පොතුහැර දුම්රිය අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වු අලාභය රුපියල් දස කෝටිය ඉක්මවතියි දුම්රිය ආරංචි කියයි.
මේ අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමට ද යයි.
පොතුහැර දුම්රිය අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදු වු අලාභය රුපියල් දස කෝටිය ඉක්මවතියි දුම්රිය ආරංචි කියයි.
මේ අනතුර ගැන සෙවීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමට ද යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර ඇමතිතුමා? (නි)
අසරණ මිනිස්සුන්ට නැති වැරදි වලටත් දඩුවම් දෙන රටක් තමාගේ වටේ හෙන්චයියන් බේරගන්න දගලනවා. ජනාධිපතිතුමනි, ඔවැනි පුද්ගලයින් බේරගන්න එපා.(නදී)
පරීක්ෂණය කරන්නම තව කෝටි 10ක් විතර සහ අවුරුද්දක විතර කාලයක් යයිද දන්නෙ නැහැ. ඒ අතරේ තව කීයක් මේ විදියට හැපෙයිද දන්නෙත් නැහැ. (නි)
කිවුවත් වගේ පරීක්ෂණ කරන්න තව දුම්රියක් ගන්න මුදල් වැය වෙයිද දන්නේ නැහැ නේද? කොහොම වුණත් මේවා අපේ රටට ඔරොත්තු නොදෙන අතිවිශාල පාඩු ගෙනදෙන සිද්ධි. (නි)
දස කෝටියක් කියන්නේ සුළු ගණනක්නේ. එන්ජින් දෙක සමග පෙට්ටි ටික රටින් ගෙන්වනකොට සාක්කුවට කොටි දෙක සුරුස් ගාලා හොයාගන්න පුළුවන්. (ස)
ඔය විශේෂ පරීක්ෂණ කණ්ඩායම පත් කරලා,ඊට පස්සේ වැරදිකාරයන් වෙන අයට මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ ? මිටි තැනකින් ජලය බැස යාවිද? (නි)
මේ වගේ අපරාධ සිදුවෙන එකනම් රටකට දරා ගන්න බැරි පාඩුවක් (දී)
සුනුවිසුණු වුණාටත් පස්සේ මොන පරීක්ෂණද? (නි)
මෙයට පෙර මහා අනතුරක් සිදු කරමින් මෙලෙසම නවතා තිබු දුම්රිය ගැටුනෙත් ඉන්දියාවෙන් ගෙන්වූ අලුත් මෙවැනිම දුම්රියක නේද? මට කණගාටු විපතට පත් අසරණයන් සහ දැනට අවුරුදු පනහකට වැඩිය පැරණි ,එහෙත් අදත් ජව සම්පන්න එම් 2 වර්ගයේ දුම්රිය එන්ජිම ගැන. (නි)
කලින් අනතුර වෙලා මාස කීයද ගියේ? (නි)
දුම්රියට නෙමෙයිනේ ඉතින් මේ දසකෝටිය පාඩු, රටේ අහිංසක ජනතාවටනේ... (නි)
මොකක්හරි සිදුවෙනකොටම විශේෂ පරීක්ෂණ කමිටු, කණ්ඩායම් පත් කරනවා. (නි)
පාඩුව දස කෝටියක්?? ජීපීඑස් සවිකරන්නවත් එතරම් යන්නේ නැහැ නේද? දුම්රිය හා මගීන් රක්ෂණය කරලා නැහැ නේද? (නි)
අයියෝ! දස කෝටියක් කියන්නේ කොච්චර විශාල ගණනක්ද? (නි)
මෙය තිරිංග ක්‍රියාත්මක නොවූ නිසා සිදුවූ බව අපි දැක්කා.මෙම දුම්රියවල නියාමක සහ රියදුරු අතර අදහස් හුවමාරු කිරීමට සන්නිවේදන උපකරණ නොමැතිද? එසේ නොමැති නම් අනිත් දුම්රිය පිළිබඳවත් සොයාබැලීම හොඳයි. (නි)
වගකියන්න කවුරුවත් නැද්ද? (නි)
ලංකාවේ මේ වගේ දෙයක් සිදු වුණාම සමහරුන්ට ඇඟ බේරගන්න තියන පහසුම ක්‍රමය තමයි කොමිටියක් පත්කරන එක. ඒ කොමිටිය කරුණු කාරණා හොයාගෙන වාර්තාව ඉදිරිපත් කරනකොට අඩුම තරමේ වසරක්වත් ගතවෙලා. එතකොට සිදු වූ දේ ගැන කාටවත් මතක නැහැ. ඒත් කමක් නැහැ, අඩුම තරමේ නැවත ඒ වගේ දෙයක් සිදු නොවන්නට පිළියම්වත් යොදනවා නම්. එහෙමත් නැහැ. ඔන්න ලංකාවේ තරම. (නි)
මගීන් කෙසේ වෙතත් දුම්රිය එන්ජින් සහ මැදිරි සදහාවත් රක්ෂණයක් නැද්ද?එහෙම කරලා නැත්නම් රක්ෂණ ආවරණයක් නැතුව වාහනයක් පාරට දාන්න බැහැනේ. දුම්රියට එය අදාල නැද්ද? ඇත්තටම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඒ තීන්දුවත් කොමිටියකට. ඊට වඩා හොඳ නැද්ද ඔය කල්මරන කොමිටි වලට වැය කරන්න වෙන මුදලින් හානි වූ දුම්රිය දෙක අළුත්වැඩියා කළා නම්? (නි)
කොරියා වල අගමැති ඉල්ලා අස්වුණා නැව ගිලුනට පස්සේ. අපේ කවුද දැන් අස්වෙන්නේ?දන්නේ නැති නිසයි අහන්නේ (නි)
විශේෂ පරීක්ෂණ කණ්ඩායම් සදහා වියදමට සල්ලි තියනවා කලින් හැප්පුනු එක තාම හදාගන්නබැ(ස)
නිහාල්, ඔය අහන්නේ කවුරු ගැනද කියලා මම දන්නවා (නි)
දිනකට අතිවිශාල දුම්රිය ප්‍රමාණයක් නියමිත වෙලාවට ධාවනය කිරීම මෙවන් අනතුරු වලට ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ ප්‍රතිපලය වශයෙන් කියයිද දන්නෙ නැහැ (නි)
පළාත් සභා ඡන්දයට අහවල් ඇමතිතුමාගේ පුතා මීට වඩා වැඩි ගණනක පෝස්ටර් අලවන්න ඇති. (නි)