කොටුව දුම්රිය ස්ථානයේදී පසුගිය 21 වැනිදා කලහකාරී ලෙස හැසිරෙමින් දේපලවලට හානි කළ බව කියන  දුම්රිය ආදේශක සේවකයින් පස් දෙනාගේ සේවය වහාම නතර කැර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු  ජ්‍යෙෂ්ඨ නිලධරයෙක් පැවසීය.

මොවුන් පස් දෙනාම රත්මලාන දුම්රිය කර්මාන්ත ශාලාවේ සේවකයෝ වෙති.කොටුව මහේස්ත්‍රාත් උසාවිය ඔවුහු  ඇප මත මුදා හරිනු  ලැබ සිටිති.