අනගාරික ධර්මපාලතුමන්ගේ 149 වෙනි උපන්දිනය සැමරීම සඳහා සමරු දේශනයක්, පරිත්‍යාන ධර්ම දේශනයක් සහ දානමය පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
ධර්මපාලතුමන් විසින් 1926දි ආරම්භ කළ ලන්ඩන් බෞද්ධ විහාරය යුරෝපයේ පළමුවන ථෙරවාද බෞද්ධ විහාරයද වන්නේය.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මෙම පිංකම වාර්ෂිකව පවත්වයි.
එහි වර්තමාන විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් අනුශාසනාව පවත්වමින් ධර්මපාල තුමන් ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවනය උදෙසා ඉටුකළ සේවය පිලිබඳවත් නිර්මල බුදුදහම යුරෝපය සහ ඇමෙරිකාව වෙත හඳුන්වාදෙමින් ගෞතම බුදුරජානන් වහන්සේගේ ධර්මය ලෝක ආගමක් බවට පත්කරලීමට ගන්නාලද දුරදර්ශි ක්‍රියාපිළිවෙත පිළිබඳවත් සිහිපත් කර දුන්හ.
" ධර්මපාල තුමන් ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කරන විට යුරෝපයේ ථෙරවාදී බෞද්ධ විහාරස්ථාන කිසිවක් තිබුනේ නැහැ. ධර්මපාල තුමාගේ දුර දක්නා ඥානය නිසා සිදුකළ එම උතුම් පින්කමෙහි ප්‍රතිඵලයක් වශයෙන් අද එංගලන්තයේ පමණක් ශ්‍රී ලාංකික බෞද්ධ විහාරස්ථාන 20 කටත් වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යනු ලබති.
මෙම විහාරස්ථාන බොහොමයක් ආරම්භකර ඇත්තේ ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ මැදිහත්වීම, මගපෙන්වීම සහ ආශිර්වාදය මත වීමද විශේෂත්වයකි. එමෙන්ම යුරෝපයේ වෙනත් බොහෝ රටවල අද ශ්‍රී ලාංකික, තායිලන්ත, වියට්නාම, කාම්බෝජ සහ බුරුම ථෙරවාද බෞද්ධ විහාරස්ථාන රාශියක්ම ක්‍රියාත්මක වන අතර ඒ මඟින් බුදුදහම පිලිබඳ උනදුවක් ඇති විදෙශිකයින්හට අවශ්‍ය ගුරු උපදෙස් සහ මඟ පෙන්වීම් සපයන අතර දෙශිකයින්ගේ ආගමික අවශ්‍යතාවයන් සඳහා සුවිශාල සේවයක් ඉටුකරනු ලබයි.
ධර්මපාල තුමන් වසර 87කට පෙර රෝපණය කළ මෙම දහම් බීජය අද දස දහස් සන්ක්‍යාවකට නිර්මල ධර්මයේ සිසිල් සෙවන සපයාදෙන දැවැන්ත වෘක්ෂයක් බවට පත්වී ඇත." යනුවෙන්ද උන්වහන්සේ පැවසුහ.
පිරිත් පිංකම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්තානයේ ආචාර්ය හාඳුපැල්පොල මහින්ද නාහිමි,බර්මින්හැම් බෞද්ධ විහාරධිපති විතාරන්දෙණියේ කස්සප නාහිමි, බර්මින්හැම් ජේතවන විහාරාධිපති කැප්පෙටියාගොඩ ගුණවංශ නාහිමි,ලේච්වර්ත් ධම්ම නිකෙතනාධිපති අකුරල සමිත නාහිමි,ප්ලස්ටෝ බෞද්ධවිහාරධිපති ආචාර්ය කබළෑවේ සිරිසුමන නාහිමි ඇතුළු මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහො ගණනක වැඩසිටින මහා සංඝරත්නය වැඩම කළහ.
ධර්මපාල සමරු දේශනය පවත්වන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති ඩෙස්මන්ඩ් බිදල්ෆ් විසිනි.
ධර්මපාල තුමන්හට පින් පමුනුවාලමින් වැඩමකරසිටි මහා සංඝ රත්නය උදෙසා පසුදින හිල්දානය පිරිනැමීමෙන් පින්කමේ වැඩකටයුතු නිමවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසපු වල හාමුදුරුවරුන්ට ආරාධනා කරලා නැද්ද? (නි)
අපිත් මොනවා හරි කළා කියලා හිතන්න ඕනෑ නම් මේවා තමයි වැඩ. (නි)
දර්මපාල උතුමා වෙනුවෙන් මුළු ලෝකයේම සිටින බෞද්ධ ජනතාව විසින් පින්කම් සංවිදානය කලයුතුයි. එතුමා නිසා තමයි අද අපට දඹ දිව දැක බලා වන්දනා කිරීමේ වාසනාව උදාවී තිබෙන්නේ. ලන්ඩනයේ කල මේ පිංකම අගය කලයුතුයි. මා මේ තාක් කල සියලු පින් ධර්මපාල උතුමන් අනුමෝදන් වෙත්වා!(නදී)
ලංකාවේ මල්වතු අස්ගිරි විහාර වලින් වගේම ඉතා විශාල සේවයක් කැපකිරීමක් බෞද්ධ ආගමට හා ජනයාට මේ පන්සලෙනුත් සිදු වනවා වගෙයි පෙනෙන්නේ. (ස)
මේ තමයි බෞද්ධ අනන්‍යතාවය. රටගිය ඇත්තන්ගේ මෙවන් වැඩ අගය කල යුතුයි.සමහරුන්ට මේවා තේරෙන්නේ නැහැ. (ස)