මහනුවර සිට කොළඹ කොටුව දක්වා අද (7) පෙරවරුවේ ධාවනය කළ උඩරට මැණිකේ දුම්රියේ මැදිරි කිහිපයක් එඩේරමුල්ල දුම්රිය පොළ ආසන්නයේ දී ගැලවී නතරවීමෙන් පසුව නොගැලවුණු මැදිරි දුම්රිය ඇන්ජිමත් සමග වනවාසල දෙසට ධාවනයවූ බව දුටු දුම්රිය සේවයකයකු දැන්වීම නිසා සිදුවන්නට ගිය අනතුරක් වැළැකී ගියේය. දුම්රියේ ගමන් කළ එම සේවකයා ඒ බව නොදැන්වූයේ නම් ඊළඟට කොළඹට පැමිණීමට නියමිත රජරට රැජින දුම්රිය හා ගැලවුණු මැදිරි ගැටීමෙන් ලොකු අනතුරක් සිදුවන්නට ඉඩ තිබූ බව මගීහු කියති. ගැලවුණු මැදිරි සවි කැරගෙන දුම්රිය පැය භාගයකට පසුව ගමනාන්තය දක්වා ගියේය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරා නිදිද?
මටත් ඔය අත්දෑකීම තියෙනව, ඒ මීට වසර කීපයකට ඉහතදී. එදා ඔහොම උනේ ගෙලිඔය - පේරාදෙණිය අතර. මා ගමන්ගත් පෙට්ටිය අනෙක් පෙට්ටිවලින් වෙන්වී එන්ජිමත් සමග ඉදිරියට ගියා.කාටවත් හානියක් උනේ නෑ. ඒත් මෙවන් සිද්දියක් කඩුගන්නාව පල්ලමේදි සිදු උනානම්?
කඩුගන්නාව පල්ලමෙත් ෆවුසි ගමනාගමන ඇමති වෙලා හිටපු කාලෙ තෙල් ප්‍රවාහනය කළ දුම්රියක් ගැලවිලා තෙල් පිරවූ ටැංකි පීලි පැනල මහත් විනාශයක් උනා.
දුම්රිය පාලකයන්ගෙ දුර්වල කම නම් අපේ රටේ මෙහෙම දුම්රියක යන්නෙ කොහමද ?????