කොළඹ කොටුව දුම්රිය පොළේ හතර වැනි හා පස් වැනි වේදිකා අවහිර කරමින් සිල්පර කොට හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණු දුම්රිය සේවකයින් පිරිසක් ඉවත් කිරීමට කැරැලි මර්දන පොලීසිය කැඳැවිණි.
පස්වරු තුනේ සිට හය පමණ වන විට පැය දෙකකට ආසන්න කාලයක් දුම්රිය මාර්ගය අවහිර කළ බව කියන දුම්රිය සේවකයින් අතර සිටි එක් පුද්ගලයෙක් ලේ පෙරාගෙන සිටියේය.
‘මට පොලීසියෙන් ගහුවා මං මේ උද්ඝෝෂණයට සම්බන්ධ මිනිහෙක් නෙවෙයි.මම වැඩ ඇරිලා ගෙදර යන්නයි අවේ යනුවෙන් එම පුද්ගලයා කීවේය .’
දුම්රිය ආදේශක,අනියම් හා තාවකාලික සේවකයෝ පිරිසක් සිය සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දුම්රිය පාර අවහිර කළහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්‍රතිචාර දාන වැඩි ප්‍රතිශතය විදේශවල ඉන්න ගමන් ලැබෙන විවේකයේදී ඉන්ටෙර්නෙට් එකෙන් පත්තර බලන අය. මේ පොළොවේ පය ගහල උදේ හවා දුම්රියක බස් රියක ගමනක් යන අය තමයි මේ බංකලොත් දේශපාලුවන්ගේ පැවැත්ම වෙනුවෙන් කරන මෙවැනි දේවල් වලින් විදවන්නේ, අපහසුතාවයට පත් වෙන්නේ, ඒකෙ දුක දන්නේ. දෙනෝ දාහක් අතරේ මේ මනුස්සයා විතරද එතකොට මගියෙකුට ඉදලා තියෙන්නේ. වසවර්තියෝ අස්සේ අනෙක් අය රිංගුවේ නැත්නම් මෙයා මොකටද ඒ අස්සට ගියේ. මෙයා මගියෙක්ද දුම්රිය සේවකයෙක්මද කියල කව්ද දන්නේ. මේ උද්ගොෂකයින්ගෙන් මගී ජනතාව විදි අපහසුතාවය ඉවත් කරපු එක කොහොමද කුසුමෝ බලය සැහැසි ලෙස ක්‍රියාත්මක කිරීමක් වෙන්නේ. මනුස්සයින්ට කටක් දීල තියෙන්නේ කතා කරන්න මිසක් උම්බෑ කියා කියා තප්පුලන්නත් නෙමෙයි.(නදී)
බන්දුල, ඒ මිනිස්සුන්ගේ ඉල්ලීම අසාදාරන වෙන්න පුළුවන්. ඒත් මෙහෙම මිනිස්සුන්ට ගහන්න පුලුවන්ද? පොඩ්ඩක් ලෝකේ වෙන රටවල් වල වෙන දේවල් බලන්න. ඒ රටවල් වල පොලිසියට අහසට වෙඩි තියන්න වත් බැහැ. පොලිසිය මිනිස්සුන්ට කතා කරන්නේ සර් කියලා. ඔයාටත් කවද හරි මේ දේ උනා නම් තේරෙයි. පොඩ්ඩක් මේ රටින් එලියට ගිහින් බලන්න දියුණු රටවල මිනිස්සු කොච්චර හොදින් ඉන්නවාද කියල. අපි එකතු වෙලා අපේ රටත් එහෙම කරමු. හැම මිනිහටම එකම විදිහට සලකන රටක්. (නදී)
කවුද පොලීසියට දැනුම් දුන්නේ? දැනුම් නොදී හිටියා නම් ඉවරයිනෙ. (නි)
පෙරේරා,කුසුම්,රොෂාන්,නිලූ,නලින්,අජිත්,ඔබලා කොහොම තර්ක කරත් ඇත්ත පහදා දෙන්න බන්දුල පෙරේරාට. එතුමා දේශපාලන වගුරෙන් ගොඩ එන්න අකමැතියි. ඒ මන්ද එයා දන්නේ වගුරේ මඩ පමණයි. එයින් එහාට රටේ,ලෝකේ,සිදුවන දෙයක් දන්නේ නෑ. ඔය වගුරෙන් ගොඩ අපු දවසක එයාටම තේරෙයි මෙච්චර කලක් මන් ඉදල තියෙන්නේ එක තැන පල් වෙන මඩ වගුරක කියා.(නදී)
හැබෑටම බන්දුල මහත්තයෝ, ඇයි බංකොලොත් දේශපාලුවන් වෙනුවෙන් මෙවැනි දේ කරන්නේ? බංකලොත් නිසා ඔවුන්ට කිසි දෙයක් ලැබෙන්නෙත් නැහැනේ. එහෙම නේද? (නි)
මේ පහරදීම දුම්රිය නමැති යකඩ ගොඩ විසින් කරන ලද්දක් වෙන්නත් පුළුවන් (නි)
සමනලී, අහිංසක මේ වැඩ ඇරිලා ගෙදර යන්න බැරුව පැය ගානක් රස්තියාදු වෙච්ච මිනිස්සු, මත්තල වගේ දේශපාලන ගමන් ගිහින් ගුටි කාපු අය නෙමෙයි. ඕක තේරුම් ගන්න සමනලයෙකුට තරම්වත් මොලයක් නැද්ද?(නදී)
මොන ඉල්ලීම් වලට වුණත් පොදු දේපල වලට හානි කිරීම, අහිංසක මහජනයාට කරදර කිරීම ඉතාම වැරදි ක්‍රියාවක්. දැන් මේක මොස්තරයක් වෙලා. දැඩි දඬුවම් දිය යුතුයි. මේවා ඔක්කොම කරන්නේ එකම දේශපාලන කණ්ඩායමක් බව රටම දන්නවා. ඒ අය බලයට ආවොත් මේ වගේ දේවල් වලට ඉඩ දීලා බලා ඉඳීවිද? (නි)
හි හි බන්දුල පෙරේරා මම ලියන ඒවාට බොහොම තදින් උත්තර ලියනවා නේද ,ඇත්ත ඇහෙන කොට ඔහොම තමයි,ඇත්ත තිත්තයි කියනවනේ.මේකට මම ආයේ අදහස් දන්නේ නැහැ බන්දුලට.මේ බැංකු සේවක කෙනා ගැන අලුත් නිවුස් එකක් තියනවා ,එකෙන් හමුවෙමු බන්දුල. (දී)
බන්දුල පෙරේරා මහත්තයෝ, මේ තුවාලකරු වර්ජනය කළ මහත්මයෙක් නොවෙයි. පොලිසියෙන් තඩි බලා තියෙන්නේ වැඩ ඇරිලා ගෙදර යන්න ආපු වෙලාවේ. ආණ්ඩුවට කඩේ ගියාට කමක් නැහැ. හැමදේම හරි කියන්න එපා. මිනිස්සුන්ට මෙහෙම ගහන එකටද බන්දුලලා ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? පෙරේරා, රෝසි, චමිල ,රකිත්, අන්ධයාට කොකාගේ සුද පෙන්නන්න විදියක් නැහැනේ. මොනවා කරන්නද? ආශ්චර්යයම තමයි. (නි)
