දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් උදෑසන කාර්යාල වෙත එන මගීන් දස දහසක් අද (8) ඉතා අසරණ වුහ.
රඹුක්කන සිට මැදිරි 6 කින් පමණ සමන්විත එක් දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පෙරවරු 8 ට පමණ පැමිණි අතර එය පාසල් සිසුන් ඇතුළු කාර්යාල සේවිකාවන්ගෙන් පිරී ඉතිරී තිබිණි.
පා පුවරුවේ අවසන් පඩිය දක්වා දැඩි අවධානම් සහිතවද මගීහු ගමන් කලහ.
දෙමටගොඩ,මරදාන සහ කොළඹ කොටුව දුම්රිය පොළ වලද දැඩි පොලිස් රැකවරණයක් යොදා තිබිණි.උදැසන 9 වන විට දුම්රිය ස්ථාන වසා දැමිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම හමුදාවේ දරුවන්ට දුම්රිය ධාවන පුහුණුව ලබා දෙමු. (දී)
අපේ රටේ වර්ජන පිලිබඳ මුලික සිද්ධාන්තය තමයි "වැඩියෙන්ම ජනතාවට රිදවන්න පුළුවන් කට්ටිය වැඩිම ඉල්ලීම් ප්‍රමාණය ලබා ගැනීමත් එහෙම බැරි අය 'අනේ අපි වර්ජන කලාට දඬුවම් දෙන්න එපා' කියල ආපහු එන්න අවසර ඉල්ලීමත් ". ප්‍රවාහන සේවා එන්නේ මගේ හිතේ අර වැඩියෙන්ම රිදවන්න පුළුවන් අයගෙන් දෙවැනි තැනට. (අංක එක කවුරුත් දන්නවනේ). ඒ හින්ද අපි ඉතින් දුම්රියපොළේ රස්තියාදු වෙන්න ලෑස්ති වෙමු තව ටිකක්.(නදී)
දුම්රිය සේවකයින්ට පමනක් නොව රටේ සෑම රජයේ සේවකයෙකූටම පඩි වැඩිවිය යුතුයි. ලොකු අයට දෙන වැඩි පඩි, කාර් පර්මිටි වලට යන සල්ලි වලින් ජීවත් වෙන්න බැරි පොඩි අයගේ පඩි වැඩිකල හැකියි (නි)
ඒ දොගොල්ලෝම කරන වැඩෙන් අසරණ වෙන්නේ සීසන් අරන් දුක් විදගෙන කෝච්චියේ යන දුප්පත් අපි තමා. මේ මිනිස්සුන්ව කාලෙක ඉදන් පාලකයන් විසින් රවටන එක තමා කරේ. සාධාරණව හිතලා වැටුප් වැඩි කරන්න ඕනා.(නදී)
ආසියාවේ අස්චාර්ය.(නදී)
ඕක ඉතින් හැමදාම කොට උඩ තමා... (නි)
සියලුම වර්ජකයන් දේශද්‍රෝහීන් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස සලකා වහාම සේවයෙන් පහ කරන්න. නොහැකි නම් දුම්රිය සේවය පෞද්ගලික කරන්න. එතකොට ඔය වර්ජන කරන ටික හොදට වැඩ කරයි. අනික ගොඩක්ම දුම්රියේ වැඩ කරන්නේ වයසක අය. ඔවුන්ව ගෙදර යවා, හොදට පුහුණු වුන තරුණයන් යොදවන්න.(නදී)