ආහාර වර්ජනයේ නියුතු බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු ඉරිදා (08) රෝගාතුර වී බන්ධනාගාර රෝහල් ගත කළ බව එහි නිලධාරීහු කියති.
මරණීය දණ්ඩනය නියමවී ඇති බෝගම්බර දුම්බර බන්ධනාගාරයේ රැඳවියන් 115 දෙනකු (07) දින ආරම්භ කළ ආහාර වර්ජනය හේතුවෙන් එම තත්ත්වය ඇතිවිය.
ඔවුන් ඉල්ලා සිටින්නේ මරණිය දණ්ඩනය නොදෙන්නේ නම් එම දඩුවම ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් බවට පත් කර විසි අවුරුද්දකින් නිදහස් වීමේ අවස්ථාව ලබා දෙන ලෙසය.
රැදවියන් විසින් ලබා දුන් ලිඛිත ඉල්ලිම පිළිබඳව ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිවරයා හා නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති දැනුම්වත් කරන බවද බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල් පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ මේ වසර ගෙවෙන්නට පෙර ගෙනෙන්න එල්ලුම් ගහ. එතරම්ම ජීවිතයට ආදරෙයි නම් ඇයි කෑම නොකා මැරෙනා බව රඟදක්වන්නේ..? ඒවගේම වැරදි නොකර ඉන්න ඕනෑනේ. කොටින්ම කාටවත් කරදරයක් නොවන සේ ජීවත්වෙන්න ඕනෑ (නි)
අනේ පවු! (නි)