බන්දුල මහත්තයෝ, විදේශ වල සේවය කරන ශ්‍රී ලාංකිකයෝ හැමෝටම අන්තර් ජාලයේ පත්තර බල බල විවේකිව ඉන්න වෙලාවක් නැහැ. නමුත් අද දියුණු තාක්ෂණයක් තියෙන නිසා ගොඩ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය තිබෙන ජංගම දුරකථන පාවිච්චි කරනවා. ඒක නිසා රට ගියත් නිතරම ලංකාවේ තොරතුරු එසැනින් අප අතට පත්වෙනවා. සමහර වෙලාවට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කලින් සමහර තොරතුරු අපේ අතට පත් වෙන්නේ. මොනවා වුණත් ඔයාගේ ඔය මාදිලියේ ප්‍රකාශ වලින් වෙන්නේ මිනිස්සුන්ගේ ලේ කෝප කරන එක. (ස)
බන්දුල පෙරේරා, මෙතන දේශපාලනයක් ගාවලා තියෙන්නේ ඔයා විසිනුයි. මේ මිනිස්සු ඉල්ලුවේ සේවය ස්ථිර කරන්නයි.ඒකටයි මෙහෙම ගැහුවේ.මේ ගුටිකාපු පුද්ගලයා කියන්නේ මොනවාද කියලා රූපවාහිනී මාධ්‍ය කීපයක පෙන්නුවා.මේ වැඩ නිමවී ගෙදර යන මනුස්සයෙක්. බන්දුල ඉන්නෙත් විදේශයක කියා පැහැදිලියි. (නි)
මෙතැන් පොලිසිය ඉඳලා තියනවා. ඒත් මත්තල හිටියේ නැහැ නේද? (නදී)
රටේ තත්ත්වය හොඳටම පහතට වැටිලා. (නි)
අනියම් ආදේශක සේවකයන් අවශ්‍ය වෙන්නේ ස්ථිර සේවකයන් මදි වුණාම නේද? ඇයි නිසි ක්‍රමවේදයක් ඇතිකරලා සේවකයන් බඳවා නොගන්නේ? ඔය මිනිස්සුන්ගේ සේවයත් ඕනෑ වෙනවා දුම්රියක් ධාවනය කරන්න.දේශපාලන පත්වීම් නිසා තමයි ආදේශක අනියම් සේවකයන් හැමදාම ඒ විදියට එකතැන ඉන්නේ. (නි)
පවු. අහිංසක මනුෂ්‍යයෙක් (නි)
සමහරු කියවන්නේ විකාර කතා... (නි)
පොලීසියේ වැඩේ හරි. නමුත් ටිකක් ප්‍රමාද වීම තමා දුරයන්න හේතුව. සෙනඟ වැඩි වෙන්න පෙර ඔය උද්ගෝෂණ කට්ටියව ඉවත් කරන්න කටයුතු කරන්න මීටපස්සේ. ගුවන් තොටුපළවල් සහ අධිවේගී මාර්ග වලටත් මේ ලෙඩේ බෝ කරන්න පුළුවන් ඔය අය (නි)
මේ බන්දුල දන්නේ නැ මේ නිදහස් සේවක සංගමයේ වැඩක් කියලා. (ස)
බන්දුල පෙරේරා මහත්තයෝ,ප්‍රේමදාස මහත්තයා අපිට නම් සිය ගුණයක් හොඳයි (නි)
කෙටියෙන් කියනවා නම් හිඟා කෑවත් මම පොලිසියට බැදෙන්නෙ නම් නැහැ. (නි)
තම තමන්ගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණ කරන එක වරදක් නෙමෙයි. නමුත් ගොඩක් උද්ඝෝෂකයෝ තමන්ගේ අයිතිවාසිකම් ගැන උද්ඝෝෂණය කරන්නේ බොහොම ප්‍රචණ්ඩ විදියට,වුවමනාවෙන්ම සාමාන්‍ය ජනයාගේ අයිතිවාසිකම් බොහොම අහෝභන විදියට කඩකරමින්. සාමාන්‍ය ජනයාට ගමන්බිමන් යාමේ අයිතිය පවා උල්ලංඝනය කරනවා. මෙයට සම්බන්ධ නැති අහිංසක දුප්පත් ජනයාගෙන් කීදෙනෙක් අපහසුතාවයට පත්වෙන්ට ඇද්ද? හොඳම උදාහරණය තමයි ඊයේ සිදුවීම. මහජනයා, මහජන දේපල ආරක්ෂා කිරීම සහ සාමය පවත්වාගෙන යාමට පොලිසියේ මැදිහත්වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක්. (නි)
තමන්ට හැකියාවක් තියෙනවා නම් උද්ඝෝෂණ කරන්නේ මොකටද ?.හොඳ රස්සාවක් හොයාගෙන යන්න පුළුවන් නේ. (ස)
බන්දුල පෙරේරා මහතාණෙනි, විදේශගතව ඉන්න අයට ලංකාවේ වගේ පැය 24 ම ලංකාවේ පත්තර වලට අදහස් පළ කරන්න වෙලාවක් නැහැ. එකත් එකටම ඔබ නම් ආණ්ඩුවේ පඩි අරගෙන, මුළු දවසම නිකන් ඉන්න රජයේ සේවකයෙක් වෙන්න ඇති. (ස)
බන්දුල මහත්තයෝ බොරුවට වැරැද්ද නිවැරදී කරන්න හදන්න එපා.දේශපාලන පාට කණ්නාඩියෙන් අහිංසක ජනතාව දිහා නොබලා මනුස්ස කමින් අවංක හදවතින් ඇස් ඇර බලන්න.ඇත්ත තත්වෙ නිවුස් වලින් දකින්න ඇතිනෙ.ඒක නිසා තව කිසිම දෙයක් ඒ ගැන ඔබ තුමා කතා නොකරන්න.හැමෝම කියන්නේ තමන්ට පෙන අසාධාරණය විතරයි.ඒක තේරුම් ගන්න (ස)
බන්දුල, ඔයා හරි. කවුරු වුණත් දැනගන්න ඕනෑ මේ ඉන්නේ දවසෙම මහන්සි වුණ අය බව. එයාලට ගෙදර යන්න ප්‍රමාද කරනවා නම් ගොඩක්ම වැරදියි. මේකේ සමහර අදහස් දාන්නෙත් ඕවට හවුල් අයද මන්දා? බලන්න ඔක්කොම ඒකට උදව් දෙනවා. (නි)
මොකද මේ බන්දුල මහතා විදේශගත ලාංකිකයන්ට බනින්නේ ? එකත් එකටම ඔබතුමා ඕස්ට්‍රේලියා යන්න ඉදිරිපත් කල විසා අයදුම් පත් ප්‍රතික්ෂේප වෙන්න ඇති. ඒකනේ මේ ලංකාවේ සිද්ධ වුණ දෙයකට කොහෙවත් රටවල් වල ඉන්න උදවිය ගැන මතක් වුණේ. (ස)
මේ බොරු උද්ඝෝෂණ කාරයන්ට හොඳ පාඩම. පොලිසියට අපගේ ප්‍රණාමය... (ස)
