දුම්රිය සේවකයින් ඇරඹූ පැය 48 ක වැඩ වර්ජනය හේතුවෙන් අද අලුයම සිට දුම්රිය ධාවනය ඇණහිට තිබේ. කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන වලින් කිසිදු දුම්රියක් ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු කියා සිටියේය.
ගාල්ල දුම්රිය ස්ථානයේ ද සියලුම ප්‍රවේශපත්‍ර කවුළු වසා දමා තිබූ අතර උදෑසන 7.30 වනවිට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර නමයකින් කිසිදු දුම්රියක් ධාවනය වූයේ නැත. සඳුදා උදෑසන කොළඹට රැකියා සඳහා පැමිණෙන මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටි අතර බස් රථ සඳහා විශාල පෝළිම් ද දක්නට ලැබිණි.
දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා කියා සිටියේ වැටුප් විෂමතාවට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා වැඩ වර්ජනය ආරම්භ කළ බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුගත්,සරත්,අස්මිත්,ඔයගොල්ල වැරදියි. මේවා සිද්ධ වෙන්නේ ආණ්ඩුවේ,පාලකයන්ගේ වැරදී කලමනාකරනය නිසා. රජය ටැක්ස් වැඩිකරනකොට සේවකයන්ගේ පඩිත් වැඩි කරන්න ඕනෑ. ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලන්ගේ පඩියෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා. (නි)
සරත් හමුදාවට කෝච්චි එලවන්න උගන්වන්නේ ඔයගේ කවුරුහරි කෙනෙක් ඉන්නව ද...? (නි)
මේ ඔක්කොම පන්නලා අපේ විරුවන්ට දුන්නා නමි හරි මේ වැඩේ. අද දවසට වාහන වලට මට 360 ක් ගියා මුන්ට හොදක් වෙන්න එපා.(නදී)
රාජ්‍ය අංශයත් වෙන වෙනම වර්ජන කිරීමේ තේරුමක් නැහැ. මුළු රාජ්‍ය අංශයමත් සමගම පුද්ගලික අංශයත් එකතු කරගෙන සමස්ත වැඩවරුමක් කලොත් ඔයකියන වැටුප් විශමතා සහ වැඩි වැටුප් සමගම අපේ රටේ සියලුම ජනතාවටම සෙතක් වේවි. එහම නොවුනොත් අපි කාටත් මේ විදවිල්ල හැමදාටමත් කරන්න වේවි . (නි)
දුම්රිය සටනට ජයවේවා! අපිටත් වැඩි පඩි ඕනෑ. (නි)
ලසා, මට ඔබ ගැන දුකයි. ඔබ සැබෑම ශ්‍රී ලාංකිකයෙක්. වෙනත් රටවල් නියමුවන් නැතුව දුම්රිය ධාවනය කරන්නේ තනිකරම ස්ටේෂන් වලින්. කවදාවත් වර්ජන, දුම්රිය ප්‍රමාද වීම් නැහැ. මේ දේවල් තවත් ලොකුවට ගන්න එපා. දුම්රියක් කියන්නේ නිකන්ම පීලි දෙක උඩ යන පෙට්ටි ටිකක් ඇදගෙන යන එකයි. අද කාලේ කරන්න පුළුවන් දේවල් එක්ක ඕකට මහලොකු පුහුණුවක් අවශ නැහැ. වසර 2013 බාගයක්ම ගිහින් නිසා දැන් කාලෙට ගැලපෙන විදිහට හිතන්න (නි)
