(රංජන් කස්තුරි)
දුම්රිය දෙපාර්තමේන්තුවේ ‘‘නව දුම්රිය සේවක එකමුතුව‘‘ නමැති වෘත්තීය සමිතියේ ප්‍රධාන නිලධාරීන් ව්‍යාජ ලිපි ලේඛණ සකසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා හා වෘත්තීය සමිති කොමසාරිස්වරයා නොමඟ යවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත.
නව දුම්රිය සේවක එකමුතුවේ ප්‍රධාන නිලධාරීන් 2019 ජුලි මස 25 වැනි දින කොළඹ ප්‍රධාන අලෙවි මව්ලානා උත්සව ශාලාවේ සංවත්සරික මහා සභා රැස්වීමක් පැවැත් වූ බවට ව්‍යාජ ලිපි ලේඛණ සකසා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට සහ වෘත්තීය සමිති කොමසාරිස්වරයාට ලබාදී ඔවුන් නොමඟ යවා ඇති බවට එම වෘත්තීය සමතියේ උපසභාපතිවරයා කරන ලද පැමිණිලිලකට අනුව එම විමර්ශන ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය සමිති යනු නාම මාත්‍රාවෙන්ම තමයි... වෘත්තීය අයිතිවාසිකම් හා වෘත්තීය ආරක්ෂාව සුරැකීමේ සඳහා ඇතිකර ගත්තු සංගමයක් මිස කාලකණ්ණි දේශපාලුවන්ගේ පැවැත්මට සාදාගත්තු සංගමයක් නොවිය යුතුය.