
(නිමල කොඩිතුවක්කු)
දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට තනතුරු පුරප්පාඩු අට දහසකට අධික ප්‍රමාණයක් පවතින බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය ප්‍රකාශ කරයි.
එම ප්‍රමාණයට අමතරව වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත විශ්‍රාම යන සේවක සංඛ්‍යාව සහ රා. ප. ච 19/2022 සහ 2022.09.14 දිනැති චක්‍රලේඛයේ අනුව දෙසැම්බර් 31 වන විට තවත් විශාල සේවක පිරිසක් විශ්‍රාම ගැනීමට නියමිත බවත් එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
දුම්රිය මාර්ග, පාලම්, සංඥා සහ දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය මිනිස් ශ්‍රමය නොමැති වීමෙන් දුම්රිය සේවය බරපතළ කඩා වැටීමේ අවදානමක් තිබෙන බවත් ඔහු සඳහන් කළේය.
එමෙන්ම දුම්රිය මාර්ග, පාලම්, සංඥා, ධාවනාගාර කර්මාන්තශාලා ගොඩනැගිලි අංශවල සිදු කරන නඩත්තු කටයුතුවලට අවශ්‍ය ද්‍රව්‍ය සහ උපාංග නොමැති වීමෙන් බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවත් විතානගේ මහතා කීවේය.
මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කර ඇති බවත් නියමිත පටිපාටියන්ට අනුකූලව අදාල බඳවාගැනිම් කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ වැඩ කරන්න වෙනත් ප්‍රයිවෙට් කොම්පැනි එකකට දෙන්න ඕනි. ස්ථිර සේවකයෝ බඳවා ගත්තොත් නිකම් පඩි ගන්න හොරු විතරයි ඉන්නේ.
රජයේ වෙනත් ආයතනවල වැඩිපුර සිටින සේවකයන් දුම්රිය දෙපාර්තමේන්තුව වැනි අලුත් සේවකයන් අවශ්‍ය ස්ථාන වලට අනුයුක්ත කරන්න. පුහුණු කරලා ගන්න කාලයක් යාවි. නමුත් අනාගතයේදී ක්‍රම ක්‍රමයෙන් ප්‍රශ්නෙ විසදෙනවා. පාලකයන් මොකුත්ම නොකර උඩබලාගෙන සිටියොත් දුම්රිය සේවය පමණක් නොවේ මුළු රටම කඩා වැටෙනවා.
සේවකසංගම් කැමති තම තමන්ගේ බලය වැඩිපුර පෙන්වීමටයි. නිසි අධ්‍යනයකින් පසුව තක්ෂණය උපරිමයෙන් භාවිත කොට අවශ්‍ය සේවකයින් බඳවා ගත්තට කම් නැත. උදාහරණ ලෙස දුම්රිය රියදුරන් නියාමකයින් අවශ්‍ය ප්‍රමාණයට බදවා ගෙන තාක්ෂණය හා සම්බන්ධ කර ගැනීමෙන් කාර්යක්ෂම සේවයක් ලබාදිය හැක. එසේ කළවිට අනිකුත් රථවාහන අවම වශයෙන් භාවිත වනු ඇත. එවිට එකිනෙකාගේ සාක්කුවලටත් පොදුවේ රටටත් සෙතක් වේවි.
Privatize this mess
පුරප්පාඩුව ගැන කුමක් කිව හැකිද?
අතිරික්ත සේවක පිරිස් සිටින වෙනත් රජයේ ආයතන වලින් සුදුසු පුද්ගලයන් අනුයුක්ත කරන්න මහා බුද්ධියක් ඕනද?
දුම්රිය වහාම පුද්ගලිකරනය කරන්න. තමන්ගෙ නෑයො දරුවො දාගන්න තමා ඔය හදන්නෙ.
දැනට රාජ්‍ය සේවයේ අතිරික්ත පිරිසක් ඉන්නවා කියනවානේද ඒ අතර ගෝඨාභය රැකියා දුන්නු සුදුසුකම් නැති ලක්ෂයක් ඉන්නවා. ඉතින් මෙම පිරිසෙන් පුරප්පාඩු පුරවන්න ක්‍රමයක් නැද්ද?