චාමික ඔබට මට දෙන්න තියන උත්තරේ , අපේ හමුදාව කෝකටත් තෛලය නොවෙන්න පුළුවන්. හැබැයි ඔබලා ඔය කියන ඊනියා ඉස්පිරිතාල මෙඩිකල් සෙන්ටර්ස් වලට යනකන් වේදනාව අඩුකරගන්න ගාගන්න තියන එකම තේ එක විතරයි කියලා මතක තියාගන්න. එහෙම නැතිවුනොත් ඉස්පිරිතාලේ යන්නෙත් නැතුව වේදනාවම විද විද ඉන්න වෙයි. එතකන් ඔය තෙල ගාගන්න. ඔය බලාපොරොත්තු වෙන ඉස්පිරිතාලෙත් ඉන්නේ මෙවැනිම අය නිසා බොහෝ විට ඒකත් ස්ට්‍රයික් කරලා තියෙයි (නි)
දුම්රියේ යන මගීන්ට කාගේ පිහිටද? අපරාදේ සීසන් ටිකට් ගත් අයට? අපරදේ සල්ලි. (නි)
ලංකාවේ දුම්රිය කියල ජාතියක් තියනවද ?අපි දැකලා තියෙන්නේ යකඩ ගොඩවල් ටිකක් විතරයි (නි)
ඔය දුම්රිය වල ගමන් කරන්නෙත් සාමාන්‍ය වැටුපක් ගන්න දුප්පත් ජනතාව බව මතක තියා ගත්තොත් හොදයි (නි)
සිරිපාල, හමුදාවට යුදධ ටැංකි එලවන්න පුරුදු කළේ ඔයාලගේ කවුරුහරිද ? (නි)
දුම්රිය දෙපාර්තමේන්තුවට හැමදාම පාඩුයි. දුවන්නේ මහජන මුදලින්. ඒ අතර වැටුප් විෂමතාවය...? (නි)
අපි දන් හැමදේටම හමුදාව යොදා ගත්තහම හරියනවද ? එතකොට ලංකාවේ ඇතිවෙන්න හමුදා පාලනයක්. එතකොට කට්ටිය කිවුවේ පොන්සේකා මහත්තය අවහම ලංකාව හමුදා පාලනයක් ඇතිවේවි කියලා. දන් එතකොට මොකද වෙලා තියෙන්නේ? අපි හැමදේටම හමුදාව යොදාගන්නවා නම් පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ හමුදාවේ නිලදරින්නේ. (නි)
අවුරුදු ගානක ඉදලා මේ මිනිස්සුන්ව සාකච්ඡා තියලා පාලකයෝ කල් ඉල්ලගෙන රවට්ටනවා. අරගල කරන්නේ නැතුව ඉල්ලීම් දිනා ගන්න බැරි තත්වෙකට රට ඇවිල්ලා තියෙන්නේ. බොරු නාස්තිකාර වියදම් නවත්තලා මිනිස්සුන්ගේ සාදාරන ඉල්ලීම් ඉටු කළා නම් හරි. නැත්තම් සියලු වෘත්තීය සමිති එකතුවෙලා එකවර වර්ජනයකට යා යුතුයි (නි)
මම මේක කියන්න ඕනෑ ලංකාවේ හැමෝටම දැනගන්න. මමත් හමුදාවේ විශ්‍රාම ගිය කෙනෙක්. අපිට ඕනෑම වැඩක් කරන්න පුළුවන්. පුහුණුවක් දුන්නොත් දුම්රිය පදවන්නත් පුළුවන් . කොළඹ 89-90 කාලෙ ට්‍රාන්ස්ෆොමර් ගිනිතියලා බස් ගිනිතියන කාලේ ඒවා වෙනුවට වැඩ කලේ සහ අලුත්වැඩියා කටයුතු කලේ හමුදාවෙන් බව අමතකද? (නි)
සුගත්ගේ අදහස වටිනවා. නමුත් මේකත් කියන්ඩ ඕනෑ. මේවට වග කියන්ඩ ඕනෑ වේදිකාවල විහිලු කතා කියන බලධාරියා. ඔහු ප්‍රශ්න විසදන්නේ නැතුව අපිව අන්දන්න හදනවා (නි).