සාමාන්‍ය මිනිස්සු උද්ඝෝෂකයෝ අතරේ ඉන්න විදියක් නැහැ. මොකද උද්ඝෝෂකයෝ හිටියේ රේල් පාර අවහිර කරගෙන. කෝච්චියෙන් යන්න ආව කෙනෙක් නම් ඉන්න ඕනේ ස්ටේෂන් එකේ. මොන හේතුවකට හරි ඔහු ඒ පැත්තට ගිහිල්ල තියෙනවා. මොකද එයා තුවාල වෙලා හිටියේ ස්ටේෂන් එකෙන් එළියේ රේල් පාර අසල. ඔය වගේ වෙලාවට එහෙම ගියහම ඔහොම වෙන බව දැන ගන්න ඕනේ. මමත් අවුරුදු 20 කටත් වැඩිය දුම්රියේ ගිය කෙනෙක්. ඒගොල්ලොන්ගේ හැටි මමත් හොඳට දන්නවා. (ස)
මං හිතන්නේ මෙයා බන්දුල පෙරේරා නෙවෙයි. වෙන කවුරු හරි. (ස)
අන්න නිව්ස්වල පෙන්නනවා මේකෙ විඩියෝ එක. පොඩ්ඩක් ඒක බලන්න. ඒ අහිංසක මනුස්සයට බනින්නේ නැතිව. (ස)
නාලිකා හරියට හරි, බන්දුල මහතාට මිනිස්සු මෙහෙ ඉඳන් අදහස් ප්‍රකාශ කරත් වැරදියි. පිටරට ඉඳන් අදහස් ලිව්වාත් වැරදියි. පුදුම චින්තනයක්නේ ඔබතුමාට තියෙන්නේ. ! (ස)
රන්ජිත් මහත්තයෝ,ඇත්තටම ප්‍රේමදාස මහත්තයා හොඳයි කියලා අපිටත් හිතෙනවා.එතුමා හිටියා නම් ඔය එක් කෙනෙක්වත් පාරවල් හරස් කරන්න තියා පාරකට බහින්නේවත් නැහැ.මංජුල මහත්තයාගේ තාක්ෂණ පාඩමට ස්තුතියි.මාත් විදේශගතව රැකියා කීපයක් කළ කෙනෙක්.ඒකෙ පිහිටෙන් මගේ ළඟත් ඔය කියන ජාතියේ ෆෝන් එකක් නම් තියෙනවා.ඒ හින්දා ඔබතුමාට යන විදියටම ඒ තොරතුරු මටත් එනවා.විවේකය ලැබෙන විදියට පාලු ගෙවල් වල වළං බිඳින්න පතන කට්ටියට පිළිතුරු දෙන්නේ ඔය තාක්ෂණයෙන්ම තමයි. (නි)
ආසියාවේ ආශ්චර්යමත් දසුන් මෙන්න. (නදී)
අහිංසක මිනිස්සුන්ට නම් තඩි බාන්න පුළුවන් පොලිසියට. එදා මත්තල දී ඔය චන්ඩිකම් තිබ්බේ නැත්තේ මොකද? (නදී)
පෙරේරා මහත්තයෝ, මේ ආසියාවේ ආශ්චර්යයක් නෙමෙයි බංකලොත් දේශපාලනයේ පැවැත්ම උදෙසා කරන නින්දිත කඩාකප්පල්කාරී ක්‍රියා පිළිවෙතේ තවත් එක උදාහරණයක්. වැඩ ඇරිලා ගෙවල් වලට යන්න අපු මිනිස්සු එකතු වෙලා පොලිසියට කලින් මේ වැඩේ ඉවර කරලා දාන්න තිබුනේ. (නදී)
බන්දුල මහත්තයෝ මේක ලියන්න හිතුනේ විදේශගත ලාංකිකයන් ගැන ඔබ ලියපු දේවල් දැකලා. මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙහි මහමැතිවරණය තිබුනා. කිසිම සද්ද බද්දයක් නැහැ. පොලිසිය නීතියටම ක්‍රියාත්මකයි. පුරවැසියන් සාමකාම්යි. රැකියාවල උස් පහත් භේදයක් නැහැ. උද්ගෝෂණ නැත. සැවොම කඩියන් සේ කඩිසරව වැඩ කරති. වැඩ නොකරන කම්මැලි කෙනාට කිසිම තැනක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය අකුරටම ක්‍රියාත්මකයි. මානුෂික නිදහස, සිවිල් පාලනය ඉහල මට්ටමේ ඇත. ඉතින් බන්දුල මහතා මේ ටික ලිව්වේ අදහස් පලකරන සෙසු බුද්ධිමත් පාලකයන් ගේ දැන ගැනීමට . කොහේ හිටියත් අපි අපේ මව් රටට ආදරෙයි. ප්‍රජාතන්ත්‍රවාදය , මානුෂික නිදහස , සාධාරණ ජීවන වෘත්තීය නිසා පිටරට ගියා මිසක් කැමැත්තකින් නෙවෙයි. බන්දුල ට නම් කොයි රටේ හිටියත් ඉන්න අමාරු බව තමා පෙන්නේ. (අ)
රොෂාන් මහත්තයට වැරදිලා ..මමනම් ඉන්නේ මේ පොළොවේ පය ගහල.කොහොම උනත් ඔබ තුමාගේ අදහසකට පිළිතුරක් දිය යුතුයි.මේ රජය සදාකාලික නැහැ.කවද හරි මේ රජය පෙරලේවි.එත් එක ව්‍යාජ මහජන නැගිටිමකින් කරන්න බැහැ..කවද හරි ප්‍රජාතන්ත්‍රවාදිව බහුතර බලය අහිමි උණු දවසක ඒක නිසි අයුරින් මැතිවරණයකින් සිදු වේවි.බලහත්කාරෙන් වත් අරාබි වසන්ත වලින්වත් මේ රටේ ආණ්ඩු පෙරලන්න බැහැ කියන එක ඔබතුමා මතක තියා ගන්න.මේ ඉන්නේ ප්‍රේමදාස කෙනෙක් නෙමෙයි.මේ රජය ගැන විවේචන අපිටත් තියෙනවා.සර්ව සම්පුර්ණ සියල්ලන්ට සාධාරණ ඉෂ්ට කරන ආණ්ඩු මගේ ජිවිත කාළේදි නම් මම දැකලත් නැහැ.දකින්න ලැබෙන්නෙත් නැහැ.තියෙන යථාර්තය අනුව දකින්න පතන්නෙත් නැහැ.බලය තියෙන එකා අඩු වැඩි වශයෙන් ඒක පාවිච්චි කරනවා.17 වසරක යු අන් පි රජය යටතේ මේ රටේ සිදු වූ දේවලුත් ඔත්තු දුන්න කියල රාජ්‍ය සේවකයාගේ කට කපල ඝතනය කරලා මිනිය කරගහගෙන යන්නවත් දුන් නැති තුන්ඩු කල්ලෙන් ආණ්ඩු කරලා දහස් ගාණක් තරුණ ජිවිත බිලි දීපු අයගේ කෙටි කාලින පාලනයන් ගැනත් අත් දැකීම තියෙන අපිට ඒ විකල්ප වලට වඩා තාමත් මේ රජය සිය දහස් ගුණයක් හොදයි මොන දුර්වලතාව තිබුණත්. ජනතාවට එපා උනාම ආණ්ඩුව ගෙදර යවයි.මේ සීමිත පිරිසක් බලන ප්‍රතිචාර වලින් ආණ්ඩුවක් ගෙදර යවන්නනම් අමාරු වේවි මහත්තයෝ. මෙතන තියෙන්නේ ආණ්ඩු ප්‍රශ්නයක් නෙමෙයි ආණ්ඩුවක් මහජනයාට හිරි හැර වන අවස්තාවකදී තම යුතුකම ,කල යුතු දේ කිරීම පමණයි.මොකා බලයේ හිටියත් මේ දේ කලයුතුයි. (අ)
මේ තඩිබාලා තියෙන්නේ අහිංසකයෙක්ට නේද? (නදී)
