IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


දම්පල් මෙහෙවර ලන්ඩන් සිනමා පටයේ

ථෙරවාද බුදුදහම යුරෝපයේ ප්‍රචලිත කිරීමේ වැදගත්කම පිළිබඳව දුරදක්නා නුවනින් යුතුව සිතාබලා 1926 දී අනගාරික ධර්මපාල තුමන් විසින් ආරම්භකළ ලන්ඩන් බෞද්ධ විහාරයේ වසර 88  දීර්ඝ ඉතිහාසය සහ අද වනවිට ධර්මපාල තුමාගේ අභිප්‍රාය මල්පල ගන්වමින් යුරෝපයේ ප්‍රමුඛතම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇති මෙම උත්තම සිද්ධස්ථානය මඟින් නිර්මල බුදුදහම ප්‍රචලිත කිරීම උදෙසා සිදු කෙරෙනා අනුපමේය සේවය විදහා දැක්වෙන  වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ ධර්මපාල තුමන්ගේ 150 වැනි ජන්ම දිනය වෙනුවෙන් සතියක් පුරා ලන්ඩන් බෞද්ධ විහාරය මඟින් පවත්වන ප්‍රදර්ශනයට සහ සමරු උත්සවයට සමගාමිවය.

ධර්මපාල තුමන් අතින් බුදුසමයේ උන්නතිය උදෙසා සිදුවූ සේවාව සහ ලන්ඩන් බෞද්ධ විහාරයෙන් ඉටුවන සේවය පිළිබඳව එම චිත්‍ර පටයේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක  අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහනා හිමියන්, අනගාරික ධර්මපාල පදනමේ සභාපති නොඑල් විජේනායක, බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති අචාර්ය ඩෙස්මන්ඩ් බිඩල්ෆ් සමඟ පසුගියදා අභාවප්‍රප්තවූ ආචාර්ය ආනන්ද ගුරුගේ විද්වතානන්ද අදහස් දක්වා ඇත.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය මඟින් සංවිධානය කර මෙම මස 13 වන සෙනසුරාදා සිට 21 වන ඉරිදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන "අනගාරික ධර්මපාල 150 වෙනි ජන්මදින සමරු වැඩසටහන"  ධර්මපාලතුමන් සිහිපත් කර පිරිත් දේශනයක්, චායාරුප ප්‍රදර්ශනයක්, දහම් පාසල් දරුදැරියන් අතර රචනා තරඟයක්, ප්‍රසිද්ධ දේශනා සහ චිත්‍රපට ප්‍රදර්ශන වාරයක් සහ සමරු උත්සවයක් ඇතුළත්වෙයි.

මෙම මස 13 වැනි සෙනසුරාදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී සවස 7 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පිරිත් දේශනයක් පැවැත්වෙන අතර පසුදින මහා සංඝයාවහන්සේ උදෙසා හීල් දානය පිරිනැමෙයි.

14 වැනි ඉරිදා සිට 20 වන සෙනසුරාදා දක්වා සෑම දිනයකම  සවස 6 සිට රාත්‍රී 9 දක්වා ධර්මපාල තුමන්ගේ ජිවිත තොරතුරු ඇතුලත් දුර්ලභ ගණයේ ඡායරූප ඇතුලත් ප්‍රදර්ශනයක් ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්මපාල ශාලාවේදී පැවැත්වෙනු ඇත.

මෙම ප්‍රදර්ශනයේ පුර්ණ අනුග්‍රාහකත්වය ලබාදී ඇත්තේ ධර්මපාල තුමන්ගේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කැරුණු ආනන්ද, නාලන්ද, විශාකා, දෙවි බාලිකා, ධර්මරාජ, මහින්ද,සහ මියුසියස් යන ප්‍රධානපෙළේ බෞද්ධ පාසල්වල ලන්ඩන් ආදී ශිෂ්‍ය සංගම්ශාඛා, ලන්ඩනයේ ශ්‍රී ලාංකික නීතිඥ සංගමය  සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම් පාසලේ ගුරුමණ්ඩලය සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් විසිනි.

ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම ධර්මපාල තුමන් පිළිබඳව නිෂ්පාදනය කෙරුණු වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමටත් එතුමන් පිලිබඳ විශේෂ දේශනා පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.

විශේෂ දේශනා පවත්වන ආරාධිත අමුත්තන් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි, මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් වෛද්‍ය ක්‍රිස් නෝනිස්, බ්‍රිතාන්‍යයේ බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ඩෙස්මන් බිඩල්ෆ් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අංශයේ මහාචාර්ය අසංග තිලකරත්න වෙති.

ලන්ඩන් බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ දරුදැරියන් සහභාගිවන ධර්මපාල තුමන් පිලිබඳ රචනා සහ මාධ්‍ය සන්නිවේදන ඉදිරිපත් කිරීම් වැඩසටහනක්ද පැවැත්වෙයි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්, විහාරවාසී මහා සංඝරත්නය, විහාර පාලන කමිටුව සහ ධර්මපාල සමරු උත්සව සංවිධායක කමිටුව දිගුකාලයක් තිස්සේ ඉමහත් වෙහෙසක් දරා සංවිධානය කැරුණු මෙම උතුම් සමරු උළෙලේ පරිසමාප්තිය වන්නේ මෙම මස 21 වන ඉරිදා දහවල් 2 සිට ලන්ඩන් නුවර හැමර්ස්මිත් නගර සභා ශාලාවේදී පැවැත්වෙන අනගාරික ධර්මපාල සමරු උළෙලයි.

 

1.jpgjjj 2.jpgggg 3 4.jpgfddf 7 11.jpgfgfhg 13.jpg'' 500X-99-AD-1926-copyright-Buddhist-Society EXHIBITION 



අදහස් (0)

දම්පල් මෙහෙවර ලන්ඩන් සිනමා පටයේ

රංජිත් විමලරත්න Saturday, 06 September 2014 03:26 AM

ඉතාම වටිනා වැඩසටහනක් (නදී)

:       0       0

නලින්ද Saturday, 06 September 2014 03:49 AM

ඇස්වලට කදුළු උනනවා (නදී)

:       0       0

නිමල් ලලිතා Saturday, 06 September 2014 03:57 AM

සමාවන්න ධර්මපාල තුමනි, දේවමිත්ත හිමියනි. ලන්ඩනය ගැන නම් මම කියන්න දන්නේ නැහැ. නමුත් ලංකාවේ ඔබ නමින් පිහිටුවාගත් සංවිදානවල ලොකු ලොක්කන්ද, මේ රටේ සිංහල කම, බුදු දහම,බොදු අයිතිය රකිනවා වෙනුවට, මේ සිංහල රටයි කියන්නට බෞද්ද රට කියන්නට බිය , සිංහල බොදු අයිතිය අසිංහල ජාතිවදිනට බලය වෙනුවෙන් පාවාදෙන සිංහල නමින් පෙනී සිටින දේශපාලකය්න්ට ගැති කම් කරති. ඔවුන් බලයට පත් කරවීමට උත්සාහ කරති. හරක් මස් කති. ගව ගාතනය තහනම් කරන ලෙසට කෑ ගසමින්, එසේ නොකරන දේශපාලකයන්ට ඡන්දය දෙති. (නදී)

:       0       0

අර්ජුන රණවන Saturday, 06 September 2014 09:20 AM

වඩිනු මැන ලක්දිවට යලි. උදා කරන්නට හෙළ රට. වියැකී ගොස්ය මලගමට යලි නොපිපෙන්නට, නොනැගටින්නට (නදී)

:       0       0

අර්ජුන රණවන Saturday, 06 September 2014 09:50 AM

වඩිනු මන හෙළ දිවයින අවධි කරනන්ට ගිල ඇත පාපතරයන් නැත අන් සරණක් නැත අන් කෙනෙක් ඒ දෙස බලනට (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 777 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1579 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 776 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 1133 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1564 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 680 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1309 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1554 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 402 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site