ශ්‍රිමත් අනගාරික ධර්මපාලතුමාගේ 152 වැනි ඡන්ම දින සැමරුම තුන් දිනක් පුරා ඉන්දියාවේ බුද්ධගයාවේ දී පැවැත්විණි.
ලේ දන් දීමේ වැඩසටහනකින් පිංකම ඇරැඹිණි.
පාසල් 15 ක 300 කට අධික ළමයින් අතර ධර්මපාලතුමා ගැන චිත්‍ර, රචනා, භක්ති ගීත තරඟ දෙවැනි දින පැවැත්විණි.
තෙවැනි දිනයේ දි බුද්ධගයාවේ ඓතිහාසික ජය ශ්‍රී මහ බෝධි පරිශ්‍රය දී පෙරහරක් පැවැත්විණි. බුද්ධ පුජාවෙන් පසු අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුව මල් දමින් සැරැසිණි. සාංඝික දානයෙන් පසු ධර්මපාලතුමාගෙන් භාරතයට සිදුවු සේවාව හා අද බුද්ධගයාව ගැන සාකච්ඡාවක් ද පැවැත්විණි.
ජපානයේ ඩෛජෝක්‍යෝ නිකායේ සභාපති ටී.සුගිසාකි මහානායක හිමි ප්‍රධාන ආරාධිත අමුත්තා විය.
මගධ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී. ස්ත්‍යාකිව්, නාලන්දා විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ගෝපා සගරවාල්, ඉන්දියා මහ බෝධි සමාගමේ සභාපති ප්‍රසන්න ජයසුරිය, මහා බෝධි මහා විහාරයේ ලේකම් එන්.ඩොර්පේ, ඉන්දියා මහා බෝධි සමාගමේ මහ ලේකම් මැදවල සුධම්මාලංකාර හිමි ඇතුළු ජාත්‍යන්තර බෞද්ධ රටවල පිරිස මේ සඳහා සහභාගී වුහ.
ඉන්දියා මහා බෝධි සමාගමේ සම ලේකම් , බුද්ධගයා විහාරාධිපති කහටගොල්ලෑවේ මේධංකර හිමියෝ පිංකම සංවිධානය කළහ.

![17_SANJAY_KUMAR_01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/17_SANJAY_KUMAR_011.png)
![17_SANJAY_KUMAR_003[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/17_SANJAY_KUMAR_0031.png)
![17_SANJAY_KUMAR_08[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/17_SANJAY_KUMAR_081.png)
![16-_devotional_song_compatation-_mahabodhi_society-01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/16-_devotional_song_compatation-_mahabodhi_society-011.png)
![17_SANJAY_KUMAR_009[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/17_SANJAY_KUMAR_0091.png)
![GAN_0312[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/GAN_03121.png)
![GAN_0322[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/GAN_03221.png)
![GAN_0391[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/GAN_03911.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉතාම ගරුකරන පුද්ගලයෙක් අනගාරික ධර්මපාලතුමා. එතුමා නොසිටින්න බෞද්ධයන්ට බුදුන් වැඩසිටි කිසිදු ස්ථානයක් දකින්න ලැබෙන්නේ නැහැ. බෞද්ධයෝ බුද්ධගයාව වඳින්න යනවා නම් ධර්මපාලතුමාගේ එහි පිහිටුවා ඇති ප්‍රතිමාවත් වැඳලා එන්න ඕනෑ. ධර්මපාලතුමනි, ඔබට මතු බුදුබව අත්වේවා! (නි)
පින්වතුනි හරිපුදුමයි ! සිංහෙලයින්ගේ ක්‍රියා කාරිකම් , මේ අසහය මිනිසා, මහා ධනවතා, දුරදර්ශි ඥානවන්තයා සිංහෙලයින්ට කිවූවා, සිංහෙලයිනි රාමෙර නොබෝව් ගවමස් නොකව් සහ තව බොහෝදේ, සිංහෙලයෝ එදා මේ උත්තමයාට හොරා කිවුවා , එදා මේ උත්තමයා කියූ දේ අසුවානම් , අද සිංහල ජාතිය සොලවන්නවත් බැහැ . එනිසා අද මේ උත්තමයා සමරන්නෝ ඇදුම් නොඇද එය කරව්. (අ)
ඕව මෙහෙට ගේන්න එපා. අපේ සන්හිඳියාවට බාධා වෙයි! (බ)
සාදු ! සාදු !! සාදු !!! අද මෙතුමා නොහිටින්න අපිට බුද්ධගයාවක් නැහැ.(හේ)
අපිත් සහභාගී වෙනවා.(හේ)
මෙහෙ නම් සැමරුම් පවත්වන්නේ නැති වෙන්න පුළුවන් මන්ද මෙතුමාව යහපාලකයෝ දකින්නේ ජාතිවාදියෙක් ලෙස.(බ)
ධර්මපාලතුමාට වඩා අපේ ජාතියේ ගරුබුහුමනට, රැප් ගායකයෝ සහ නිලියෝ සිටින නිසා වර්තමානයේ සිංහලයෝ එතුමා ගැන ඉන්දියානු ජාතිකයෝ තරම්වත් නොදන්නා පාටයි. (නි)
ධර්මපාලතුමා වෙනුවෙන් මෙහි අදහස් දක්වන මහත්ම මහත්මියනි, ඔබට තුති! (නි)
ධම්පල්තුමනි ඔබ අද සිටියා නම් අපේ රටේ අපි මෙලෙස අසරණ වෙන්නේ නෑ (බ)