(සුජිත් හේවාජුලිගේ )
දුම්රිය සේවකයන් මෙම වැඩවර්ජනය අරඹා ඇත්තේ මගී ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටළු විසඳා ගන්නා ලෙස සුද්ද සිංහලෙන් කියා තිබියදී බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ විදිහට ජනතාව පෙළනවා නම් කැබිනට් මණ්ඩලයට දැනුම් දී දැඩි තීන්දුවක් ගැනීමට බලාපොරොත්තුවන බවද ඔහු සඳහන් කළේය.
දුම්රිය සේවකයන්ට ප්‍රශ්නයක් තියෙනවනම් මුලින්ම දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට පවසන ලෙසත් එතනින් විසඳුම් නොලැබෙන්නේ නම් ප්‍රවාහන ලේකම්වරයාට දැනුම් දෙන ලෙසත් දැනුම් දී තිබූ බව පැවසූ අමාත්‍යවරයා ඒ සියලුම තැන්වලින් විසඳුම් නොලැබෙන්නේ නම් ප්‍රශ්න ගැටළු තමාට ඉදිරිපත් කරන ලෙස දැනුම් දී තිබූ බවත් ප්‍රකාශ කළේය.
දුම්රිය මගින් කොළඹට රැගෙන විත් එකපාරටම දුම්රිය නතර කරන්නේ නම් දැඩි තීන්දුවකට පැමිණීමට සිදු වන බව බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුලගේ පඩ ෂෝ
කාංචන ඇමතිතුමා ආදර්ශයට ගන්න. එහෙමත් නැත්නම් අරගල හොරුන්ට දැන් පොලිසිය සලකන ආකාරය අධ්‍යනය කරන්න. ඒ වගේ විසදුමක් නොදුන්නොත් නම් ඇමතිතුමා මේ කඩාකප්පල්කාරීන් ගෙන් මගී ජනතාව බේරා ගන්නවා බොරු!
අනේ ඔයාලගේ දැඩි තීන්දු
ලෝකයේ අනෙකුත් රටවල දුම්රිය සේවාවන් පවත්වාගෙන යන ආකාරයත් අපේ රටේ අදාල තත්වයත් අතර විශාල වෙනසක් ඇත . විශේෂයෙන්ම එක දුම්රියක් වෙනුවෙන් සිටන සේවකයින් ගණන අපිට වඩා ඉතාමත් අඩුයි . අනික දුම්රිය රියදුරන් , දුම්රිර ස්ථානාධිපති වරුන් හා නියාමක වරුන් අපේ රටේ වගේ අධි මානයෙන් පෙලෙන ය නෙවයි . තමන්ගේ ගොඩම වැඩිකර ගන්න ඒ ය දඟලන්නේ නැහැ . මෙයාල තව ටික දවසකින් ඩියුටි ෆ්‍රී වාහන විතරක් නෙවයි නිල වාහනත් ඉල්ලවී මේ විදියට ගියොත් . එනිසා මේකට බැකප් එකක් විදිහට තවත් අය පුහුණු කල යුතුයි . මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ඉන්නේ උන් ගගන ගැමියෝ කියලයි . පයිලට් කෙනෙක් පුහුණු කරන්න වසර 5 ක් ගතවෙන්නේ නැත නම් මේ රේල් ට්‍රක් එකක දුවන් කොචිචි ඩ්‍රයිවර් ( සමාවෙන්න බිමින් යන පයිලට් ) කෙනෙක් පුහුණු කරන්න මොකටද වසර 05 වැයකරන්නේ. මේව මේ බමුණුකුල හදාගන්න කරන වැඩ . දියුණු රටවල් ග්‍රීෂ්ම කාලෙට දුම්රිය රියදුරන් කොට කලිසම ඇඳලා වැඩ කරද්දී අපේ උන් දාඩිය පෙරාගෙන ටයි පොලක් දමාගෙන කැප එකකුත් දමාගෙන විහිලු සපයනවා . ඇමති තුමනි අප ඔබ සමගයි . මුන්ට රිදෙන්න දෙන්න . ඒ අතරේම සමාජයෙනුත් මුන්ව කොන් කරන්න අනිත් අය බලාගන්න ඕනෑ .
ඇමතිතුමා ඔබතුමාලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සම්බන්ධ කටයුතු වලදී රාජ්‍ය සේවයේ පත්කිරීම උසස් කිරීම ආදිය සදහා පවතින පත්වීම් ලිපියේ කොන්දේසි තවත් විධිමත් කරන්න ඒ සමගම අධ්‍යාපන සුදුසුකම් කොපමණ තිබුනත් රාජ්‍ය සේවයේ කාර්යභාරය එම තනතුර සමග අනෙක් සේවාවන් අතර තමන්ට තිබෙන ස්ථානය ගැන හා තමන්ගෙ වගකීම් හා යුතුකම් ගැන දැනුවත් කරන්න ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි පිළිබඳව දැන්වත් කරන්න මෙය වෘත්තීය සමිති කාරයින්ට හසුවීමට පෙර කරන්න අවම වශයෙන් පුහුණුව අවසානයේ පරීක්ෂණයක් කරනවානම් තවත් හොදයි
සුදු ලූනු හොරුන්ටත් දැඩි පියවර ගත්තනේ