 2014 11:42 AM
ඒ තීන්දුවත් කොමිටියකට. ඊට වඩා හොඳ නැද්ද ඔය කල්මරන කොමිටි වලට වැය කරන්න වෙන මුදලින් හානි වූ දුම්රිය දෙක අළුත්වැඩියා කළා නම්? (නි)
නිහාල් Wednesday, 30 April 2014 10:13 PM
කොරියා වල අගමැති ඉල්ලා අස්වුණා නැව ගිලුනට පස්සේ. අපේ කවුද දැන් අස්වෙන්නේ?දන්නේ නැති නිසයි අහන්නේ (නි)
මහේෂ් Saturday, 03 May 2014 10:29 PM
විශේෂ පරීක්ෂණ කණ්ඩායම් සදහා වියදමට සල්ලි තියනවා කලින් හැප්පුනු එක තාම හදාගන්නබැ(ස)
විධුෂක Thursday, 01 May 2014 12:07 AM
නිහාල්, ඔය අහන්නේ කවුරු ගැනද කියලා මම දන්නවා (නි)
ප්‍රියකුමාර Thursday, 01 May 2014 12:34 AM
දිනකට අතිවිශාල දුම්රිය ප්‍රමාණයක් නියමිත වෙලාවට ධාවනය කිරීම මෙවන් අනතුරු වලට ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ ප්‍රතිපලය වශයෙන් කියයිද දන්නෙ නැහැ (නි)
වීරසේකරගේ Thursday, 01 May 2014 01:21 AM
පළාත් සභා ඡන්දයට අහවල් ඇමතිතුමාගේ පුතා මීට වඩා වැඩි ගණනක පෝස්ටර් අලවන්න ඇති. (නි)