එක්සත් ජාතික පක්ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තරග කරන හර්ෂ රාජකරුණා මහතාගේ අධාරාකරුවකු වන හිටපු තැපැල් ස්ථානාධිපති ඕ කේ පියසේන මහතාගේ මරණය පළාත් සභා ඡන්දයේදී සිදු වු පළමු ඝාතනය බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.
අද පස්වරුවේ පැවැත්වීමට නියමිත වු රැස්වීමක පෝස්ටර් අලවමින් සිටියදි එහි පැමිණි සන්ධාන ආධාරකරුවන් අතර සිටි මැරයකු මේ ප්‍රහාරය එල්ල කැර ඇතැයි පොලීසිය කියයි. ඇලවු පෝස්ටර් ගලවන ලෙස හිටපු තැපැල් ස්ථානාධිපතිට බල කැර අතැයි ද ඝාතකයා හඳුනාගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
දොම්පේ ,මිගමුව හා දිවුලපිටියේ සන්ධාන අපේක්ෂකයන් බරපතල ලෙස ඡන්ද නීතී කඩන බවත් පොලිසිය උදාසීන වී සිටින බවත් කැෆේ සංවිධානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයෝ තවමත් සිටින්නේ වනචාරී යුගයේ. රටේ නායකයා මේවාට වග කිව යුතුය.(නදී)
රටේ ආරක්ෂාවට පත්කරන නිලදාරින් හරියට නිතියට වැඩ කල යුතුයි. නිතියක් නැති රටක් හදලා තියෙන්නේ කවුද? (නදී)
පොලිසිය හරිම උනන්දු මිනිස්සු ලෙඩ කරන කර්මාන්ත ශාලා වලට විරුද්දව පෙළපාලි යන අහිංසක මිනිස්සු බිලිබාන්න.(නදී)
මේ අදහස් දක්වල තියෙන කාටවත්ම තේරෙන්නේ නැහැ මෙතැනදී පොලිසිය වැරදි නැහැ කියලා. ඒ අයට අවංකව රාජකාරියක් කරන්න ඉඩ දෙන්නේ නැහැ දේශපාලුවෝ ඇගිලි ගහනවා. ඒ අය කියන විදියට තමයි පොලිසියට වැඩ කරන්න වෙලා තියෙන්නේ.(නදී)
ඒකාදිපතියගේ බලේ. ජිනීවා ගෙනිහින් දඬුවම් කරන්නම ඕනේ.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.(නදී)
කව්රු බලයේ සිටියත් එම බලය රැක ගැනීම සඳහා මැරකම කරන එකට වෙනත් අයට වැඩිය බලය නැතිනම් හැකියාව තියෙනවා.(නදී)
එතකොට විපක්ෂෙ කට්ටියට පෝස්ටර් ගහන්ඩ තහංචිද? ජනාධිපති තුමණි.(නදී)
හැමෝම මෙතන මයිනෝ වගේ කෑගැහුවට වැඩක් නැ එකට ලංකාව තුල බලපෑමක් කරන්න ඕනි.(දිල්)
රටේ මැරකම් වලට මේ ඡන්දෙය්දීවත් පාඩමක් උගන්වමු..මැරයින් වහාම අත්අඩංගුවට ගත යුතුයි (අ).
බලනකොට පොලිසියක් තියාගෙන ඉන්නේ ආණ්ඩුවක ආරක්ෂාවට. ඒක සෑම රටකම පරිපාලනයේ හැටි. (නදී)
ලංකාවේ පොලිසියට සාමාන්‍යයෙන් විපක්ෂ වල වැරදි විතරයි පෙනෙන්නේ .මෙතන අන්තිමට මරුන කෙනයි වැරදි කරු වෙන්නේ.(නදී)