දුම්රිය සේවය තමයි රටක ප්‍රධාන විය යුත්තේ. මම ඉන්නේ ජපානයේ. මෙහෙ තියෙන ප්‍රධානම ප්‍රවාහන ක්‍රමය දුම්රිය. අපේ ලොක්කෝ මෙහෙ ඇවිත් ගමන් යන්නේ කාර් වල නිසා ඒ මිනිස්සුන් දුම්රිය සේවය ගැන දැකලා නැහැ . ඒක නිසා කිව්වට තේරෙන්නේ නැහැ. දවසක දුම්රියක ගමන් කළහම මොලේ පෑදෙයි. මිනිස්සු වෙලාවට වැඩ කරන්නේ දුම්රිය නිසා. අපේ රටේ හරිම අපිරිසිදු දුම්රිය සේවයක් තාම තියෙන්නේ.දැන්වත් අපි දියුණු වෙන්ඩ ඕනෑ නැද්ද? (නි)
වරුණ ඔයා හරියම හරි. මුලින්ම ඇමතිතුමාව දුම්රියෙ යවන්න ඕනෑ. නැත්නම් මේක කවදාවත් හදන්න බැරිවෙයි. (නි)
මෙයාල ජොබ් එකට එනකොට මේ වැටුපට හා කියනවා. පසුව තමයි අරවා මේවා ඕනෑ කියලා මහජනයා අමාරුවේ දාන්නේ. 88/89 කාලය නැවත ආවොත් හොදයි වගේ (නි)
ඇත්තටම දුම්රිය සේවය ලංකාවේ දුර්වලයි. එයට වගකිව යුත්තේ පාලකයෝ. අද කාලය තුල පඩි වැඩි වීමක් ඉල්ලීම සාදාරනයි. දුම්රිය ගාස්තු ටිකක් වැඩි කොට හොඳ සේවයක් ලබා දී පඩිත් මුළු සේවක ජනතාවටම වැඩි කරන්න. අපේ රටේ දුම්රිය ගමන් සේවයත් අන්තිමයි,කෝච්චිය හරිම අපිරිසිදුයි. කරුණාකර වඩේ වෙළෙන්දන්ව අයින් කරන්න ඕනෑ. (නි)
කෝච්චි වෙලාවට දිවුවෙ නැති වුණාට ස්ට්‍රයික් නම් වෙලාවට කරනවා (නි)
හැමදේටම හමුදාව දාන්න බැහැ. එහෙම අවශ්‍ය නම් අපි ජෙනරල්ගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටවමු. ඔහු අකුරට හොර ,මගඩි නැතුව ආණ්ඩුව කරාවී. (නි)
සරත්: දුම්රිය සේවය අඩාලයි කියන එක පිළිගන්න වෙනවා. ඒත් වැඩ කරන මිනිස්සුන්ට සාදාරනව සලකන්න බැරි එකට හමුදා පාලනයකට යන්න අවශ්‍යයි කියලා පිළිගන්න බෑ. සාදාරන ඉල්ලීම් දිනාගන්න බැරිම තැන කරන වැඩ වර්ජනයකට එහෙම දේවල් අනුමත කරන්න බෑ. කවද හරි ඔයාටත් අසාදාරනයක් වුන දවසක දැනෙයි.(නදී)
ඔයා හරි සුගත්. (නි)
ජතාවට සෙත සැලසීමට පාර්ලිමේන්තු ගිය රාජ්‍ය පාලන පක්ෂ, විපක්ෂ ඇත්තෝ බොරුවට රණ්ඩු කරති.කති.බොති නටති. රජය සේවක පොඩි ඇත්තෝ හිඟ නොකා හිඟාකමින් ,වැඩි පඩි සඳහා වර්ජනය කරත්. ඡන්දය දී රජුන් තනන ජනතාව හැම අතින්ම බැටකතිi (නි)
තමන්ගේ ඉල්ලීම් දිනාගැනීමට මේවා කරන්න වෙලා.කොළඹට මිනිස්සු ගෙනල්ලා දාලා ස්ට්‍රයික් කරනවාට වඩා කොළඹට මිනිස්සු ගෙනත් නොදාම ස්ට්‍රයික් කරපු එක ගොඩක් හොදයි. (නි)
තිස්ස මහත්මයෝ, රටට ආදරේ ඇති මේ ජෙනරාල් හෝ වෙනත් කව්රු හරි ජෙනරාල් කෙනෙක් මේ රටේ පාලනය ගතහොත් රට මෙයට වැඩිය හොඳ වේවි යැයි මම සිතමි. (නි)
