ප්‍රවේශපත් නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ට ලබන ජනවාරි 1 වැනිදා සිට රුපියල් 5000 ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් දඩ මුදල් ලෙස අයකරගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
මෙම නීතිය 2016 වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශ ආරංචි කියයි.
ප්‍රවේශපත් නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ට ලබන ජනවාරි 1 වැනිදා සිට රුපියල් 5000 ක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් දඩ මුදල් ලෙස අයකරගන්නා බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.
මෙම නීතිය 2016 වසරේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිර ගෙවල් වල කාමරත් වැඩි කරන්න (බ)
ඇත්ත වශයෙන්ම ටිකට් නොමැතිව බහුතරයක් ගමන් ගන්නවා. දුම්රිය් ස්ථාන වලට යන සාමාන්‍ය මාර්ගයෙන් පිටතින් ඔවුන් බැසයන්නේ. ඔවුන්ව අල්ලාගන්න වයසක පරීක්ෂකවරුන්ට බැහැ. ටිකට්පතේ වැදිලා තිබෙන දින මුද්‍රාව පවා ඔවුන්ට පෙන්නේ නැහැ. නියමිත මුදල් ගෙවා ටිකට් ගත් අය පවා පරණ දිනයක් ගත් ටිකට් එකක් කියලා වැරදි චෝදනා කර දඩ කොළ ලියන අවස්ථා තිබෙනවා. මඟීන් අසරණයි. (නි)
දඩ වලින්ම අයවැය හිඟය පියවන්න හදනවාද කියලා හිතෙනවා අපිට (නි)
දඩ ගහන්න කලින් දුම්රිය සේවය කාර්යක්ෂම සේවයක් කරන්න. නිතරම පීලි පනින කැඩෙන දුම්රිය මැදිරි වෙනුවට අලුත් ඒවා ගන්න. අනික දොරවල් වහගෙන යන්න පුළුවන් ඒවා. ජනතාව දුම්රිය ගොඩක් පාවිච්චි කරනවානේ (නි)
දුම්රිය ගාස්තු අනිවාර්යයෙන් වැඩි කළයුතුය. අවම ගාස්තුව 20ක්වත් වියයුතුය. දුම්රිය ගමනාගමනයද ක්‍රමවත් කළයුතුය. (නි)
අපේ රටේ තරුණ ජවය මෙවැනි රැකියා වලට ගත යුතුයි. අපේ තරුණ ශ්‍රමය අපරාදේ ත්‍රීවීලර් වලට යටවෙලා. (ම)
පරණ ටිකට් පත වෙනුවට නව ටිකට් පතක් හදුන්වා දෙනවනම් හොදයි. ඒ වගේම අතේ තියන හැම බග් එකක් තියල සීට් අල්ලන් ඉන්න අයටත් දඩුවමක් දෙනවනම් අනිත් මගීන්ට සහනයක්. (ම)
දඩේ පන්දහයි ගමන් ගාස්තුව වගේ දෙගුණයකුත් ගහනවනලු , එතකොට දඩ දෙකයිනේ එතකොට මේවට කියන්න වෙන්නේ හයිබ්‍රිඩ් දඩ කියලද ? (බ)
දුම්රියන් ඇතුලේ ෆොනේ කොට කොට අනිත් අයට කරදර විදියට පිටේ හේත්තුවෙලා යන අයට මොනවා හරි කරන්න. දුම්රියේ දඩ මුදල වැඩි කිරීම අසාධාරණයි. හදිස්සියකදී දුම්රියේදී පික් පොකට් ගැහුවොත් ගහෙන් වැටුන එකාට ගොනා අන්න වගේ දඩ ගෙවන්නත් සිදු වෙනවා. යහ පාලනය නමින් එන යම පාලනය ජනතාව සූරා කන්න හදන හැටි හොඳට පේනවා (අ)
දඩ දඩ ගහනවා විතරයි හොරෙන් යන මිනිස්සුන්ව අල්ලගන්න, 2 පන්තියෙ 3 පන්තියේ ටිකට් අරන් යන මිනිස්සුන්ව අල්ලන්න හරියට විදිමත් ක්‍රමයක් සකස් කරන්න. (ම)
තවම වෙනස් නොවේ. දුම්රිය ටිකට් පත පමණයි දිනය සහ ගමනාන්තය පැහැදිලිව සටහන් වුණ ටිකට් පතක් අවශ්‍යයි (ම)
දඩ ගහන එක හොදයි එසේම ටිකට් දෙන එකත් කාර්යක්ෂම කරන්න ඕනේ. අලුත් දුම්රිය පටන් ගන්න. යහපාලනයෙන් දුම්රියට තාම සංවර්ධනයක් කළේ නැහැ (බ)
දුම්රිය සේවයේත් ඉහල පුටු වල සිටින ගතානුගතික හණමිටි අදහස් දරන වයසක උදවිය ඉවත්වයනතාක් මේ සේවයේ සැලකිය යුතු වෙනසක් දැකිය නොහැකිය. තරුණ කිසිවෙකුටත් නිසි ලෙස කටයුතු කිරීමට ඔවුන් ඉඩ නොදේ. දුරකථන ඔස්සේ නව අදහස් දැක්වීමට දරන ප්‍රතිචාර වලින් අපටද ඒ බව ගම්‍ය වනවා. (ර)
ගොඩක් දුම්රිය ස්ථාන වල දුම්රියේ හා පදික වේදිකා අතර ලොකු පරතර තියෙනවා. ඒ නිසා ගොඩක් මගින් අපහසු තාවයන්වලට ලක් වෙනවා. සමහරක් වෙලාවට මෙනිසා තමන් ලග තියෙන දේවල් බිමට වැටිමේ අවදානම ගොඩක් තියෙනවා මමද එයට ලක් වුයෙමි. ගොඩක් දුම්රිය ස්ථාන වල දිග ප්‍රමාණවත් මදි. (ර)