අද අලුයම අනුරාධපුරයෙන් පිටත් වු රජරට රැජින මාතර දුම්රිය නවනගර දුම්රිය පොළේ සිරිත් පරිදි නතර කර නමුත් මගීනට ටිකට් දීමට කිසිවෙක් නොවීය. එතැන් සිට සාවස්තිපුර දක්වා නොමිලයේ ගමන් කිරීමේ අවස්ථාව ඔවුනට හිමි විය. ඔවුන් සාවස්තිපුරයෙන් ටිකට් ගන්නා තුරු දුම්රිය නතර කරගෙන සිටියේය. මේ නිසා දුම්රිය මිනිත්තු 10ක් පමණ ප්‍රමාද විය. අනුරාධපුර ප්‍රාදේශීය දුම්රිය ප්‍රවාහන අධිකාරි එස්.ඒ.ආර්. අබේරත්න මහතා පැවැසුයේ මේ සිද්ධිය තමාට වාර්තා නොවු බවයි. මේ ගැන පරීක්ෂණයක් පවත්වන බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුම්රිය පොළේ ටිකට් දෙන්න කෙනෙක් නෑ
රත්නායක Monday, 16 September 2013 02:15 PM
පෞද්ගලික අංශයටත් ඒවා පුරුදු කරන්න බැරිද (දී)
ද සිල්වා Monday, 16 September 2013 02:20 PM
කෝටි ගණන් වියදම් කරමින් මාර්ග හැදුවට , දුම්රිය ගෙන්නුවට හැමදාම දුම්රිය ප්‍රමාදයි., ඇමතිතුමනි, කරුණාකර විනය පරීක්ෂණයක් පවත්වා වරදකරුවන්ට දඩුවම් කරන්න. (ස)
විජේ Monday, 16 September 2013 09:56 AM
නියමයි රාජ්‍ය සේවය හොදටම හොදයි. අනේ වැරදිලාවත් ප්‍රයිවට් බස් වල අය මෙහෙම කරන්නේ නැහැනේ. (දී)
ටිරෝනි සෙනවිරත්න Monday, 16 September 2013 09:57 AM
ලංකාවේ ප්‍රශ්න ඔක්කොම රැල්ලට. මේ දවස්වල දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි. හෙට මොකද දන්නේ නැහැ.(නදී)
පහන් මඩුගල්ල Monday, 16 September 2013 10:28 AM
කෝච්චි ගැන නම් මම දන්නේ නැහැ රේල් ගේට්ටු ගැනනම් දන්නවා රේල් ගේට්ටු වර්ග දෙකයි.(නදී)
පසිඳු Monday, 16 September 2013 10:36 AM
අපේ රාජ්‍ය සේවය තරම් හොද සේවාවක් ලෝකේ තව නැහැ නේද (දී)
ප්‍රියන්ත Monday, 16 September 2013 10:54 AM
නියමයි රාජ්‍ය සේවය ,යහ පාලනේ, යාල්දේවී කිලිනොච්චි යනකම් කාලයේ ටිකට් දුන්නනේ, ඉතින් පාඩු ලබනවා කියල ගාස්තු ඉහල දැම්මට, අයකරගන්න බාප්පල එනවද ? (දී)
මහගෙදර ඇඹිලිපිටිය Monday, 16 September 2013 11:02 AM
මොනවා හරි පොඩ්ඩක් අඩු වුනොත් නම් මෙයාලා ස්ට්‍රයික්. අයිතීන් ඉල්ලනවා වගේම යුතුකමත් වගකීමත් හරියට කරනවා නම් තමයි හොඳ. මෙතන වගකීම පැහැර හැරපු කෙනා නම් එලියටම ඇදලා දාන්න ඕනි. (ස)
දම්මික පෙරේරා Monday, 16 September 2013 03:27 PM
රැකියා විරහිත තරුණ තරුණියන් කොපමණ සිටීද , ? කෙනෙක් නැතිනම් මේ අයගෙන් ගන්න (අ)
මිනිපෙ Monday, 16 September 2013 09:40 PM
අපේ රටේ නීති බොහොම ලිහිල්.මේ මහත්තයට ඇත්ත නැත්ත හොයා බලා සරිලන දඩුවමක් දිය යුතයි.මහජන දේපොළ තමාට ඕනෑ ලෙස පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. (අ)
නිමාලි Monday, 16 September 2013 11:12 AM
අනුරාධපුර ප්‍රාදේශීය දුම්රිය ප්‍රවාහන අධිකාරි මේ සිද්ධිය තමාට වාර්තා නොවු බව කියා සිටීම තවත් ගැටළුවක් ? ඔහු සේවයේ නිරතව සිටියද ? (ස)
උපාලි Monday, 16 September 2013 11:23 AM
ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයක් එනකල් මං මේ බලාගෙන ඉන්නේ. නොමිලේ අනුරාධපුර වන්දනාවේ ගිහින් එන්න. (ස)
ප්‍රියන්ත Monday, 16 September 2013 11:37 AM
තවමත් අපේ දුම්රිය සේවයේ තියෙන්නේ යල්පැනගිය ක්‍රමවේදයක්. ප්‍රමාදය, කල්දැමීම වගේ දේවල් රාජ්‍ය සේවකයන්ට සාමාන්‍ය දේවල් වෙලා..හොදම දේ මේවා පවුද්ගලික අංශයට ලබාදී දියුණු කිරීමයි. (දී)
දිසානායක Monday, 16 September 2013 12:10 PM
උතුරු මැද ඔය තත්වය අමුතු දෙයක් නෙමේ ..හැම තැනම වැඩ ඔය වගේ තමයි. (ස)
නාමල් Monday, 16 September 2013 12:24 PM
බන්දුල මොනවද මේවට කියනේ ? (දී)
භාතිය කුමාරපේලි Monday, 16 September 2013 02:00 PM
ඉස්සර කෝච්චිවලට නිතරම බාප්පලා පැන්නා - හැත්තෑ ගණන් වල. ප්ලට්ෆොර්ම් වල පවා සිටියා. දැන් ඒ අය කෝ? (ස)