පැය 48ක දුම්රිය සේවක වැඩ වර්ජනය අද (9) පස්වරු 4ට අවසන් කිරීමට ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව තීරණය කළ බව එහි කැඳවුම්කරු ඩබ්ලිව් ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.
ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී තමා ඉල්ලා සිටින වැටුප්තලය ලබා දීමේ එකගතාවක් මත වර්ජනය අවසන් කළ බව ඒ මහතා කීය.
පස්වරු හතරේ සිට දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැළසුම් කර ඇතැයි ද ප්‍රනාන්දු මහතා පැවසීය.
බස් ගාස්තු වැඩිකිරීමට ඉඩ නොදුන්නැයි දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනයක් හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! අපි පුද්ගලික අංශයේ කම්කරුවන්. අපිටත් පඩි වැඩි කරන්න. ජීවත් වෙන්න අමාරුයි. ලයිට් බිලත් වැඩියි. හෙට අනිද්දට බස් ගාස්තුත් ඉහල යාවි. ළමයි අඩනවා. මගේ නෝනා මාව කන්න හදනවා. මම මොනවා කරන්නද? (නි)
වසනා, ඔයත් දුම්රිය දෙපාර්මේන්තුවේද වැඩ ? ඔයා දුම්රියේ යන කෙනෙක් නම් දැනගනියි මිනිස්සු වෙන රස්තියාදුව .... (නි)
අම්මෝ හෙට එහෙනම් පස්සට ලෑල්ලක් තියාගෙන යන්න වෙයි බස් එකේ.(නදී)
පුදුමයක් කීවේ නැතිව " අසාර්තක දුම්රිය වර්ජනයක් " කියල නමුත් ගැමුණුගේ වර්ජනය නම් අසාර්ථක වේවා!(නදී)
ඊජිප්තුවේ වගේ ඔහොමම බහින්න පාරට. (දී)
ජනතාව මෝඩ නිසාත් , අධ්‍යාපනය විනාශ කරනවිට අහක බලාගෙන ළමයින්ට දොස් කියන නිසාත්, එවිට ළමයින් මෝඩවන නිසාත් ජනතාව සැමදා බිල්ලට යයි (නි)
ලංකාවේ පරණම දෙපාර්තමේන්තුව වෙලත් තාම වෙලාවට කෝච්චියක් දුවාගන්න බැහැ. වැසිකිලියක් පිරිසිදුව තියා ගන්න බැහැ. හැබැයි පඩි ඉල්ලලා වැඩ වර්ජන කරනවා. මම නම් කියන්නේ මේ මිනිස්සුන්ට ඉස්සෙල්ලා හරියට වැඩ කරන්න කියන්න. ඊට පස්සේ පඩි ඉල්ලන්න කියන්න. බැරි නම් පුළුවන් කෙනෙකුට දීලා රටට , ජනතාවට කරදරයක් වෙන්නේ නැතුව , ගෙදර යන්න කියන්න. අපි පුද්ගලික අංශයේ වැඩ කරන්නේ.අපි නම් කවදාවත් වැඩේ හරියට නොකර පඩි ගැන කතා කරන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ (නි)
පිංපඩි කාරයෝ පඩි කනවා (අ)
ජනතාව එකතුවෙලා එකතු කරපු ලක්ෂ 40 ජනතාවට දෙන්න කියන්න ... (නි)
සමහරුන්ට දුම්රිය වෙලාවට නොදුවන එකයි සේවකයින්ගේ පඩියයි පැටලිලා (අ)
අන්තිමට මගියො අසරණ කරලා ඉල්ලීම් වලටත් කැමති වුණා. මුලින්ම ඒවාට විසදුම් දුන්නානම් ඉවරනේ. අපිත් ගොබ්බයෝ වගේ හැම එකක්ම ඉවසගෙන ඉන්නවා.(නදී)
මිනිස්සු අමාරුවේ නොදමා ඕක ඉස්සෙල්ලම දුන්නා නම් ඉවරයිනේ. පොරොන්දුව ඉටු කරයිද? (නි)
නියමයි ඔහොම යමු. සදා අපි පාරේ. ජය වේවා! ජයම වේවා! (නි)
ඇත්තටම 4 න් පස්සේ යන්න දුම්රියක් තියෙයිද? මට නැත්නම් පැය 4 ක් යන්න තියනවා බස් එකේ ගියොත්. (නි)
මෙහෙමත් ශ්‍රී ලංකා! හැමදාම ජනතාව තමයි හැමදේටම බිල්ලට යන්නේ (නි)