ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම සමරු දිනය නිමිත්තෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයයේ අසල ධර්මපාල පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (17) උදෑසනදී පැවැත්විණි.
කොළඹ නගරාධිපති ඒ ජේ එම් මුසම්මිල් මහතා ධර්මපාල පිළිරුවට ප්‍රථමයෙන් මල් දමක් පළදවා අචාර පුද කළ අතර බානගල හිමියෝද තිනියාවල පාලිත හිමියෝද සෙසු ආරාධිතයෝද ධර්මපාල පිළිරුවට පුෂ්පෝහාර දැක්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදාගෙන හිටපු සිංහළ බෞද්ධයා අවදිකල ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමානෙණි.ඔබතුමා උපන් රටේ ඉහල තැන්වල ආරක්ෂාව ඇතුව කන්ටේනර් ගනන් කුඩු ගෙන්වා ඔබ තුමාගේ තරුණ දරු පරපුරව සදහටම නිදිකරවා ඇත. ඔබතුමා පිළිකුල් කල සූදුව අද රාජ්‍ය අනුග්‍රහාය ඇතුව මෙරටට වඩම්මවා ඇත. මොලේ කලදක් නැති දේශපාලුවන් හා හෙන්චයියලාගෙන් අතින් ඔබතුමාගේ තරුන දූවරුන් දුෂනය කිරිම්වල සීමාවක් නැත. ඔබතුමාගේ මුදුන් මල්කඩ වු බුදුසසුනේ පැවැත්ම ආරාක්ෂා කරන්න බැදිසිටින මහා සංඝරත්නය වර්තමානයේ එකිනෙකා කුලල් කා ගනිති. වැනසී යන ජාතිය බේරාගන්න වහා වහා නැවත වඩිනු මැන පියාණෙණි.(නදී)
උදේ හවා සිහිකර වැදුම් පිදුම් කළයුතු ශ්‍රේෂ්ඨ විරුවෙකි (නි)
මුසම්මිල් මහතා රටේ සංස්කෘතිය හඳුනාගත් දේශපාලකයෙක් බව පේනවා. ධර්මපාලතුමා බොහෝවිට පහර ගැසුවේ සංස්කෘතික ආක්‍රමණයටයි.(නදී)