කම්කරුවන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා ගැනීමට වැඩ වර්ජණ කළ යුතුයි, කම් කරුවන්ගේ නිතීය දැනගෙන. එසේ නැතිව මහ ජනතාවට අහිතකර ලෙස දුම් රිය මාර්ග අවහිර කිරීම දඬුවම් ලැබිය යුතු වරදකට හේතූ වෙනවා. වැඩ අවසන්කර යන සේවකයාට පහර වැදුනේ අත්වැරැද්දක් විය හැකියි. පොලිසිය පරීණෂයක් කරාවි.රතුපස් වලත් පාසල් යන ළමයෙක් වෙඩි වැදුනේ අපේ මහ අය කරන චන්ඩි කම් දිහා බලා ඉදලා. අනුන් කරන නරක වැඩ දිහා බල බලා රස විදීම භයානකයි. හිසට පහර දීම ජීවිතයක් අහිමි වීමට පවා ඉඩ තිබේ.(දිල්)
ජෙප්පන්ගේ හරි අලින්ගේ හරි වැඩක් වෙන්නැති...(අ)
බන්දුල පෙරේරා කියනවා විදියට මගින් සිල්පර කොටන් අයින් කරන්න ඕන වේලාසන ඇවිත්, ඔබතුමාගේ මොලේ තමයි මොලේ, මෙහෙම උනේ ඇයි කියල එකට උත්තරයක් හොයන්නේ නැතුව පොලිසිය දම්මල ප්‍රශ්නෙට උත්තර හොයන්න ගියොත් වැඩේ දරුණු වෙනවා, හංවැල්ලේදී උනේ ඕකයි,සේවකයන් උද්ගෝෂණ කරන්නේ සේවය ස්ථිර කරන්න කියල, ඔහොම ක්‍රම වේදයකට අවේ කොයිතරම් බළධාරීන්ට කියල කියල බැරිම තැනද කියල දන්නවද, බොහෝ විට ඔහොම වෙන්න ඇති, බංකොලොත් දේශපාලනයකට නම් ඔහොම කරන්න බැනේ, (අ)
බන්දුලයෝ එතකොට අර අහිංසකයට පොලිසියෙන් ගැහුවේ මොකද ලදී හම්බන්තොට නගරදිපති ගිනිඅවියක් අරගෙන පාරදිගේ දුවනකොට පොලිසිය නපුංසකයෝ වගේ බලන් හිටිය නේද? කෝ පොලිසියේ නීතිය ක්‍රියාත්මක කළාද එදා? බන්දුලගේ මොලේ ෆොර්මැට් කරලා ගන්න්න ඕනේ .
පොලිසියට වැරදිලා ද ගහල තියෙන්නේ (අ)
බන්දුල මහත්තය තාක්ෂනය අතේ තියාගෙනත් ඔයා ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමති නැහැ. ඔයා රටවල් සීයක හිටියත් මට ඒකෙන් වැඩක් නැහැ ඔයා රට ඉන්න මිනිස්සුන්ට දොස් කියන එකයි මට තියෙන කණගාටුව. මේ සිද්දියේදී දෙපාර්ශවයක් අගතියට පත්වෙලා තියෙනවා ඒ උද්ගොෂකයන් සහ රටවෙනුවෙන් තමන්ගේ දහදිය කඳුළු වගුරවල නිදහස හොයාගෙන කැදැල්ලට යන උදවිය. බන්දුල පෙරේරා ඔය දෙකටම නැති කෙනෙක් කියලයි මට හිතෙන්නේ. එක්කෝ කාගෙන් හරි බත් පතකට කඩේ යනවා. එක නිසා තමයි කොන්ද කෙලින් තියාගෙන කෙලින් කතා කරන්න බැරි. ඔයා තෙරක් නොපෙනෙන පාලු මාවතක තනිවෙලා ඉන්නේ. දැන් වත් ඔය යන ගමන නවත්වලා හරි පාරක යන්න එතකොට ඔයා තනිවෙන්නෙත් නැහැ කවුරුවත් පාලු ගෙවල්වල වලන් බිඳිනවා වගේ පේන එකකුත් නැහැ . අනික ප්‍රේමදස නෙවෙයි කොයි කවුරු හිටියත් යතාර්ථය මර්දනය කරන්න බැහැ. මිනිස්සුන්ගේ කර උඩින් ගිහින් දේශපාලකයන්ගේ උවමනා එපාකම් ඉස්ට කරගත්තට පස්සේ ඇඟ බේරගන්න ඕනවට කොහේ හරි රජයේ ආයතනයකට රිංගවලා අත පිහිදා ගන්නවා. ඊට පස්සේ මිනිස්සු තමන් රැවටිලා කියලා දැනුනම උද්ගෝෂණ කරන්න ගන්නවා එතකොට ඉහමොළ රත්වෙච්චි දේශපාලුවෝ පොලිසිය ඉස්සරහට ගෙනත් මර්දනය පටන් ගන්නව මේක අද ඊයේ පටන් ගත්තු සස්කෘතියක් නෙමෙයි.(නදී)
මේ වාගේ අහිංසක මිනිසුන්ට රාජකාරී කරන්න හරි උනන්දුවෙන් ඉන්නේ . එත් එදා මත්තලදී මොනවද උනේ ? මේකද ? ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ.(නදී)
අනේ මන්දා ලංකාවේ පොලිසිය කොහේද යන්නේ මල්ලේ පොල්. තුවක්කුවක් අරගෙන පන්නනකොට බලාගෙන ඉන්නවා. උද්ඝෝෂණයක් දියා බලන් ඉන්න අහිංසකයන්ගේ ඔළු පලනවා මඤ්ඤන තමයි (අ)
මේවා හිඟන වැඩ . ඔය නිල ඇඳුම තව ටික දවසකින් බල්ලන්ට අන්දන එක හොඳයි, මොකද බල්ලෝ නිල ඇඳුමක් නැතුවත් ඔය රාජකාරිය කරලා තියෙනවනේ . අනික ඔය බන්දුල පෙරේරා කියන කෙනාගේ අදහස්වලට ප්‍රති අදහස් දන්නා යන්න එපා. මෙයා අංගොඩ ඉඳල පැනල ඇවිල්ල මෙතන වැඩ දන එක්කෙනෙක්. (අ)
හරි එකාට ගහන්න බැහැ අපේ පොලිසියට. නිතරම අහිංසකයෙකුට තමයි ගැහුවොත්, චණ්ඩින්ට බයයි මේ කොන්ද පන නැති පොලිසිය. මේක ඇත්ත. (අ)
පවු අහිංසක මනුෂ්‍යයෙක් (අ)
අහිංසකයෙකුට ගහල . ඒ පාර (අ)
මේ පොලිසිය අයට මොළයක් ඇත්තේම නැද්ද, අවි ගත්තෝ දියා බලාන ඉන්නවා අහිංසකයන්ට තඩි බානවා (අ)
ලංකාවේ පොලිසිය දක්ෂ මේ වගේ අහිංසකයන්ගේ ඔලුව පලන්න තමයි. (දී)
බන්දුල පෙරේරා වගේම තමයි පොලිසිසේ වැඩත් කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර තමයි දෙන්නේ.(දී)
