IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රිය වර්ජනය අවසන්

පැය 48ක දුම්රිය සේවක වැඩ වර්ජනය අද (9) පස්වරු 4ට අවසන් කිරීමට ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව තීරණය කළ බව එහි කැඳවුම්කරු ඩබ්ලිව් ජානක ප්‍රනාන්දු මහතා පැවසීය.

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී තමා ඉල්ලා සිටින වැටුප්තලය ලබා දීමේ එකගතාවක් මත වර්ජනය අවසන් කළ බව ඒ මහතා කීය.

පස්වරු හතරේ සිට දුම්රිය කීපයක් ධාවනය කිරීමට සැළසුම් කර ඇතැයි ද ප්‍රනාන්දු මහතා පැවසීය.

බස් ගාස්තු වැඩිකිරීමට ඉඩ නොදුන්නැයි දීප ව්‍යාප්ත පෞද්ගලික බස් වර්ජනයක් හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.



අදහස් (0)

දුම්රිය වර්ජනය අවසන්

ගයාන් Tuesday, 09 July 2013 06:02 PM

අනේ! අපි පුද්ගලික අංශයේ කම්කරුවන්. අපිටත් පඩි වැඩි කරන්න. ජීවත් වෙන්න අමාරුයි. ලයිට් බිලත් වැඩියි. හෙට අනිද්දට බස් ගාස්තුත් ඉහල යාවි. ළමයි අඩනවා. මගේ නෝනා මාව කන්න හදනවා. මම මොනවා කරන්නද? (නි)

:       0       0

විපුල Wednesday, 10 July 2013 12:32 PM

වසනා, ඔයත් දුම්රිය දෙපාර්මේන්තුවේද වැඩ ? ඔයා දුම්රියේ යන කෙනෙක් නම් දැනගනියි මිනිස්සු වෙන රස්තියාදුව .... (නි)

:       0       0

චමිල Tuesday, 09 July 2013 06:31 PM

අම්මෝ හෙට එහෙනම් පස්සට ලෑල්ලක් තියාගෙන යන්න වෙයි බස් එකේ.(නදී)

:       0       0

ප්‍රියන්ත කුමාර Wednesday, 10 July 2013 07:59 AM

පුදුමයක් කීවේ නැතිව " අසාර්තක දුම්රිය වර්ජනයක් " කියල නමුත් ගැමුණුගේ වර්ජනය නම් අසාර්ථක වේවා!(නදී)

:       0       0

පද්මා Wednesday, 10 July 2013 01:31 PM

ඊජිප්තුවේ වගේ ඔහොමම බහින්න පාරට. (දී)

:       0       0

වාසනා Wednesday, 10 July 2013 08:42 AM

ජනතාව මෝඩ නිසාත් , අධ්‍යාපනය විනාශ කරනවිට අහක බලාගෙන ළමයින්ට දොස් කියන නිසාත්, එවිට ළමයින් මෝඩවන නිසාත් ජනතාව සැමදා බිල්ලට යයි (නි)

:       0       0

විපුල Wednesday, 10 July 2013 09:19 AM

ලංකාවේ පරණම දෙපාර්තමේන්තුව වෙලත් තාම වෙලාවට කෝච්චියක් දුවාගන්න බැහැ. වැසිකිලියක් පිරිසිදුව තියා ගන්න බැහැ. හැබැයි පඩි ඉල්ලලා වැඩ වර්ජන කරනවා. මම නම් කියන්නේ මේ මිනිස්සුන්ට ඉස්සෙල්ලා හරියට වැඩ කරන්න කියන්න. ඊට පස්සේ පඩි ඉල්ලන්න කියන්න. බැරි නම් පුළුවන් කෙනෙකුට දීලා රටට , ජනතාවට කරදරයක් වෙන්නේ නැතුව , ගෙදර යන්න කියන්න. අපි පුද්ගලික අංශයේ වැඩ කරන්නේ.අපි නම් කවදාවත් වැඩේ හරියට නොකර පඩි ගැන කතා කරන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ (නි)

:       0       0

මොහෝමඩ් ඉමිතියාස් Wednesday, 10 July 2013 01:51 PM

පිංපඩි කාරයෝ පඩි කනවා (අ)

:       0       0

චින්තක Wednesday, 10 July 2013 10:14 AM

ජනතාව එකතුවෙලා එකතු කරපු ලක්ෂ 40 ජනතාවට දෙන්න කියන්න ... (නි)

:       0       0

වාසනා Wednesday, 10 July 2013 10:34 AM

සමහරුන්ට දුම්රිය වෙලාවට නොදුවන එකයි සේවකයින්ගේ පඩියයි පැටලිලා (අ)

:       0       0

ප්‍රදීප් Tuesday, 09 July 2013 09:54 PM

අන්තිමට මගියො අසරණ කරලා ඉල්ලීම් වලටත් කැමති වුණා. මුලින්ම ඒවාට විසදුම් දුන්නානම් ඉවරනේ. අපිත් ගොබ්බයෝ වගේ හැම එකක්ම ඉවසගෙන ඉන්නවා.(නදී)

:       0       0

ගීත් Tuesday, 09 July 2013 04:54 PM

මිනිස්සු අමාරුවේ නොදමා ඕක ඉස්සෙල්ලම දුන්නා නම් ඉවරයිනේ. පොරොන්දුව ඉටු කරයිද? (නි)

:       0       0

චමි Tuesday, 09 July 2013 04:56 PM

නියමයි ඔහොම යමු. සදා අපි පාරේ. ජය වේවා! ජයම වේවා! (නි)

:       0       0

මදූ Tuesday, 09 July 2013 05:21 PM

ඇත්තටම 4 න් පස්සේ යන්න දුම්රියක් තියෙයිද? මට නැත්නම් පැය 4 ක් යන්න තියනවා බස් එකේ ගියොත්. (නි)

:       0       0

අචිනි Tuesday, 09 July 2013 06:00 PM

මෙහෙමත් ශ්‍රී ලංකා! හැමදාම ජනතාව තමයි හැමදේටම බිල්ලට යන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site