
( මහින්ද නිශ්ශංක )
වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර ගාස්තු ආපසු ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශපත්‍රය හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීම හෙට (01) සිට අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ අංකය ඇතුළත් කිරීම දැනටමත් අනිවාර්යය කර ඇති බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එසේම දුම්රිය ස්ථානයට ඇතුල් වීමේදී හා දුම්රිය තුලදී ප්‍රවේශපත්‍රයේ සදහන් ජාතික හැඳුනුම්පතේ අංකය හෝ විදේශ ගමන් බලපත්‍රයේ අංකය තහවුරු කර ගැනීමට කටයුතු කරන බවද දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා කොළඹ .බදුල්ල දුම්රිය ගමන් වර වැඩි කරන්න , මේ දවස් වල විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවයට පත්වෙනවා අදික තදබදය නිසා
මේක හොඳ තීරණයක්. වෙනත් අය ප්‍රවේශපත් අරගෙන විකුණන ජාවාරමක් යනවා. හැමතැනම වංචනිකයින්. ලෝකෙ පුරාම එහෙමයි. නීති වලින්ම තමයි හදන්න ඕනෑ.
හෙට ඉදන් විශේෂයෙන් ඇල්ල සහ නුවර දුම්රිය ස්ථාන වල ඉන්න ත්‍රිවිල් කාක්කෝ ටික සංගමයක් හදාගෙන බෝඩ් උස්සන් ඉදී ..අපිට කීයක්හරි හම්බකරන් කන්න තිබුණු ජොබ් එක නැති වුණා කියලා...
හොඳයි, වරම සහ නම වෙනස් කිරීමට ඉඩ නොදෙන්න. ආසනවල අහඹු හැඳුනුම්පත පරීක්ෂා කරන්න,
හොඳ අදහසක්. කලකට පෙර බදුල්ලට ආසන වෙන් කර ගන්න ගියාම යෑමට ඊමට දෙකම අවසන් කිව්වා. නමුත් ආපසු එනදිනයේ බදුල්ලෙන් ආසන වෙන් කර ගැනීමට හැකි විය