නිකරුනේ පොලිස් නිලධාරී හට දොස් කියන එකේ තේරුමක් නැහැ. එක එක නිලධාරියට ඕන ලෙස ඔවුන්ට ක්‍රියා කරන්නත් බැහැනේ. ඉහලින් එන අණ තමයි මේ අය ක්‍රියාත්මක කරන්න ඕන.ඉතින් එදා හම්බන්තොට, මත්තලදී ලැබුන අණ ඔවුන් ඒ විදිහට ක්‍රියාත්මක කලා. මෙතැනදී ලැබුන අණ පොලිසිය මේ විදිහට ක්‍රියාත්මක කලා. දැන් තේරෙනවනේ ඔය සර්ව සාධාරණ අණ දීම සිදු කරන්නේ කවුරුන්ද, කොතනින්ද කියල. (දී)
චමිල......බුරු ගැහුවත් එකයි..බුරු පොලේ හිටියත් එකයි.වැඩ ඇරිලා ගෙදර යන්න ආවනම් මොන දේකටද මේ වසවර්තියෝ අස්සේ රිංගන්න ගියේ..මාධ්‍ය සාකච්චාවක් ගන්න වෙන්න ඇති.දෙනෝ දාහක් ඉන්න සෙනගේ මේ මනුස්සය විතරක් ගුටි කෑවේ මොකද කියල හිතෙන්නේ නැද්ද...රෝය් මහත්තය කියන්නේ දහස් ගානක් යන එන දුම්රිය මාර්ග මෙයාලට වහගෙන ඕන දෙයක් කර ගන්න දීල මගී ජනතාවයි පොලිසියයි අනේ අපොයි අහිංසකයෝ කියල බලාගෙන ඉන්න වෙන්න ඇති..මම කිව්වේ සිල්බර කොටන් අදින්න නෙමෙයි රෝය් මහත්තයෝ.,මොකටද පොලිසිය එනකම් හිටියේ අම්බානක නෙලන් නැතුව කියල එකෙක් දෙන්නෙක්ගේ හතර හන්දි කැඩෙන්න ,තමන්ගේ ප්‍රශ්න විසදගන්න අනෙක් මිනිස්සු ප්‍රාණ ඇපේට ගන්න හදන අම්බරුවන්ට. (දී)
තෝරු මෝරු හැප්පෙන අස්සේ හල්මැස්සෝ ගියහම ඔහොම තමයි! (අ)
ඇත්තටම මෙයාලව පොලිසියට ගත්තේ කව්ද? (දී)
මේ අහින්සකයටත් පත බාල තියෙන්නේ සෙල්ලම් තුවක්කුවකින් වෙන්ට නේද බන්දුල?(දී)
මම දැක්ක ඉබ්බෙක් අහසින් වැටිලා කියලා.බන්දුල ඔයා ඒකට අදහස් දාන්න.ඔයාගේ දැනුමේ හැටියට ඒක වැදගත්. ඔයා හිතන්නේ එයා ඔයාගේ පැත්තේද අනිත් පැත්තේද?? (ස)
මේවා සෙල්ලම් ලේ වෙන්න ඇති (දී)
අනේ බන්දුල තුමෝ ඔබතුමාට බැරිද වෙනම බන්දුල තීරුව කියලා පත්තරෙන් ඉඩක් ලබා ගන්න. නැතිනම් අපට වෙන්නේ පළ වූ පුවත වෙනුවට මෙතන ඔබේ දේශපාලන දර්ශනය විමර්ශනය කර කර ඉන්න. (ස)
මෙය පොලිසිය දැනුවත්ව කරන දෙයක්ද? (දී)
ඔන්න අපිට තියෙන අයිතිවාසිකම් ....දැක්ක නේද ෆොටෝ වලින් ....අනේ මන්දන්නේ නැහැ ...ලංකාවේ පොලිසියේ අයට රාජකාරියට ප්‍රථම මහා ජනතාවගේ අයිතිවාසිකම් රකින හැටි කියල දෙන්නම වෙනවා ...ලංකාදීපේ එසැන පුවත් පලකරන අයට ගොඩක් තුති මේ කරන සේවයට ..... (දී)
දැන් ලංකාවේ මිනිස්සුන්ට පොලිසිය කියන ආයතනය විහිළුවක් වග වෙලා (දී)
බන්දුල පෙරේරාට මොලේ මද කියමුකෝ.පොලිසිය මේ කරන්නේ මොන දෙකයි පහේ වැඩක්ද.දේශපාලුවන්ට හැංගෙනවා අහිංසයන්ට තඩි බානවා.මේකේ ඇත්ත හොයා ගෙන පොලිසියට නිතිය අලුතෙන් කියලා දෙන්න ඕනේ.නැතිනම් හැමදාම තැලෙන්නේ අහිංසකයෝ විතරයි. (දී)
මන් හිතන්නේ දැන් පොලිසිය තියෙන්නේ මහජන ආරක්ෂාව පිණිස නොවේ. ඉහල බලධාරීන්ගේ ඕනා එපාකම් ඉටු කරන්න (දී)
මම නම් මේ බන්දුල කොල්ලට විරුද්දව කිසිම දෙයක් කියන්නේ නැහැ ඒ වෙනුවට මගේ චීත්ත රෙද්ද එවනවා ඇදගෙන නටන්න (දී)
බන්දුල අමතුම කතා තමයි කියන්නේ. දෙපැත්ත කතාකරන්න. එකම මතයේ ඉන්න එපා. රජය වැරදි අවස්ථාවලදී එය වැරදියි කියන්නත් පුරුදු වන්න.(නදී)
දැන් හැමෝම බලන්නේ මේ වෙච්ච වැඩේ එක එක්කෙනාගේ ගිණුම් වලට බැර කරලා තමන්ගේ ලකුණු දාගන්න (දී)
බන්දුලට මන් ගානේ අමුඩයක් ඔන්න ....... විලි වහ ගන්න (දී)
අනේ මන්දා බන්දුල පරේරා මේ තරම් කුණු කතා අහන්නේ මොකටද කියලා? (දී)
ඔව් හංසිකා,බන්දු කඩේම ගිහින් ඇදුනුත් නැතිව ඇති මයෙත් හිතේ.ඒ මදිවට තෝන්තු ගතියෙන් දොඩව, දොඩවා,මේක පුරා නටනවා ඉවරයක් නෑ. (දී)
හැම සිදුවිමකදීම රජයට ඇගිල්ල දික් කරලා චෝදනා කරලා වගකීම රජය පිට පටවල තමන්ගේ පපු තුල කකැරෙන දේශපාලන අසහනය යම්තරමකින් හෝ දුරු කර ගන්න හදන මේ මහත්තුරුන්ගේ ආණ්ඩුවක් ආපු දවසට පාරවල් වාහගෙන උද්ගෝෂණ කරන්න අට්ටාල ගහ ගන්න පාරවල් රේල් පාරවල් උද්ගොෂකයින්ටම ලියල දෙවි.ස්ථිර කරන්න කියපු ගමන් ආයතනයේ ඉඩ කඩ පුරප්පාඩු සම්පත් ,වැය ශිර්ෂ බලන්නේ නැතුව ඕන එකෙක්ව ඕන රැකියාවක ස්ථිර කරාවි.පොලිසි වහල දමාවි.විපක්ෂයට අබු දරුවන්ට වගේ ආදරෙන් සලකාවි. අනේ යන්න මහත්තුරුනේ යන්න..ඉන්ටෙර්නෙට් එකේ ඉන්න චමිලලා නාමල්ල වගේ මුණු පොතේ මල්ලිලට නංගිලට ඔය බයිලා කියන්න.අපිනම් රොෂාන් ප්‍රනාන්දුල ,සත්‍යල කුසුමල හැරෙනකොට දන්නව බෙල්ල කඩාගන්න දගලන්නේ පොල් පැලේ කන්න කියල.ලනුවත් හයියයි..පැලෙත් දුර වැඩි ..අපි ඉතින් මොනවා කරන්නද?බෙල්ල කඩාගන්න අරිනවා මිසක්. (දී)
