(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගනයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන වංචාවක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුඛෝපභෝගී දුම්රිය මැදිරිවල වායු සමීකරන පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සවිකර තිබෙන ඉන්ධන ටැංකිවල මුද්‍රා කඩා රාත්‍රි කාලයේ දී ඉන්ධන ජාවාරමක් සිදු වන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මාලිගාවත්ත දුම්රිය අංගනය වෙත ගොස් සිදු කළ මූලික විමර්ශනවල දී වායු සමීකරන දුම්රිය මැදිරිවලට ඉන්ධන සපයන ටැංකිවල මුද්‍රා කඩා ඉන්ධන සොරා ගැනීමට අමතරව දුම්රියන්වලට ඉන්ධන සැපයීමේදී ප්‍රධාන මීටරය හරහා සිදුකරන අක්‍රමතාවක් සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය කරගැනීමට සමත් වී ඇත.
විශේෂ විමර්ශන කණ්ඩායම දුම්රිය අංගනය වෙත ගොස් ඉන්ධන සපයන ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී එම ස්ථානය පිහිටා තිබෙන දුම්රිය මාර්ග හතෙන්ම දුම්රිය එන්ජින්වලට ඉන්ධන සැපයීමට ( ලයින් හතක් හරහා) හැකි බවත් එම ඉන්ධන සැපයීම සඳහා එකම ප්‍රධාන මීටරයක් ක්‍රියාත්මක වන බවත් අනාවරණය කරගෙන ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
දුම්රියේ ඉන්ධන වංචාවක් ගැන සොයයි
Nimal Tuesday, 01 August 2023 09:25 PM
මෙහෙම දැම්මාම හොරු ටික දැනගන්නවනේ... තමන් පස්සෙන් එනවා කියලා.
කිරිපුතා Wednesday, 02 August 2023 09:21 AM
තව හොයාගෙන ගියා නම් දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ හොර ගුහාවක් වග තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වුණාට පොඩ්ඩ ඇත්නම් වැඩ වරදිනවා. මේවා පෞද්ගලීකරණය කරන එක තමයි හොඳ...!
Hasitha Wednesday, 02 August 2023 04:32 PM
මේ සිරි ලංකාවේ හොරකම, නාස්තිය, දූෂණය නැති තැනක් දැන්නම් හිතන්නවත් බෑ. අපි සල්ලි දීලා ගන්න හැම සේවාවක්ම, හැම බඩුවකින්ම කොටසක් දූෂණ, වංචා වියදම කියලා වෙනම දක්වන්න කියලා මම යෝජනා කරනවා.