ඔන්න සනා, අපේ හමුදාවට වැඩ තියනවා. ඔය පුපිරි තරු වෙන්න ගීත ගයන එකයි එළවලු විකුණන එකයි නවත්වලා අපේ හමුදාවේ කොල්ලන්ට කියලා දුම්රිය ධාවනය කෙරුවොත් නරකද ? මගේ අදහස නම් මුළු දුම්රිය සේවාවම ඔව්න්ට ලබා දෙන්න. ඉතා ඉක්මනින් නැවතිලා තියන සියලුම දුම්රියන් සහ දුම්රිය පාරවල් හැදේවි. දුම්රියේ හොරෙන් යන අයත් නිකන්ම හැදෙයි (නි)
සුගත් හරි (නි)
සරත් හරි, දහස් ගානක් වැඩට යන මිනිස්සු අමාරුවේ. හමුදාවට දුම්රිය පුහුණුව දුන්නනම් වැඩේ හරි. මේගොල්ලෝ මේවගේ වැඩ කරන එක හරිම අසාධාරනයි. අපි තම මේ ඔක්කොටම බදු ගෙවන්නේ. මේවගේ වෙලාවට තමයි මේ රට දල යන්න හිතින්නේ. (ස)
දුම්රිය ධාවනය කරන එක එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒකට හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. (නි)
සරත්, හැමදේකටම විසදුම හමුදාකරණය කිරීම නොවෙයි. හමුදා පාලනයක් නොමැති ලෝකේ කිසිම රටක් සියලුම අත්‍යවශ්‍ය සේවාවන් හමුදාකරණය කරන්නේ නැහැ. අපේ හමුදාව ඉතා දක්ෂ විනයගරුක මානූෂීය හමුදාවක් බව ඇත්තයි. එත් හමුදාව යනු කෝකටත් තෛලයක් නොවෙයි. (නි)
සුගත්,සරත්,ඔබ දෙපලම හරි. දැන් පාර්ලිමේන්තුවට ඇමතිලා යනකොට පාරේ ජනතාව වාහන නැතුව පයින් යන හැටි නොබලා යාවිද? උදේ හවස වැඩ ඇරිලා යන ජනතාව බස්වල එල්ලිලා යනකොට ඇමැතියන්ගේ හදවත් රිදේවිද? ඔවුන් ඒ ජනතාවට උපකාරයක් කරයිද?තව ලගදීම ප්‍රයිවට් බස් ස්ට්‍රයික් එකක් තියෙනවා ,මේවට විසදුම් හමුදාව ලවාවත් අඩුකර ගත්තා නම් හොදයි.හැම පැත්තෙන්ම ජනතාවටයි වදින්නේ! (නි)
තිස්ස මහත්තයෝ, ආන්න බලලා මල්ලෙන් පැන්නා. ඔන්න ඕක කියවා ගන්න බැරුව තමා මමත් හිටියේ. හමුදා තුනේම තිබුන අඩුපාඩු සහ දුර්වල තැන් හොයාගෙන යුද්දේ දිනුවේ එතුමා තමයි. එහෙම නම් එහෙම ආණ්ඩුවක් පිහිටුවමු.ආන්න එහෙම එන්න. (නි)
කවදත් තැලෙන්නේ අපි වගේ දුප්පත් මිනිස්සු තමා (නි)
සරත්, ඔබේ කියමන හරියට හරි.ලංකාව හැදෙන්න ඕනෑ නම් එවන් දේ ක්‍රියාත්මක කළ යුතුයි (නි)
සරත්, නිකන් මෝඩ කතා කියන්න එපා. හැම මිනිහෙකුටම තමාගෙ වෘත්තියේ ගෞරවයක් තියනවා. අවුරුදු ගනන් තමන්ගෙ ඉල්ලීම් ඉල්ල ඉල්ලා ඉන්නවා. හැමදාම වැඩ වර්ජන... කඩා කප්පල් කරනවා. මේවට හරි පරිපාලනයක් තියෙන්න ඕනෑ. එතකොට මේවා බලෙන් ගන්න ඕනෑ වෙන්නෙ නැහැ. තව දෙයක්. දුම්රිය කවදාවත් වෙලාවට දුවාගන්න මේ දෙපාර්තමේන්තුවට බැහැ. (නි)
මේ ඉල්ලීම් සාදාරනයි. කාටත් වඩා විශේෂයෙන් පුද්ගලික අංශයට වැඩි පඩි ඕනෑ. මේකට විසදුමක් අවශ්‍ය නම් දුම්රිය පුද්ගලික අංශයට දෙන්න. එතකොට පඩිත් වැඩි. වැඩත් වැඩියි. (නි)