බන්දුල පෙරේරා කියන කතාවේ ඇත්තක් තියෙන බව තේරෙන කෙනෙක් නැද්ද ? වැඩ ඇරිලා ආපු කෙනා මොකද මැරයෝ අස්සට ගියේ ? එකනේ වැරදිලා ගුටි කෑවේ. එහෙම යන අයට හොඳ පාඩම්. වෙඩි වැදුන නම් නිකම් මැරෙනවා. අපරාදේ දරු පවුලක් අනාථ වෙනවා . (ස)
මංජුල මහත්තය පටලවාගෙන.මම දකින දේ අනෙක් අය දකින්න ඕනෑ කියලා මම කියන්නේ නැහැ.මම කියන්නේ මට පෙනෙන දේ අනුව මගේ මතය.ඔබතුමා ඔය කියන දේවල් නොදන්නා බබ්බු මේ රටේ නැහැ.අනුන් ගැන හොයන්නේ නැතුව තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න.උද්ගෝෂණ කරන්න අයිතියක් තියෙනවා තමන්ට වන අසාධාරණයකට විරුද්ධව ඕනෑ කෙනෙකුට.නමුත් කාටවත් ඒකෙන් තවත් කෙනෙකුව හිරිහැරයකට ලක් කරන්න අයිතියක් නැහැ.ප්‍රේමදාස මහත්තයා මේ යථාර්තය වෙනස් කළ හැටි ඔබතුමා දන්නේ නැතුව ඇති සමහර විට.අවුරුදු දෙක තුනකට කලින් තිබුණු අතීතය මතක නැති කට්ටිය කොහොමද ප්‍රේමදාස මහත්තයාගේ යථාර්තය දන්නේ? (නි)
බන්දුල පෙරේරා, ඔබ එකක් හොඳින් මතක තබා ගන්න. පවකට හෝ පිනකට ලංකාවේ ඉන්න දහ ජරා දේශපාලකයින්ගේ අත පල්ලෙන් වැටෙන ජරාව බුදිමින් ජීවිකාව රැක ගන්න මට නම් සිදුවෙලා නැහැ. අනික මෙහි අදහස් දමන බොහෝ දෙනෙකු ඔබ මෙන් දේශපාලන උම්මන්ත භාවයකින් පෙලෙන්නෙත් නැහැ. බුද්ධිමත් ලාංකිකයන් නිතර පාර්ථනා කරන්නේ, සැමට සාමයෙන් සමගියෙන් ජීවත්වීමට හා සැමට නිතිය නිසි ලෙස ක්‍රියාත්මක වන රටක් දැකීම පමණයි. රටේම ජනතාවගේ ආශීර්වාදයෙන් ලබාගත් බලය කුරිරු ලෙසත් සැහැසි ලෙසත් ක්‍රියාවේ යොදවනවා නම්, පක්ෂ විපක්ෂ කොයි කා හටත් ජනතාවගේම ඒ සාපයෙන් මිදීමට නොහැකි වනු ඇති බව අවබෝධ කර ගන්න. මනුෂ්‍යයින් හට කටක් තිබෙන්නේ කතාකරන්න මිස බුරන්න නම් නෙමේ බන්දුල. (නදී)
කොහොම හරි අහිංසකයෙක් ගුටි කෑවා.(නදී)
කරන උද්ඝෝෂණයක් කරන එකයි ඇත්තේ වෙන තැනකට ගිහිල්ලා. දුම්රිය මාර්ගය අහුරාගෙන සාමාන්‍ය මගී ජනතාවට හිරිහැර වෙන විදියට හැසිරෙන එක හරි කියලද මේ මහත්තුරු කියන්නේ. මමත් සම්පුර්ණයෙන්ම බන්දුල පෙරේරා එක්ක එකගයි.(නදී)
බන්දුල පෙරේරා කියන විදිහට කවුරුත් බෙල්ල කඩා ගන්නේ නැහැ. ආණ්ඩු කියන ඒවා පෙරලෙනවා. ඔහොම තමයි ඔක්කොමල හිතුවේ දැක්කනේ වෙච්ච දේවල් පහුගිය කාලේ ලෝකේ සහ ලංකාවේ. (ප්‍රේම දාස ජනාදි පති හිතුවෙත් එහෙම තමයි). වර්තමානයේ ලංකාවේ වෙන සිදුවීම් බලන්න. හැම දේටම පොලිසියයි හමුදාවයි යොදා ගෙන ප්‍රස්න විසදන්න හදනවා. ඕවට විරුද්දව මිනිස්සු නැගී සිටිනවා ඒක වලක්වන්න බැහැ.(නදී)
මෙයා වැඩ ඇරිලා යන කෙනෙක්ද කියලා දන්නේ කොහොමද? (නදී)
පාලකයන් මේවා සොයා බැලිය යුතුයි.(නදී)
අර රුපියල් 2500න් ජීවත් වෙන කතාව කීවෙත් මෙයාද? (නදී)
හිතවත් මහත්මියනි මහත්මයාණෙනි, අපේ රටේ පොලිසියේ අය ගේ ඇඳුම මොන පාටද.? මුලින්ම පොලිසියට හොඳ ඇඳුමක් දිය යුතුයි. පාසල් ගිය අය හොඳ උගත් අය මනුෂත්වයට ගරු කරන හොඳ අවංක මහත්වරුන් පොලිසියට බඳවාගත යුතුයි. ඉස්කෝලේ නොගිය, හොර පොල් කඩපු, මිනිස්සුන්ව මිරිස් ගෝනියේ දාලා වදදීපු මොලේ අමාරුකාර හොරු ටික වහාම පොලිසියෙන් පැන්නිය යුතුයි. එතකොට අපේ රටෙත් හොඳ වැදගත් මිනිසුන් සිටින පොලිසියක් ඉබේම පහලවෙයි.(නදී)
බන්දුල පෙරේරා අමුතුම අයෙකි. බොරුවට ආණ්ඩුවට කහිණ මොහු සැබෑවටම ආණ්ඩු විරෝදිකයෙකුද සැක සහිතයි.(නදී)
වැඩ ඇරිලා සාමාන්‍යයෙන් යන එන පාර තියෙන්නේ මේ කලබගෑනිය වුන ප්‍රදේශයෙන් නම් මේ මනුස්සයා ගෙදර යන්නේ උඩින් ද ? මැර කම් චන්ඩි කම්, සාධාරනීකරණය කරන්න සමහරු හරි කැමතියි . බන්දුල පෙරේරා මහත්තයෝ ඔබ සවස වැඩ ඇරිලා ගෙදර යනකොට රණ්ඩුවක් අස්සට මැදිවෙලා ඔලුවට පොලු පහරක් වැදුනොත් කාවද ඉස්සෙලාම මතක් කර ගන්නේ ? මීට වඩා යමක් නොකියමි. (නදී)
බන්දුල මහත්තයෝ මෙතන අදහස් දාන කිසිම කෙනෙකුට දේශපාලන අසහනයක් නැහැ . තියන එකම අසහනය මෙවන් රටක පෙර කල ආශ්චර්යමත් පින් දහම් ආනුභාවයෙන් උපත ලබා , උදේ හවස පුරවැසියන් හැටියට මෙවන් මන බඳිනා දසුන් නැරඹීමට ලැබීම !(නදී)
