හිටපු මන්ත‍්‍රී හා ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා සහ තවත් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලූත් සාක්කිකරුවන් හත් දෙනකුගේ කටඋත්තර ද සියලූ සැකකරුවන් පිළිබඳ විශ්ලේෂණ වාර්තා ද ලබන 15 වැනි දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියට අද නියෝග කෙළේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ ආරක්ෂක නිලධාරියකු වූ මිරිහාන පොලිසියේ කොස්තාපල් අනුර තුෂාර ද මෙල් ලබන 15 වැනි දින තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට ද නියෝග කැරිණි. අද පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේ දී සැක්කිකරුවෙක් ඔහු හඳුනා ගත්තේය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණ දක්වමින් ප‍්‍රධාන සැකකරුවකු ලෙස මන්ත‍්‍රී දිමින්ද සිල්වා නම් කරන ලෙස ද ඉල්ලා සිටියේය. අත්අඩංගුවට ගැනීමට සොයන දිසානායක මුදියන්සේලාගේ ප‍්‍රියන්ත ජනක බණ්ඩාර නොහෝත් ගලබඩගේ විදේශ ගමන් තහනම් කරන ලෙස ආගමන විගමන පාලකට නියම කරන ලෙස රහස් පොලිසිය කළ ඉල්ලීමට ඉඩ ලැබිණි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හොඳ