( මහින්ද නිශ්ශංක )
අද ( 17) සිට 19 වැනිදා තෙක් දින තුනක් දුම්රිය 90 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන මාර්ගය, පුත්තලම මාර්ගය, මුහුදුබඩ මාර්ගය, කැලණිවැලි මාර්ගය හා උතුරු මාර්ගය යන දුම්රිය මාර්ගයන්හි උදේ සවස ධාවනය වන දුම්රිය මෙසේ අවලංගු කර ඇත.
රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අද ( 17) සිට දින තුනක් නිවාඩු ලෙස රජය මගින් ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව මෙම දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙකෙ දෙපැත්තක් තියෙනවා. දැන් බස්වල සෙනග පිරුණොත් මොකද කරන්නේ? දුම්රියට නැගිය හැක්කේ ස්ටෙෂන් වලින් පමණයි. මගින් නංවා ගැනීමට පෙර ඔවුන්ට අත සෝදා ගැනීමෙ ක්‍රමයක් ඇතිකිරීම පහසුයි. නිකුත් කරන ටිකත් සංඛ්‍යාව සීමා කළහැකියි. ගල් යුගයේ ක්‍රම අතහැර ඉලෙක්ටෝනික් බුකින් වගේ දෙයක් වැඩිදියුණු කිරීමට මෙම දෙපාර්තමෙන්තුවට නුවණ පහළ වෙවා..
පුද්ගලික අංශයේ සේවකයෝ වැඩට යන්නේ අහසෙන්ද ?