බන්දුල පෙරේරා ලංකාවේ පොලොවේ පය ගහල ඉන්නවා කියල පැහැදිලියි ලංකාවේ ආණ්ඩුවේ රස්සාවක් කරන වැඩ නොකර නිකන් පඩිගන්න හෝ ආණ්ඩුවේ කොන්ත්‍රාත් අරන් කරන හෝ දෙසපලක්නයෙක් ළඟ වැඩ කරන කෙනෙක් බව පේනවා.ලෝකේ සදාරණය ඉටු කරන ආණ්ඩු ඔයාගේ ජිවිත කාලයට ඔයා නොදැක්කට ලෝකේ තියනවා මම ඇතුළු ඉහතින් අදහස් දල තියන අය ඉන්නේ ඒවගේ රටවල් වල, එකයි අපිට අපේ රට ගැන කණගාටු ,ඔයත් පිටරට හිටිය කියල තියනවා ඒ රටින් ඔයාව එලෙවන්න ඇති එකයි පිටරවල ඉන්න අය එක්ක තරහ,සුදත් කියල තියෙනවා වගේ ඔයා ඉන්නේ මඩේ ,පිටරට වල ප්‍රජාතන්තරය දන්නෙම නැහැ වගේ.ඔයාට ප්‍රති උත්තර ලියන්න එපා කියලත් ඉහතින් අදහස් දාල තියනවා.ඔයාල වගේ අන්තවාදීව හිතන අය නිසා තමයි ලංකාව ගොඩගන්න බැරි. (අ)
බන්දුල පෙරේරා මහතා කියන්න බලන්න දැන් මේ පොලිසියෙන් ගුටි කාපු මගියා පැමිණිලි කරන්න ඕන විපක්ෂනායක තුමාට ද, බැන්කි මුන් ට ද, ඩේවිඩ් කැමරන් ට ද පිල්ලේ නෝනා ට ද එහෙම නැති නම් ඔබ තුමා ට ද ? ඔබ තුමා කියන හැටියට මේක ආණ්ඩුවටවත් පොලිසියට වත් අදාළ දෙයක් නෙවෙයි නේ. දන්නේ නැති හින්දයි මම මේ අහන්නේ. (නදී)
නඩුත් හාමුදුරුවන්ගේ ,බඩුත් හාමුදුරුවන්ගේ කිව්වේ නිකමට නෙවෙයි. (නදී)
බන්දුල සහෝදරයා, ඔබේ ඔය ලෙඩා මලත් බද සුද්දයි තියරිය තමයි දැන් හැමතැනම පේන්න තියෙන්නේ. ඔහොම යන්කෝ. .(නදී)
ලෙඩා මලත් බඩ සුද්දයි කියලා අපුරුවට පොලිසියෙන් ප්‍රශ්නය විසඳලා තියනවානේ.(නදී)
මංජුල අබුඩාබි ඔයාගේ අදහස හොදයි,නමුත් බන්දුල පෙරේරා වගේ කෙනෙකුට ලියල වැඩක් නැහැ. (දී)
අම්මේ කෝච්චිය පරක්කු වෙලාද? (නදී)
මෙතන ප්‍රතිචාර දාන අය ට්‍රේන් වල යන අය නෙවේ වගේ. නැත්තන් පොලවේ පය ගහල නැහැ. වැඩ කරලා ගෙදර යන්න බැරුව මිනිස්සු විඳපු දුක මම ඇස් දෙකට දැක්කා. ගහන්න තිබ්බේ ඕක කරපු ඔක්කොටොම මාසයක් හොස්පිටල් ඉන්න. අන්තිම බස් එක මිස් උන කී දෙනෙක් ඇතිද ඕක හින්දා. කී දෙනෙක්ගේ වැඩ අවුල් වෙන්න ඇතිද. (නදී)
බන්දුල පෙරේරා සහ සමහර රජයේ ජනමාධ්‍ය අතර වෙනසක් නැහැ. ඔබතුමා විතරක් නෙමෙයි මමත් ප්‍රේමදාස ආණ්ඩුව කාලයේ ජිවත් උනා වගේම සමහර අපහසුතාවයන්ටත් මුහුණ දුන්න (සමහර දේශපාලනික කාරනා නිසා ) ඒ වගේම දැනට අවුරුදු දෙක තුනක රටේ තිබුණු තත්වය ගැනත් මට හොඳට අවබෝධයක් තියෙනවා මොකද මම රට හිටියට පොලවේ පයගහලා ජීවත්වෙන මිනිහෙක් නිසා. ඒ වගේම වෘතිය සමිති සහ උද්ගෝෂණ අයිතිය පිළිබඳවත් අවබෝධයක් තියෙනවා මමත් රාජ්‍ය සංස්ථාවක වසර විස්සකට ආසන්න කාලයක් සේවය කරලා තියෙන නිසා. නමුත් ඔබතුමා ඔබතුමාගෙම තර්ක බිඳ ගන්නවා හරියට වල්ගේ පාගාගෙන දඟලනවා වගේ. එකතැනක ඔබතුමා කියනවා උද්ගෝෂණය කරපු උන්ගේ අඬු කඩන්න ගහන්න ඕන කියල ඊට පස්සේ කියනවා උද්ගෝෂණය කරන්න අයිතියක් තියෙනවා කියලා. ඔය කාරණේ ම තමයි මහත්තයෝ මමත් පැහැදිලි කරේ උද්ගෝෂණය කරන්න අයිතියක් තියෙන්න ඕන නමුත් පොලිසි යොදවලා මර්දනය කරන්නේ අර මම කලින් කිවුව කාරණේ සිද්දවෙන නිසා පාලකයෝ කැමති සේවකයා හැමදාම සුවච කීකරු බලු පැටවූ වෙන තරමට හරියට ඔබ වගේ. එහෙම සුළු තරයකුත් ඉන්නවා ඔය උද්ගෝෂණය කරලා තියෙන්නෙත් අන්න එහෙම හිටපු පාලක පක්ෂයේ හවුල් කාර වෘත්තීය සමිතියක් පත්තරේ වාර්තා වුන විධියට. ඔබ තුමා අවුරුදු දෙකතුනක අතීතය කියලා කියන්න යන කාරණේ මට තේරෙනවා නමුත් එහෙමයි කියලා මිනිස්සුන්ට වෘත්තිකයන්ට තියෙන අයිතීන් කප්පදුකරන්න මර්දනය දියත් කරන එක වැරදියි. (අ)
වැඩ වර්ජන කළ හැක්කේ සාමාන්‍ය ජනතාවට කරදරයක් නොවන ආකාරයෙන් නව නීති පනවන්න ඕනේ. පොදු දේපළට හානි කරන සහ ජනතාවට කරදර කරන අයගේ රැකියා අහිමි කළ යුතුයි (අ)
සත්‍යගෙ අදසට මමත් එකඟයි (අ)
අහිංසක ජනතාව තලා පෙළා දමන්න දවසකට දෙකකට සැරයක් මොනවා හරි තියෙනවා (අ)
අනේ මිනිසුනේ ඔය බන්දුල පෙරේරා කියන මෝඩ අදහස් වලට උත්තර දෙන්න ඔබලාට ලැජ්ජාවක් නැද්ද? (අ)
වැඩ වර්ජන උද්ඝෝෂණ නැති තැනක් ඇත්තෙම නැහැ (අ)
කට්ටිය ධනවාදී රටවල් වල සුද්දන්ට කඹුර කඹුර ඒ රටවල් වගේ අපේ රටේ නැත්තේ මොකද අහනවා.තුන්වන ලෝකේ දුප්පත් රටකයි ධනවාදී රටකයි තියෙන වෙනස වටහ ගන්න බැරි ,සමාජ මට්ටම් වටහාගන්න බැරි පාලන වල වෙනස් කම් වටහ ගන්න බැරි ඒ වෙනස්කම් නැති කරන්න බැරි හේතු වටහාගන්න බැරි රොෂාන්ල වගේ කළු සුද්දෝ තමයි මේ අදහස් දාන බහුතරයේ ඉන්නේ.අවහිර ඉවත් කරලා උද්ගොෂකයින් පලවා හැරලා අතරමන් වුනු දහස් ගානක් මගී ජනතාවට ගෙවල් වලට යන්න ඉඩ සලසල දීපු පොලිසියට ස්තුති කරනවා වෙනුවට උද්ගොෂකයෝ අස්සේ රිංගල ඔලු පලාගත්ත මනුස්සයෙක්ව අලෙවි කර කර කට්ටිය මේ දගලන්නේ ඒ මනුස්සයට ආදරේටද,උද්ගොෂකයින්ට ආදරේටද , මගී ජනතාවට ආදරේටද නැත්නම් තමන් දකින හීනෙට ආදරේටද කියල දන්නෝනම් හොදින්ම දන්නවා රොෂාන් මහත්තයෝ..(දී)
