IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක්

(නිමල කොඩිතුවක්කු)

දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට බව දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලබන අප්‍රේල් මාසයට පෙර මෙම නව කාඩ් පත හඳුන්වා දීමට කටයුතු කරන බව දුම්රිය ප්‍රකාශකයකු පැවසීය.

එම කාඩ්පත් භාවිත කරන පුද්ගලයින්ට සෑම දුම්රිය ස්ථානයකින්ම ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන පරිදි අවශ්‍ය තාක්ෂණික මෙවලම් ද සවි කරන බවත් ඔහු සඳහන් කළේය.

අදාළ දුම්රිය පෙර ගෙවුම් ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන්ට පුහුණුවක් ලබා දීමට ද  නියමිතය.



අදහස් (4)

දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට පෙර ගෙවුම් කාඩ් පතක්

ජගත් ලියනගේ Wednesday, 25 December 2024 10:19 PM

හොඳ වැඩක්. හැබැයි මගියාට අපහසුතාවයට පත් නොවෙන්න වග බලාගන්න...

:       0       0

ranjith Thursday, 26 December 2024 07:12 AM

පළමුව දුම්රිය මාර්ග නවිකරණය කර වැඩි දුම්රිය සංඛ්‍යාවක් ධාවනය කරන්න. කෝටි ගණන් විදේශ සමාගම් වලට පූජා කරන්නේ නැතිව. බොහෝ දුම්රිය මාර්ගවල ආදායම දුම්රිය හරස්පාරවල් වල සේවය කරන සේවකයින්ට ගෙවන්නවත් ප්‍රමාණවත්ද? දියුණු රටවල තාක්ෂණය ගේන්න හැදුවාට බිම්මට්ටමේ තාම පවතින 1950 ගණන්වල තිබුණු තත්වයක්...

:       0       0

Anura Thursday, 26 December 2024 08:51 AM

දුමරියේ කැඩුණු බිඳුනු යකඩ මෙවලම් ටිකත් අලුත් වැඩියා කරන්න. දුමරිය තවමත් යල් පැන ගිය ක්‍රම භාවිතා කරනවා. මේවා දිණු කරන්න පුද්ගලික අංශයට දියයුතුයි.

:       0       0

Buinny Preena Thursday, 26 December 2024 09:08 AM

වියදම් අඩු කිරීමේ වැඩ පිළිවෙලක්ද? එහෙමත් නැත්නම් මාටියා පාරක් ගහන්න හඳුන්වා දෙන ක්‍රමයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site