ඉවරයක් නැති වර්ජන! (නි)
සෑම්, මෙතන තිබෙන ප්‍රශ්නය, උද්ඝෝෂකයන් වෙනුවට අහළ පහළින් ගිය මිනිස්සු අල්ලාගෙන පොලිසියෙන් තඩිබාපු එක. මේ ගුටිකාපු කෙනාත් දුමිරියේ නැත්නම් බස් එකේ හරි ගෙදර යන්න හිතාගෙන වැඩ ඇරිලා ආපු කෙනෙක්. දැන් ඔබ හොඳ වැඩේ කියන විදියට මේ ගහලා තියෙන්නෙත් උද්ඝෝෂකයෙකුට. එහෙමද? මට පෙනෙන හැටියට උඩින් යන්නේ ඔබයි. (නි)
පොලිසියෙන් මිනිසුන් ඉවත් කිරීම සහ පොලිසියෙන් මිනිසුන්ට තුවාල වෙන්න ගහන එක වෙනස් දේවල්. මෙතන කරලා තියෙන්නේ මොකද්ද කියලා මේ තුවාල වෙලා ඉන්න කෙනා බැලුවම පෙනෙනවා.වැරැද්ද තියෙන්නේ පොලිසිය රාජකාරිය හැමතැනම එකම විදියට නොකරන එකෙයි. (නි)
බන්දුල පෙරේරාව මම දන්නවා.කරුණාකරලා මෙයාගේ අදහස් වලට ප්‍රති උත්තර දෙන්න එපා. මතකද අර ආචාර්යතුමා කලින් අදහස් දැම්මේ.මේ එයා තමයි.නම වෙනස් කරගෙන අදහස් දානවා. (නි)
මේ විදියට වර්ජන තර්ජන කරන්න ගියොත් නම් මම ඉන්න රටේ, එවෙලේම සේවකයන්ට ගෙදර යන්න කියනවා. ලංකාවේ කම්කරු නීතිය තියෙන්නේ සේවකයාගේ වාසියට. ඒ වාසිය සමහරු තමන්ගේ වාසියට හරවාගෙන. පොදු දේපල සහ මහජනයාට සිදුවන අලාභහානි ගැන තැකීමක් නැහැ. මීට වඩා යමක් කිව නොහැක්කේ පිටරට සිටින ලාංකිකයන් ගැන සමහරුන් අප්‍රසාදයෙන් කතා කරන නිසායි. (නි)
දැන් දැන් මොනවා කලත් පොලිසිය බුදි. නමුත් විරුද්ද පක්ෂයේ කෙනෙක් නම් බුර බුරා හපා කනවා. ඕකට කියන්නේ ලංකාවේ ආශ්චර්යය කියලා.(නදී)!
පිස්සු තමයි.(නදී)
මේ පැය දෙක මොකක්ද? ඒ වගේද අර උද්ඝෝෂණය (දී)
ඕනෑම සේවකයෙක් උද්ගෝෂණයක් හරි වෘතීය සමිති ක්‍රියා මාර්ගයක් හරි ගත්තොත් මහජනයා අපහසු තාවයක් පත් වෙනවා තමයි. වෘතිය සමිති ක්‍රියා මාර්ගයක් කියන්නේ "මානව හිමිකමක්" කියන එක ඔය කතා කරන කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි.(නදී)
පමාවට හේතු හොයන කොට පමාවෙලා ගොඩක් වැඩි (දී)
පොලීසිය කවදාවත් ඉදිරිපෙල සිටින නායකයන්ට පහර දෙන්නේ නැහැ. ගහන්නේ මැද හරියේ ඉන්න අහිංසකයන්ට. ඕවා මෙහෙයවන අය ලොකු ලොකු අයගේ සම්බන්ධතා තියෙන අය. අනෙක පොලීසියට ගහන්න තිබුණේ පාර වහපු අයට ස්ටේෂමේ හිටපු අහිංසකයින්ට ගැහැවුවේ මොකද. පාර වහල දුම්රිය නැවැත්වීම නීති විරෝධි වැඩක්නේ උද්ඝෝෂන වර්ජන වැනි දේවලදි ඒවා කරවන නායකන්ව අත්අඩංගුවට ගෙන හිරේ දාන්න ඕනා. (නදී)
ජගත් දැන් මේ ගුටි කාගෙන ලේ පෙරාගෙන ඉන්න කෙනාගේ මානව හිමිකම් ආරක්ෂා වෙලාද ? ආරක්ෂා සහිතව සමාජයේ ජීවත් වීමත් මානව හිමි කමක්. වෘත්තීය සමිති ක්‍රියා මාර්ග කියන්නේ මේ ලෝකේ තියන එකම මානව හිමිකම නෙවෙයි. (නදී)
රුවන් ඔබේ අනුමානය නිවැරදි වෙන්න පුළුවන්. මේ මහතා ප්‍රකාශ කරන්නේ මේ කියවන අයට මොලේ කොලොප්පම් හැදෙන දේවල්නේ. (නදී)
මෙතන කියවෙන්නේ නැති එක වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒක තමයි ඉතාමත්ම වැදගත් එනම් මෙම වෘත්තිය සමිතිය නම් රජයට සම්බන්ද ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය. මේ සම්බන්දයෙන් නායකයන්ට දඬුවම් කරන්න ඕන නම් කරුණාකර කව්ද කියල සොයල බලන්න මේකේ නායකයා. ඉස්සර නම් හිටියේ මව්ලානා මහත්මයා. දැන් එතුමා ගවනර් කෙනෙක් නේ. (නදී)
උස් තැන් දෙක හැකිලෙන්නේ මිටි තැන් දැක පුම්බන්නේ. නිවටුන් බව සිතමින්නේ.(නදී)
මේ දේශපාලනයට අපි ඉත්තෝ වෙලා එකිනෙකාට කොටා ගන්නවා.(නදී)
සේවය ස්ථිර කිරීමට බල කරමින් ජන ජීවිතය අඩාල වන අයුරින් කටයුතු කිරීම අනුමත නොකරමි. නමුත්, මට තිබෙන ප්‍රශ්නය පිස්තෝල අරගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහර දෙනකොට දෑත් බැඳගෙන නොදැක්කා සේ සිටිය පොලිසිය මෙම අවස්ථාවේ ක්‍රියා කල අයුරුයි. කැරලි මර්දනය කරන ක්‍රමය සැමට පොදු විය යුතුය. එක තැනක එක විදියකටත් තවත් තැනක තවත් විදියකටත් ක්‍රියාත්මක නොවිය යුතුය. කැරලි මර්දන පොලිසියට කඳුළු ගෑස් නැතිද? නැත්නම්, එය භාවිතා කිරීමට අකමැතිද? (නදී)
පේනව නේද තිරිසන් විදියට ගහලා තියෙන හැටි.(නදී)